Divaina - ලන්ඩන් නුවර වෙඩි හඬ

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

සෙනසුරාදා දහවල් දෙක වෙද්දී යළිත් වරක් ලන්ඩන් නුවර අනාරක්‍ෂිත විය. එයට හේතු වූයේ පිහියක් අමෝරාගත් උස්මාන් ඛාන් ලන්ඩන් බි‍්‍රජ් පාලම මතින් මතුවීම නිසාය. මේ ත‍්‍රස්තවාදියා ලන්ඩන් වැසියන් දෙදෙනකු පිහියෙන් ඇන මරා දමා පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්විය. උග‍්‍ර මුස්ලිම් අන්තවාදියකු වන මොහු ලන්ඩන් කොටස් වෙළෙඳපොළ පුපුරුවා හැරීම සඳහා කුමන්ත‍්‍රණය කිරීමේ චෝදනාව මත සිර දඬුවම් විඳ 2018 දෙසැම්බරයේදී නිදහස් කරනු ලැබුවේ දැඩි කොන්දේසි මතය. මොහු දැඩි අනතුරුදායක පුද්ගලයකු නිසා මොහු පිළිබඳ නිරන්තර නිරීක්‍ෂණය සඳහා ඩිජිටල් උපකරණයක් ද පොලිසිය මගින් මොහුගේ ශරීරයේ තැන්පත් කර තිබිණි. ඇත්තෙන්ම උස්මාන්ට ලන්ඩන් නුවරට ඇතුළුවීමට වාරණයක් ද නිකුත් කර තිබිණි. එහෙත් පසුගිය සෙනසුරාදා දිනයේ පැවැත්වුණු සිරකරුවන් පුනරුත්ථාපන වැඩසටහනකට සහභාගි වීම වෙනුවෙන් මොහුට ලන්ඩන් නුවරට ඇතුළුවීමට ඉඩ ලැබුණු අතර ඒ අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගැනීමට මේ අන්තවාදී යක්‍ෂයා සමත් විය. ඊයේ දිනයේදී අයිසිස් සංවිධානය නිවේදනය කර සිටියේ තම සාමාජික උස්මාන් ඛාන් ප‍්‍රහාරයක් දියත් කර ඇති බවයි.
 
 අන්තවාදී යක්‍ෂයන් කොතැනින් කවර මොහොතකදී මතුවේදැයි කිව නොහැකිය. සෙනසුරාදා දිනයේ ලන්ඩන් නුවර මෙන්ම හේග් නුවරදීත් පිහි ඇනුම් වාර්තා විය. පාස්කු ප‍්‍රහාර භීතියෙන් වෙව්ලූම් කෑ ශ‍්‍රී ලාංකිකයන් ද ලොව පුරා සිදුවන අන්තවාදී ප‍්‍රහාර ගැන අවදියෙන් සිටිති. සහරාන් හෂීම් මතුවූවේ ද කිසිවෙකු බලාපොරොත්තු නොවූ ආකාරයට ය. ලන්ඩන් පොලිසිය නිරන්තර නිරීක්‍ෂණයෙන් සිටිය ද හදිසියේම උස්මාන් ඛාන් ක‍්‍රියාත්මක විය. නමුත් විනාශය අවම කර ගැනීමට එඩිතර ලන්ඩන් වැසියන් කිහිපදෙනෙකු කටයුතු කරන අයුරු රූපවාහිනියෙන් දැක ගන්නට ලැබිණි. එක් අයෙකු විසින් මේ ත‍්‍රස්තයාගේ පිහිය උදුරාගෙන තිබිණි. එය වෙසෙසින් අගය කළ යුතුය. බි‍්‍රතාන්‍ය මහ රැුජන පවා නිවේදනයක් නිකුත් කරමින් මේ වීර ක‍්‍රියාව අගය කර තිබිණි. එය සැබැවින්ම ලෝකයටම ආදර්ශ සපයන්නකි. මේ ත‍්‍රස්තයා පිහිය රැුගෙන එන විට එතැනින් පලා නොගොස් මොහුව දමනය කිරීමට හැකි වීම නිසා ජීවිත රැුසක් ආරක්‍ෂා විය. සැම විටම අවට සිදුවන්නේ කුමක්ද යන්න ගැන අවදියෙන් සිටිය යුතුය. එය තමාගේ මෙන්ම පොදු සමාජයේම ආරක්‍ෂාව සඳහා ඉවහල් වේ. අන්තවාදී යක්‍ෂයන් මතුවන්නේ මේ සමාජය තුළින්මය. විටෙක ඔවුහු නිහඬ අහිංසක චරිත වෙති. නමුත් මොහොතකින් මාරාවේෂ වෙති. සියලූ අන්‍යාගමිකයන් විනාශ කළ යුතුය යන මතයේ මොවුහු තරයේ එල්බ සිටිති. ඒ තරමට මොවුනගේ සිත් දූෂ්‍ය වී ඇත. උස්මාන් ඛාන්ට දිය යුතු දඬුවම් ලන්ඩන් පාලම මත දීම ලබාදීමට එරට පොලිසිය පැකිළුනේ නැත.
 
 සිරියාවෙන් හා ඉරාකයෙන් අයිසිස් සංවිධානය අතු ගෑවී ගිය ද මොවුන්ගේ අනුගාමිකයෝ ලොව සෑම තැන විසිර සිටිති. මොවුන් කවර මොහොතකදී හෝ ක‍්‍රියාත්මක විය හැක. එම නිසා මෙරට ආරක්‍ෂක අංශ ද සෑම විටම ඉතා විමසිල්ලෙන් සිටීම වැදගත් ය. නව රජය යටතේ බුද්ධි අංශ ශක්තිමත් කිරීමට පියවර ගැනීම කාලෝචිතය. නැත්නම් ‘‘අපි දන්නේ නැහැ දැක්කේ නැහැ’’ යනුවෙන් ප‍්‍රකාශ කර ඇඟ බේරා ගැනීමට නොහැකිය. විශේෂයෙන් ම තනිවම ක‍්‍රියාත්මක වන ත‍්‍රස්තයෝ ද සිටිති. මෙවැනි ප‍්‍රහාර රැුසක් බටහිර රටවල ක‍්‍රියාත්මක විය. ලන්ඩනයෙන් ම එවැනි ප‍්‍රහාර ගණනාවක් අසන්නට ලැබිණි. ලන්ඩන් නුවරින් ඇසුණු වෙඩිහඬ නිසා යළි අයිසිස් බිය ලොව පුරා පැතිර ගියේය. සාමය බිඳ දැමීමට කැස කවන බලවේග බොහෝය. ඒ අදිසි හස්ත හඳුනාගෙන මර්දනය කළ යුතුය. වත්මන් ත‍්‍රස්්ත ක‍්‍රියා හමුවේ ලොව කිසිම රටක් කිසිම නගරයක් සුරක්‍ෂිත යැයි 100% ක් තහවුරු කළ නොහැකිය.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles