Divaina - නවක වධ ගොං ආතල් නවත්වමු

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

නවක වධය පිළිබඳ කතාබහ යළිත් කරලියට පැමිණ ඇත. ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පසුගිය 9 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැත්වූ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ තරුණ සමුළුවේදී පෙන්වා දුන්නේ නවක වධයට බියෙන් වසරකට සිසුන් 2000 ක්  සරසවි නොයන බවයි. මෙය ඉතා නරක තත්ත්වයක් බවත් අනාගතයේදී ඊට කිසිවිටකත් ඉඩදිය නොහැකි බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
 
 අප දන්නා ඉතිහාසයේ නවක වධයට එරෙහිව ඍජුව තම ප‍්‍රතිපත්තිය ප‍්‍රකාශ කළ මුල්ම ජනාධිපතිවරයා ගෝඨාභය විය යුතුය. එනිසාම ඉදිරි කාලයේදී විශ්වවිiාලයෙන් නවක වධය තුරන් කිරීමට නිශ්චිත වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක වනු ඇතැයි අපේක්‍ෂා කළ හැකිය.
 
 නවක වධය නිසා වසරකට සිසුන් 2000 ක්  සරසවි නොයන්නේ නම් එය ජාතික අපරාධයකි. පවතින තරගකාරී විභාග රටාව මැද විශ්වවිiාල ප‍්‍රවේශයට සිසුන් ලක්‍ෂ ගණනක් සුදුසුකම් ලැබුවත් විශ්වවිiාල සඳහා තෝරාගනු ලබනුයේ සීමිත ප‍්‍රමාණයක් පමණි. එම ප‍්‍රමාණය අතරින් 2000 ක් සරසවි නොයෑම රටක් ලෙස අපට සතුටු විය හැකි කාරණයක් නොවේ. එනිසාම විශ්වවිiාලවලින් නවක වධය තුරන් කිරීම සඳහා ජනාධිපතිවරයා ප‍්‍රමුඛ රජය ගන්නා උත්සාහයට විශ්වවිiාල ප‍්‍රජාවගේ උපරිම සහය ලබාදිය යුතුය. විශ්වවිiාලය යනු උන්මත්තක සුළු පිරිසකගේ ගොන් පාට් නිසා අශුද්ධ විය යුතු තැනක් නොවේ.
 
 නවක වධය නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ පළමු සරසවි ශිෂ්‍යාව වූයේ 1975 වර්ෂයේ පේරාදෙනිය සරසවියේ නීති පීඨයේ ඉගෙනුම ලැබූ රූපා රත්නශීලි ශිෂ්‍යාවයි. නවක වධ දුන් පුද්ගලයන් පිරිසගෙන් බේරීම සඳහා විශ්වවිiාලයීය රාමනාදන් ශාලාවේ දෙවැනි මහලින් පැනීම නිසා ඇය ආබාධිත තත්ත්වයට පත්වූවාය. ඒ වන විටත් ඇය කුරිරු ලෙස නවක වධයට ලක්ව සිටි බව පැවසේ. අවසන ඇය දිවි නසා ගන්නේ ද නවක වධයෙහි ප‍්‍රතිඵලයක් වශයෙනි. එසේම 2007 වර්ෂයේදී ජයවර්ධනපුර විශ්වවිiාලයේ කළමනාකරණ පීඨයේ ඉගෙනුම ලැබූ ඕවිටිගල සමන්ත මිය යෑමද නවක වධයෙහි කුරිරු ඉතිහාසය අපට යළි පසක් කර දෙයි. නවක වධකයකු විසින් සමන්ත සිසුවාගේ ඔළුවට පරිගණක මොනිටරයකින් පහරදී ඔහුව ඝාතනය කර තිබිණි. එම අවස්ථාවෙහි එහි සිටි නවක වධ පුද්ගලයන් තුවාල ලබා සිටි සමන්ත සිසුවා රෝහල්ගත කිරීමට ගෙන යෑමට පවා ඉඩ නොදී ප‍්‍රමාද කර ඇත. මෙවැනි සත්තුන්ට විශ්වවිiාලවලින් උපාධි ලබාදීමේ හේතුවක් නැත. ඔවුන්ව යැවිය යුත්තේ පුනරුත්ථාපන කඳවුරුවලටය. පසුගිය
 
 කාලයේදී රුහුණ විශ්වවිiාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකු වන දර්ශන උදයංග විසින් එම විශ්වවිiාල නේවාසිකාගාරවලදී සිදුවන අමානුෂික වධහිංසා පිළිබඳව ජනමාධ්‍යයට තොරතුරු හෙළිදරව් කර තිබිණි.
 
 අප ඉහතින් සඳහන් කළේ විශ්වවිiාලවල නවක වධ සිද්ධීන් කිහිපයක් පමණි. 2018 වර්ෂයේදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දුන් වාර්තා අනුව සඳහන් වන්නේ එම වසර වන විට නවක වධය නිසා සිසුන් 28000 ක් සරසවිය හැර ගොස් ඇති බවයි.
 
 එනිසාම සරසවිය තුළ කි‍්‍රයාත්මක වන නවක වධය නමැති ගොං ආතල් එක නවතා දැමිය යුතුව ඇත. නවක වධයට ලක්වූ ශිෂ්‍යයන් පත්වන මානසික පීඩාව නිසා ඔවුන්ගේ අනාගතය පමණක් නොව රටේ අනාගතයද විනාශ වන බව අප හොඳින් සිහිතබා ගත යුතුය. කලා, විiා සහ වාණිජ ඇතුළු විෂය ධාරාවෙන් සරසවි ශිෂ්‍යයකුට උපාධියක් ලබා ගැනීම සඳහා ලක්‍ෂ ගණනක මුදලක් වැයවේ. මෙම මුදල් කවුරුන් හෝ පරිත්‍යාග නොකරන අතර ඒ සියල්ල වියදම් කරනු ලබනුයේ අප රටේ ජනතාවගේ බදු මුදල්වලිනි. එනිසා විශ්වවිiාල ශිෂ්‍යයා තම රටට ණය ගැත්තකු නොවී යළි පෙරළා අප සමාජයට පිවිසිය යුත්තේ මනා පෞරුෂයක් සහිත විද්වතකු ලෙසිනි. එසේ මනා පෞරුෂයක් සහිත මිනිසුන් බිහිකරන ගමනට විශ්වවිiාල නවක වධය තිබීම බලවත් බාධකයකි. මෙම බාධකය ඉවත් කිරීමට තව දුරටත් ප‍්‍රමාද විය යුතු නැත.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles