Divaina - සහල් ගිනි ගණන්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 
 සහල් මිල ශීඝ‍්‍රයෙන් ඉහළ යමින් තිබේ. එහෙත් සහල් මිල පාලනය කිරීම මේ වන විට රජයට බරපතල ප‍්‍රශ්නයක් වී ඇත. දේශපාලන සම්බන්ධතා ඇති මහා පරිමාණ සහල් මෝල් හිමියන් කීපදෙනකු සහල් මිල පාලනය කරමින් අධික ලාභ ඉපයීම සහල් මිලේ ඉහළ යෑමට හේතුවයි.
 
 මේ වන විට කැකුළු සහල් කිලෝව රුපියල් 100 ත් 110 ත් අතර ද, සාමාන්‍ය සහල් කිලෝව රුපියල් 120 ක් පමණ ද, කීරි සම්බා කිලෝව රුපියල් 150 ත් 170 අතර ද වේ. මෙය සාමාන්‍ය ජනතාවට දරා ගත නොහැකි මිලක් බව අපගේ අදහසයි.
 
 ශී‍්‍ර ලංකාවේ මාසික සහල් පරිභෝජනය මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 2 ක් පමණ වෙයි. එහෙත් මේ වන විට මේ මහා පරිමාණ මෝල් හිමියන් හැර වෙනත් අය සතුව විශාල සහල් තොග නොමැති බැවින් ලබන ජනවාරි අගදී ගොයම් කැපෙන තුරු සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති වී තිබේ.
 
 සහල් මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා රජය වහාම කළ යුත්තේ මිල පාලනයක් ඇති කිරීමය. කැකුළු, නාඩු සහ සම්බා ලෙස කාණ්ඩ තුනක් යටතේ සහල් මිල පාලනය ඇති කළ යුතුය. විවිධ නම්වලින් ඇති සියලූ සම්බා වර්ග සඳහා එකම මිලක් ඇති කළ යුතුය. එසේ නොමැතිව මේ සහල් මාෆියාව පාලනය කළ නොහැක. එසේ නොමැති නම් කළ හැකි එකම දේ පිටරටින් සහල් ආනයනය කිරීමය. මේ වන විට සහල් කිලෝවක් ආනයනය සඳහා සියලූ බදු එක්කළ විට කිලෝවකට රුපියල් අනූවක පමණ බද්දක් තිබේ. එම නිසා මේ බද්ද ගෙවා කිසිවකුත් සහල් ආනයනයට පෙළඹෙන්නේ නැත. එහෙත් නව රජයේ ප‍්‍රතිපත්ති අනුව සහල් ආනයනයට ඔවුන්ගේ එතරම් කැමත්තක් ද නැත.
 
 එහෙත් මීළඟ කන්නයේ වී අස්වැන්න ලැබෙන තුරු මෙරටට සහල් ආනයනය කරන්නට ඉඩ නොදුනහොත් රටේ ජනතාවට සිදුවන්නේ මෝල් හිමියන් නියම කරන ගණන්වලට සහල් මිලදී ගැනීමට ය.
 
 කැකිරාව, අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල ආදී ප‍්‍රදේශවල කුඩා පරිමාණ සහල් මෝල් සියල්ලම පාහේ මේ වන විට වැසී ගොස් හමාරය. මේ වන විට සියලූම වී තොග ඇත්තේ සහල් මෝල් ව්‍යාපාරිකයන් 10 දෙනෙකු අතය.
 
 පසුගිය කන්නයේ වී තොගවලින් සියයට අසූවක්ම මිලදී ගෙන ඇත්තේ මේ දස දෙනාය. මේ දස දෙනාම එක්කෝ දේශපාලනඥයින් ය. එසේත් නැතිනම් ඔවුන්ගේ සමීපතමයන් ය. එම නිසා සෑම රජයක්ම මේ ප‍්‍රශ්නයේදී අසරණ ය. සහල් මිල පාලනය කරන්නේ මේ දසදෙනාය. මහා පරිමාණ මෝල් හිමියන් කිහිප දෙනෙක් ගොවීන්ගෙන් වී මිලදී ගෙන ගබඩා කර තබා සහල් මිල පාලනය කිරීම වහාම වත්මන් රජය මගින්වත් නතර කළ යුතුව තිබේ.
 
 ජනතාවට සහන සලසන්නට රජය පිටරටින් බදු සහනදී ගෙන්වන සහල්වලින් වැඩි කොටසක් ද මේ මුදලාලිලා මිලදී ගෙන දේශීය සහල් සමග මිශ‍්‍ර කර විකුණන බවට ද චෝදනා රැුසකි.
 
 පොළොන්නරුවේ වැලිකන්ද සිංහපුර පිහිටි මහා පරිමාණ සහල් මෝලක් තුළ මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් තිබී හසුවීම හේතුවෙන් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සහ පොලිසිය එක්ව සීල් තැබුවේ පසුගිය දිනව ලය.
 
 එම සහල් තොගය පණුවන් සහ ගුල්ලන් සහිත ඒවා බවත්, කල් ඉකුත් වීමෙන් පසු නැවත අලූත් කවරවල ඇසුරුම් කරන බවත් හෙළිව ඇති අතර එසේ සකසන සහල් තොග අසුරමින් සිටියදී අත්අඩංගුවට පත්ව තිබේ.
 
 පාරිභෝගික කටයුතු අධිකාරිය පවසන අන්දමට එම තොග දිවයිනේ විවිධ ප‍්‍රදේශවලට බෙදා හැරීමට සැලසුම් කර තිබූ බව සඳහන් ය. එම නිසා රට පුරා මේ සියලූ සහල් තොග වහාම පරීක්ෂාවට ලක් කළ යුතුව තිබේ.
 
 මේ අතර ඉහළ යමින් පවතින සහල් මිල පාලනය කිරීමට අදාළව විශේෂ වැඩපිළිවෙළක් රජය ආරම්භ කර තිබේ. එහෙත් මහා පරිමාණ මෝල් හිමියන් සමග පමණක් සාකච්ඡුා කර ගන්නා විසඳුම්
 
 ප‍්‍රායෝගික නොවේ. පසුගිය කාලය පුරා මිල පාලනය පවා නොතකමින් මේ සහල් මෝල් හිමියන් කළේ සහල් වැඩි මිලට අලෙවි කරන්නට කටයුතු කිරීම ය. එසේ වැඩි මිලට විකුණන්නට වෙළෙඳසල් හිමියන්ට බල කිරීමය. අධිකරණයෙන් ඊට දඩ ගැසූ විට එම දඩය ගෙව්වේ මහා පරිමාණ මෝල් හිමියා ය.
 
 එම නිසා වහාම මේ තත්ත්වයට දැඩි තීරණ ගත යුතුව තිබේ. එසේම පවතින තත්ත්වය හමුවේ සහල් ආශ‍්‍රිත විවිධ නිෂ්පාදන සිදු කරන නිෂ්පාදකයන් පවා දැඩි අසීරුවට පත්ව තිබේ. එම නිසා රටේ සාමාන්‍ය ජනතාව ඇතුළු සියලූ පාර්ශ්වවලට සාධාරණ මිලකට සහල් මිලදී ගත හැකි නව ක‍්‍රමවේදයක් වහාම ඇති කළ යුතුය. එසේම රටේ ජනතාවට හිඟයකින් තොරව උත්සව සමයේ සහල් මිලදී ගැනීමට අවස්ථාව ද රජය විසින් සහතික කළ යුතු බව මතක් කර සිටින්නෙමු.

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles