Divaina - රට ගොඩනගන්නට මාෆියාවන් පරදවමු

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

රටේ නව ජනාධිපතිවරයා සහ නව රජය පත්ව මේ වන විට සති තුනකට වැඩි කාලයක් ගතවී තිබේ. මේ වන විට නව ජනාධිපතිවරයා රටට නව ආදර්ශ රාශියක් ලබාදී තිබේ.
 
 විදේශ සංචාර සඳහා සීමිත නිලධාරීන් පිරිසක් පමණක් රැුගෙන සාමාන්‍ය මගී පර්යන්තයෙන් ගමන් කළ ජනාධිපතිවරයා මින් ඉදිරියට මැති ඇමැතිවරුන්ටත් ගුවන්තොටුපළට ඇතුළුවීමට හා පිටවීමට සාමාන්‍ය මගී පර්යන්තයම භාවිතා කළ යුතු බවටත් යම් හෙයකින් ප‍්‍රභූ පර්යන්තය භාවිතා කරන්නේ නම් ඒ සඳහා ඩොලර් 1000 ක් ගෙවිය යුතු බවටත් නියෝග කර තිබේ. මෙය ඉතාම යහපත් ප‍්‍රවණතාවයක් වන්නේ සාමාන්‍ය ජනතාව අතර ජනාධිපතිවරයාත් ඇමැතිවරුනුත් ගමන් කරන විට රටේ සාමාන්‍ය ජනතාව එදිනෙදා මුහුණ දෙන ගැටලූ සම්බන්ධයෙන් ඔවුන් තුළ පැහැදිලි චිත‍්‍රයක් මැවෙන බැවිනි.
 
 මේ ආකාරයට ඇමැතිවරුන්ට හා රජයේ ඉහළ නිලධාරීන්ට සාමාන්‍ය ජනතාව මගී ප‍්‍රවාහන සේවාවලදී, රෝහල් සේවා ලබා ගැනීමේදී, වෙළෙඳ පොළේදී මහමගදී මුහුණ දෙන දහසකුත් ගැටලූ සම්බන්ධයෙන් නිසි අවබෝධයක් ලබාදීමට ජනාධිපතිවරයා නිසි වැඩපිළිවෙළක් යෙදිය යුතු බව අපගේ අදහසයි.
 
 සාමාන්‍ය රජයේ රෝහලකට යන සාමාන්‍ය මිනිසකු ඒවායේ සේවකයන් ගෙන් හා වෛද්‍යවරුන්ගෙන් ලැබෙන සේවාව සම්බන්ධයෙන් අදහසක් ලබා ගැනීමට වෙස්වලාගෙන තම කණ්ඩායම් රෝහල්වලට යවන ලෙස අප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නෙමු. කෝටි ගණන් මහජන මුදල් වැය කර රෝහල් සාදා නවීනතම යන්ත‍්‍ර සූත‍්‍ර සවි කළ ද අතිවිශාල වැටුප් ලබන සෞඛ්‍ය අංශයේ සේවක සේවිකාවෝ මහජනතාව කොතරම් අපහසුවට පත් කරන්නේදැයි එවිට බලා ගත හැක. රජයේ රෝහල්වල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් රාජකාරී වේලාව තුළ කොතරම් පුද්ගලික රෝහල්වල සේවය කරනවා දැයි එවිට දැක බලාගත හැක. උදෑසනට හා සවස් කාලයට ප‍්‍රධාන බස් නැවතුම්පළවල පැය ගණන් මගීන් රස්තියාදු වන ආකාරය එවිට දැක බලාගත හැක. මේවා ගැන අඩුම තරමින් පැමිණිලි කිරීමේ නිසි ක‍්‍රමවේදයක්වත් අපේ රටේ ක‍්‍රියාත්මක වන්නේ නැත. මේ සඳහා රජයේ ඉහළ නිලධාරීන්ට සතියකට දවසක් හෝ දෙකක් පොදු ප‍්‍රවාහන සේවාවල සේවයට එන ලෙස නව නීති පනවන ලෙස අප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නෙමු.
 
 මේ දිනවල සතියේ දිනවල කටුනායක අධිවේගී මාර්ගයේ උදෑසනට එන වාහනවලට අදාළ ගාස්තුව ගෙවන්නට විනාඩි තිහක් හෝ හතලිස් පහක්
 
 පෑලියගොඩ මුදල් ගෙවන ස්ථානයේත් තවත් විනාඩි තිහක් කැලණි පාලමට පිවිසීමටත් ගත වේ. සෑම දිනයක්ම මෙය සිදු වුවද මේවා ගැන පැමිණිලි කරන්නට කිසිදු දේශපාලන බලධාරියකු හෝ නිලධාරියකු දුරකතනයට එන්නේ නැත.
 
 එම නිසා රටේ සියලූ ක්ෂේත‍්‍රවල මෙවැනි මහජන පැමිණිලි භාර ගැනීමේ විශේෂ ඒකකයක් ජනාධිපති කාර්යාලයේ පැය 24 පුරා ස්ථාපිත කරන ලෙස අපි ඉල්ලා සිටින්නෙමු. ඒ හරහා මහජන ගැටලූවලට විසඳුම් නොදෙන රජයේ නිලධාරීන්, නිසි පරිදි මහජන සේවා ලබා නොදෙන නිලධාරීන් වහාම ඉවත් කිරීම පහසුවෙන් කළ හැකිය.
 
 මේ අතරේ රටපුරා සිටින ගොවි ජනතාව විසින් රාජ්‍ය බැංකුවලින් ලබාගෙන ඇති ගොවි ණය කපා හැරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දැනුම්දී තිබෙන බව සඳහන් ය. ඒ අනුව සතියක කාලයක් ඇතුළත ඒ ගැන වාර්තාවක් සකස් කිරීමට මුදල් අමාත්‍යාංශය විසින් කටයුතු කරමින් සිටින බව සඳහන්ය. මෙය ඉතාම කාලෝචිත ජනතා හිතවාදී කටයුත්තකි.
 
 මේ ආකාරයටම මෙරට දේශීය ව්‍යාපාරික ක්‍ෂේත‍්‍රයේ ද ඇති ගැටලූ විසඳීම සඳහා වහාම පියවර ගත යුතුව තිබේ. විශේෂයෙන්ම දේශීය ව්‍යාපාරිකයන්
 
 රැුසක් මේ වන විට බැංකු ණය ගෙවා ගත නොහැකිව දැඩි ලෙස අසරණව සිටිති. මේ වන විට එම දේශීය ව්‍යාපාරිකයන් සතු දේපළ හා ඉඩම් අදාළ බැංකු විසින් ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම ආරම්භ කර තිබේ. එම නිසා වහාම එම ව්‍යාපාරිකයන්ට කිසියම් සැලකිය යුතු සහන කාලයක් ලබාදීමට කටයුතු කළ යුතුව තිබේ. මේ බොහෝ ව්‍යාපාරිකයන් සිංහල ව්‍යාපාරිකයන්ය. අනෙක් අතට ඔවුන්ට පසුගිය කාලයේ විවිධ ව්‍යාපෘති වෙනුවෙන් රජය විසින් ගෙවිය යුතු විවිධ හිඟ මුදල් රැුසක් තිබේ. එම හිඟ මුදල් පියවීම හෝ ඒ සඳහා සහන සැලසීම මෙන්ම අදාළ දේපළ වෙන්දේසි කිරීම කිසියම් කාලයකට නැවැත්වීමට රජය වහාම පියවර ගත යුතුව තිබේ. ඒ අතරේ දේශීය ව්‍යාපාරිකයන් සතු එහෙත් බැංකුවලට උකස් කර ඇති වටිනා ඉඩම් හා දේපළ ඇතැම් ඉහළ නිලධාරීන් හා එක්ව කුණු කොල්ලයට මිලදී ගැනීමේ මාෆියාවක් මේ වන විට රට පුරා ක‍්‍රියාත්මකය. වහාම මෙය මැඬලීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බව අපගේ අදහසයි.
 
 අවසාන වශයෙන් කිව යුතුව ඇත්තේ මේ රටේ දේශපාලනඥයින් සේම ඉහළ පෙළේ නිලධාරීන්ගේ කටයුතු සොයා බැලීම සඳහා නිසි ක‍්‍රමවේදයක් අවශ්‍ය බවය. දේශපාලනඥයන් අයථා ලෙස උපයන මුදලට වඩා වැඩි මුදලක් ඉහළම රජයේ නිලධාරීන් උපයන බව නොරහසකි. අඩුම තරමින් දේශපාලනඥයින් උපයන මුදලින් කොටසක් විවිධ ක‍්‍රම හරහා ජනතාව වෙතට නැවත ගලා ආවද මේ නිලධාරීන් උපයන සියල්ල ඔවුන් අතය. මේ නිසා මේ සියල්ල සම්බන්ධයෙන් නිසි අවධානයකින් කටයුතු කරන ලෙස ද දැඩි අපහසුතාවලින් දිවි ගෙවන අතිශය සාමාන්‍ය ජනතාවට වහාම සෙත සැලසීම සඳහා සහන යෝජනා ක‍්‍රියාත්මක කරන ලෙසට ද අප රජයෙන් ඉල්ලා සිටින්නේ රජය ලබාදුන් බදු සහන බොහොමයක් ව්‍යාපාරිකයන් විසින් තවමත් ජනතාවට ලබාදී නොමැති බව සිහිපත් කරන අතරතුරය.
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles