Divaina - යළි කරළියට ආ විධායකය

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 
 මෙරටට විධායක ජනාධිපති ධුරය හඳුන්වා දෙනු ලැබුයේ ඡේ. ආර්. ජයවර්ධන මහතා විසිනි. ඒ 1978 වර්ෂයේදීය. අනතුරුව ආර්. ප්‍රේමදාස, ඩී. බී. විඡේතුංග, චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්‌ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන දේශපාලනඥයෝ මෙම තනතුර හෙබවූහ.
 
 මේ අය අතුරින් ඩී. බී. විඡේතුංග මහතා විධායක ජනාධිපති ධුරයේ රැඳී සිටියේ කෙටි කාලයකි. හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා මරාගෙන මැරෙන කොටියකුගේ ප්‍රහාරයකට ලක්‌ව ඝාතනයට ලක්‌වීමෙන් පසු විඡේතුංග මහතා එම ධුරයට පත්විය.
 
 ඉන් පසු විධායක ජනාධිපති ධුරය දැරූ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්‌ෂ මෙන්ම මෛත්‍රිපාල සිරිසේන යන ජනාධිපතිවරු විධායකය අහෝසි කරන බවට ප්‍රකාශ කළද එවැන්නක්‌ සිදුවූයේ නැත. 19 වන සංශෝධනය හරහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය විධායකයේ යම් යම් බලතල කප්පාදු කරගනු ලැබීය.
 
 zzවිධායක ජනාධිපතිZZ ධුරය අහෝසි කිරීම යන්න ඡන්දයක්‌ එනවිට ඇසෙන ජනප්‍රිය සටන් පාඨයකි. එනිසාම අද වන විට විධායකය අහෝසි කිරීම යන්න අප රටේ ජනතාවට අලුත් කතාවක්‌ නොවන බව පැහැදිලිය. නමුත් දේශාපලනඥයින්ට නම් විධායකය තවදුරටත් තොරොම්බෝල් කළ හැකි සටන් පාඨයකි.
 
 එළඹෙන නොවැම්බර් මාසයේ 16 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට දින නියම කරන තෙක්‌ මෙරට ප්‍රධාන දේශපාලන පක්‍ෂවල කවුරුන් හෝ විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට කිසිවක්‌ කීවේ නැත. නමුත් ජනතා විමුක්‌ති පෙරමුණ පමණක්‌ 20 වැනි සංශෝධනය හරහා ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බව කියා සිටියේය. එපමණක්‌ නොව ඉදිරි ජනාධිපතිවරණයට සිය ජනාධිපති ධුර අපේක්‍ෂකයා නම් කිරීමෙන් අනතුරුවද විධායකය අහෝසි කළ යුතුය යන සටන් පාඨය ඉදිරියට ගෙන ආවේය.
 
 ජනතා විමුක්‌ති පෙරමුණ හැරුණ විට ප්‍රධාන දේශපාලන පක්‍ෂවල උදවිය උනන්දු වූයේ ඉදිරි ජනාධිපතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙනි. තත්ත්වය එසේ තිබියදී පෙරේදා හදිසියේ කැඳවූ කැබිනට්‌ රැස්‌වීමේදී විධායකය අහෝසි කිරීමේ යෝaජනාව ගෙන ඒමත් සමග කැබිනට්‌ටුවේ ඇතිවූයේ උණුසුම් තත්ත්වයකි. රාජිත, රවි යන ඇමැතිවරු හැර අන් සියලු ඇමැතිවරු මෙම අවස්‌ථාවේදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට එකඟ වූයේ නැත. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මෙය අවස්‌ථාවක්‌ නොවන බවද ඔවුහු අවධාරණය කළේය. ජනාධිපතිවරණයක්‌ කැඳවා ඇති මෙවැනි මොහොතක එය අහෝසි කිරීමට යෝජනාවක්‌ ගෙන ඒම කාලෝචිත නොවන බව වැඩි දෙනාගේ අදහස විය. පවතින දේශපාලන සංකීර්ණතාවය මත ඔවුන් නගන තර්කයේ සත්‍යයක්‌ තිබෙන බව පැහැදිලිය. අනෙක්‌ අතට විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නම් අප රට පාලනය කරන ව්‍යවස්‌ථා ව්‍යqහය පිළිබඳ පැහැදිලි චිත්‍රයක්‌ ජනතාවට පෙන්විය යුතුව ඇත. කෙතරම් අඩුපාඩු තිබුණත් විධායකය යනු අප රටේ දේශපාලනයට මේ වන විට ජීරණය වූ සාධකයක්‌ බවට පත්ව ඇත. එනිසාම එය මුළුමනින්ම ඉවත් කරන්නේ නම් ඒ සඳහා හොඳ විරේකයක්‌ ලබා දිය යුqතුය. ප්‍රතිපත්තියක්‌ ලෙස විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුය යන මතයේ සිටි අපි මහින්ද රාජපක්‌ෂ විධායක ජනාධිපති ධුරය දරද්දි එය අහෝසි නොකළ යුතු බව ප්‍රකාශ කළේය. ඊට හේතු වූයේ මෙරට බෙදුම්වාදී යුද්ධය පැරදවීම තීරණාත්මක මොහොතක අප රට තිබූ නිසාවෙනි. කවුරු කවර දේශපාලන මතයක්‌ දැරුවද එම මොහොතේ විධායක ජනාධිපති ධුරය නොතිබුණේ නම් අපේ රට බෙදුම්වාදී ත්‍රස්‌තවාදීන්ගෙන් බේරාගැනීමට නොහැකිවනු ඇත.
 
 එසේම මේ මොහොතේත් රට පවතින්නේ තීරණාත්මක අදියරකය. විශේෂයෙන් අස්‌ථාවර දේශපාලන තත්ත්වය වෙනස්‌ විය යුතුය. විශේෂයෙන් විධායක ජනාධිපති ධුරය තෝරාපත්කර ගැනීමට ඡන්දයක්‌ ප්‍රකාශ කර තිබියදී එය අහෝසි කරන බවට මත ප්‍රකාශ කිරීම ජුගුප්සාජනකය. දැන් බලයේ සිටින සහ ඉදිරියේදී දේශපාලන නායකත්වයට පත්වන සියලු දෙනාට අවංක උවමනාවක්‌ තිබේ නම් සියලු පක්‌ෂවල එකඟතාවයෙන් විධායකය අහෝසි කිරීමට පියවර ගතහැකිය. එය කඩිමුඩියේ නොකළ යුතුය. විධායකය අහෝසි කරන්නේ නම් අපේ රටේ පාලන ව්‍යqහය සකස්‌ කරන ව්‍යවස්‌ථාමය හැඩතලවත් ජනතාව දැනගත යුතුය. එසේම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නම් ඊට සමගාමීව හදා වැඩූ සුදු අලියෙක්‌ව මුදල් කාබාසිනියා කරන පළාත් සභා සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්‌ද යන්න ජනතාව දැනගත යුතුය. රටේ අනාගතයට සෘජුව බලපාන දේශපාලන තීන්දු තීරණ ගතයුත්තේ කඩිමුඩියේ නොවන බව දේශපාලනඥයන්ට තේරුම් යා යුතුය. ඔවුන්ට ඇත්තේ බලය පිළිබඳ ප්‍රශ්නයකි. නමුත් ජනතාවට ඇත්තේ රට පිළිබඳ ප්‍රශ්නයකි.

 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles