Divaina - හදන්න පුළුවන් රටක්

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ශ‍්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වූ නාමයෝජනා මේ වන විට භාරදී ඇත. නාම යෝජනා භාරදුන් අපේක්ෂකයන් ගණන  35 කි. අනිවාර්යයෙන්ම මේ අතරින් එක් අයකු ඉදිරි පස් වසර සඳහා මේ රටේ නායකත්වයට පත්වනු ඇත. ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කරන්නේ ගෝඨාභයද? සජිත්ද? අනුරද? නැතහොත් වෙනත් අපේක්ෂකයෙක්ද යන්න ජනතාව විසින් තීරණය කරනු ඇත.
 
 කවුරු දිනුවත් අගාධයක වැටී ඇති අප රට ගොඩනැගීමේ භාරදූර කාර්යය නව නායකයාට පැවරෙනු ඇත.
 
 මහ බැංකුව මෙම වර්ෂය මුලදී පුරෝකථනය කර තිබුණේ අපේ රටේ ආර්ථික වර්ධන වේගය 4% ක් වනු ඇති බවයි. නමුත් පාස්කු දා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයත් සමග මහ බැංකුව ප‍්‍රකාශ කළේ ආර්ථික වර්ධන වේගය 3% ක් දක්වා පහළ බසින බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර ඇති ආකාරයට ආර්ථික වර්ධන වේගය 2.7%ක් දක්වා තවදුරටත් අඩුවනු ඇත. මෙම තත්ත්වය හමුවේ රට භාරගන්නා නායකයාට ප‍්‍රධානම අභියෝගය වන්නේ පල්ලම් බැස ඇති මෙම ආර්ථීකය ගොඩනැගීමයි.
 
 අප රටට නිදහස ලැබී දශක හතක් ගෙවී ගොස් හමාරය. අප රටේ ආර්ථීකයට පිටුපසින් සිටි බොහෝ රටවල් අප පසුකරගෙන ගොස් සංවර්ධනයේ මාවතට පිවිස ඇත. නමුත් අවාසනාවකට අප රට සංවර්ධන මාවතෙන් ගිලිහී ආර්ථික වශයෙන් ශක්තිමත් නැති රටක් බවට පත්ව ඇත. අප එම තත්ත්වයට ඇද වැටුණේ කෙසේද යන්න හෙට මේ රටේ භාරකාරත්වය ගන්නා නායකයා නිසිලෙස වටහා ගෙන ඊට වහා පිළියම් යෙදිය යුතුය.
 
 ඒ සඳහා පළමුව අවශ්‍ය වන්නේ අවංකභාවයයි. දෙවනුව ඔහුගේ දැක්ම හා දර්ශනය වැදගත් වනු ඇත. විශේෂයෙන් නිශ්චිත කාලයක් තුළ අපට ආර්ථීකයක් ළ`ගා කර ගත හැකි ඉලක්ක පිළිබඳ හෙට දවසේ අප රට භාරගන්නා නායකයාට අවබෝධයක් තිබිය යුතුය. අප රටට ශ‍්‍රමය සම්පතකි. එය කළමනාකරණය කර ගැනීමට නව නායකයාට දැක්මක් තිබිය යුතුය.
 
 අද වන විට අප රටේ විරැුකියාව ඉහළ යමින් පවතී. විශ්වවිiාලයෙන් සමාජයට ලබාදෙන උපාධිධාරීන්ට පවා ඔවුනගේ උපාධියට සරිලන රැුකියාවක් ලැබෙනුයේ කලාතුරකිනි. උපාධිධාරීන් ‘සංවර්ධන නිලධාරීන්’ ලෙස ලේබල් කර මාසික වේතනයක් දුන්නද පෙරලා ඔවුන්ගෙන් රටේ ආර්ථිකයට ලැබෙන දායකත්වය ඉතා අල්පය. උපාධිධාරීන් මෙන්ම තවත් විවිධ වෘත්තීය සුදුසුකම් ලැබූ විශාල පිරිසක් අප රටේ සිටියද රටේ නිෂ්පාදන ආර්ථික කි‍්‍රයාවලියට ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමට වැඩපිළිවෙළක් නැත. අප රටේ කලක් පැවැති ‘සිරිලක දේ සිරිසැපදේ’ පාඨයට නව අර්ථකථනයක් ලබාදීමට අලූත් නායකයාට හැකිවේ නම් අපට ඉන්න හිතන රටක් නිර්මාණය කිරීමට හැකිවනු ඇත. ඇත්තටම අප රට පවතිනුයේ ඉන්න හිටින තත්ත්වයක නොවන බව පැහැදිලිය. සෑම ක්‍ෂේත‍්‍රයකම හොරකම, වංචාව ඉහළ ගොස් තිබේ. අප රට නව දිශාවකට රැුගෙන යෑමට නම් හොරකම, වංචාව, දූෂණය මෙරටින් තුරන් කළ යුතුය.
 
 වර්තමානය වන විට ආසියානු කලාපයේ පවා ආර්ථීක වශයෙන් අප සිටිනුයේ පසු පසිනි. සමෘද්ධිමත් දර්ශකය (Prosperity Index) අනුව අප ලෝකයේ සිටින්නේ 67 වැනි ස්ථානයේය. එනිසාම වහ වහා අප රට සමෘද්ධිමත්භාවයට පත් කිරීම නම් අපේ ආර්ථිකය නිසි පීල්ලට ගත හැකි උපක‍්‍රම  ගැන හෙට මේ රට භාරගන්නා නායකයා සිතිය යුතුය. ඒ ගමන තනියෙන් යා නොහැක. ඒ සඳහා පක්ෂ පාට භේදයකින් තොරව උගතුන්, බුද්ධිමතුන්, වියතුන්ගේ දායකත්වය ඊට ලබා ගත යුතුය. අපේ රටේ ආර්ථික මර්මස්ථානවලට දේශපාලන පත්වීම් නොදී ඊට සුදුසු පුද්ගලයන් යෙදවීමට නව නායකයා වගබලා ගත යුතුය. නිසි ආර්ථික සැලැස්මක් යටතේ අප රටේ තිබෙන සම්පත් කළමනාකරණය කරගතහොත් අපට ඉන්න හිතෙන රටක් නිර්මාණය කළ හැකිය. ඇත්තටම මේ රට හැදිය හැකි රටකි. ඒ සඳහා අවැසි සම්පත් අප රටේ තිබේ. ස්වභාවධර්මය අතින්ද වෙනත් රටවල්වලට සාපේක්ෂව අප රටට සිදුවන විපත් අඩුය. එනිසාම මේ රට හැදිය හැකි රටකි. ඒ සඳහා අවශ්‍ය වන්නේ නිසි නායකත්වයක් පමණි.

 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles