Divaina - සුද්දගේ නීතිය

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

2018 පෙබරවාරි 04 වැනිදා ලන්ඩන් නුවර ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට කොටි හිතවාදීන් කලහකාරීව හැසිරෙන විට එම විරෝධතාකරුවන්ට තර්ජනය කළ බවට චෝදනා ලත් බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතා වැරදිකරු කරමින් වෙස්ට්මිනිස්ටර් අධිකරණය ලබාදුන් තීන්දුව මහත් ආන්දෝලනයට ලක්ව ඇත. බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක ලෙස සේවය කළ බි‍්‍රගේඩියර්වරයාට එරෙහිව තීන්දුව ලබාදුන්නේ ජ්‍යෙෂ්ඨ දිස්ත‍්‍රික් විනිසුරු එමා ආර්බත්නොට් විසිනි. එම තීන්දුවෙන් ප‍්‍රකාශ වන්නේ යුද හමුදා නිලධාරියාට රාජ්‍යතාන්ත‍්‍රික මුක්තියක් නොලැබෙන බවය. මෙය පිළිගත හැකිද? කිසිසේත්ම නැත. කෙසේ වෙතත් වෙස්ට්මිනිස්ටර් අධිකරණය දුන් මේ නඩු තීන්දුවෙන් සතුටට පත්ව සිටින්නේ කොටි හිතවාදීන් බව නම් පැහැදිලිය.
 
 ඉදිරියේ පැවැත්වෙන බි‍්‍රතාන්‍ය මහ මැතිවරණයේදී දෙමළ ඡුන්ද ආකර්ශනය කිරීමට එම විනිසුරු නඩු තීන්දුව හේතු වන බව සමහරු ප‍්‍රකාශ කරති. මේ තීන්දුවට අනුව  බි‍්‍රගේඩියර්වරයා ස්ටර්ලින් පවුම් දෙදාහක්ද නඩු ගාස්තු හා අතිරේක ගාස්තු වන්දි වශයෙන් තවත් ස්ටර්ලින් පවුම්  4419 ක්ද ගෙවිය යුතු බව බී.බී.සී වෙබ් අඩවිය සඳහන් කර තිබිණි. බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීවරියන් දෙදෙනෙක් එරට විදේශ ලේකම්වරයාට ලිපි යවමින් බි‍්‍රගේඩියර්වරයාගේ කි‍්‍රයාකලාපය විවේචනය කර තිබුණේ පසුගිය වසරේදීය. එම මන්ත‍්‍රීවරියන්ද දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීම වෙනුවෙන් ලිපි යැවූ බව සහතිකය. ඒ සියලූ කොටි නාටක මැද මේ නඩු තීන්දුව නිර්මාණය වී ඇති බව පෙනී යයි.
 
 බි‍්‍රගේඩියර්වරයාගේ තර්ජනාත්මක අභිනය ගැන කලබල වන බි‍්‍රතාන්‍ය විනිසුරුවෝ සිය දහස් ගණනකට මරු කැඳවූ මරාගෙන මැරෙන ප‍්‍රහාර සිය ගණනකට වගකිව යුතු ත‍්‍රස්ත නායක ප‍්‍රභාකරන් සැමරීම ගැන කිසිම අවුලක් නොදකිති. නමුත්  බි‍්‍රගේඩියර්ගේ ඇඟිල්ල මහත් විපතක් සේ දකිති. සුද්දාගේ නීතිය අව්කණ්නාඩි දමා බලන්නක් දැයි පැහැදිලි නැත. ලංකා හමුදා නිලධාරියා දෙස වපරැුසින් බලා ඇති බව පැහැදිලිය. සැබවින්ම බි‍්‍රගේඩියර්වරයාට හිමිවිය යුතු රාජ්‍යතාන්ත‍්‍රික මුක්තිය අහිමිකර ඇත. ලංකාව වැනි රාජ්‍යයක් බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක උපදේශකවරයකුට මෙවැනි දඩයක් පැනෙව්වා නම් කොපමණ නාඩගම් දැකගත හැකිවනු ඇතිද? ලංකාවට සම්බාධක පැනවීමට පවා ඉඩ ඇත. සුදු මහත්වරු අපේ හමුදා නිලධාරියා දෙස බලන්නේ වෛරයෙන් දැයි සැක සිතේ. කොටි පේ‍්‍රමය හා ලංකා විරෝධය ඉතා හොඳින්ම මේ තීන්දුව හරහා ප‍්‍රකාශ වෙයි. 2009 යුද්ධය අවසාන වූ විට බි‍්‍රතාන්‍යයද හැමවිටම උත්සාහ කළේ ලංකාව යුද අපරාධ උගුලට කොටු කිරීමට බව අමුතුවෙන් කිව යුතු නැත.
 
 බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුට එරෙහිව ලබාදුන් තීන්දුව පිළිබඳව විදේශ අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වන්නේ බි‍්‍රගේඩියර් ප‍්‍රනාන්දු මහතාට රාජ්‍යතාන්ත‍්‍රික විනිර්මුක්තිය හිමිවන බව ශ‍්‍රී ලංකා රජය දිගින් දිගටම කියා සිටින බවයි.
 
 වෙස්ට්මිනිස්ටර් අධිකරණය ඉදිරිපිට කොටි හිතවාදීන් සිය ධජ වනමින් කි‍්‍රයාකළ ආකාරයෙන්ම මෙම නඩු තීන්දුව සඳහා දේශපාලනික පෙළඹවීමක් සිදුව ඇති බව වඩා තහවුරු වන බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. කොටි ධජ වනන්නට පැමිණියේ කලින්ම තීන්දුව දන්නා නිසා විය හැකිය. සුදු මහත්වරුන්ගේ නීතියට බි‍්‍රතාන්‍යයේ තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ ධජ අධිකරණ භූමිය ඉදිරිපිට වනන අයුරු නොපණීම පුදුම සහගතය. සුදු මහත්වරු බෙදුම්වාදීන්ට අවශ්‍ය පරිදි නීතිය නැව්වා දැයි අපි නොදනිමු. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යැයි කියන්නේ මෙවැනි අවස්ථාවලය.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles