Divaina - අනාගත නායකයා

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

srilankaගෘහයක් නිසි ලෙස පවත්වාගෙන යෑමට මූල්‍ය කළමනාකරණය අතිශයින් වැදගත්ය. ගෘහමූලිකයා තම ගෘහයට ලැබෙන ආදායම නිසි ලෙස කළමනාකරණය නොකළහොත් නිවස තුළ ආර්ථික අර්බුදයක් ඇතිවීම අනිවාර්යයෙන්ම සිදුවන්නකි. ගෘහයට සියලූ ආකාරයෙන් ලැබෙන ආදායම් යම් විනයක් ඇතිව වියදම් කළ යුතුය. ආදායමෙන් යම් කොටසක් හදිසි අවස්ථාවකදී ප‍්‍රයෝජනයට ගැනීම සඳහා ඉතිරි කළ යුතුය. අද වන විට පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ ඉතිරි කිරීම් කෙසේ වෙතත් ආදායම් සහ වියදම් සමබරව පවත්වා නොගතහොත් එම ගෘහය නැතහොත් කුටුම්භය තුළ ආර්ථික අර්බුදයක් ඇතිවීම ස්වභාවිකය. එවැනි අවස්ථාවක ඊළඟ පියවර වන්නේ ණය ගැනීමයි. එම තත්ත්වය එතරම් සුබදායක නොවන්නේ දිගින් දිගටම ණය ගැනීම සඳහා යම් පෙළඹවීමක් ඇති වුවහොත් එම පවුල ණය උගුලක හිරවන නිසාය.
 
 අප ඉහතින් සඳහන් කළ සරල තියරිය රටකටද පොදුය. අද අප රට මුහුණ දෙන්නේ එවැනි වගකීම් විරහිත පාලකයන් මූල්‍ය විනයක් නොමැතිව රටේ ආර්ථිකය හැසිරවීම නිසා ඇතිවූ අර්බුදයකටය. මෙම තත්ත්වය හමුවේ අප රටේ සෑම පුද්ගලයකු රුපියල් 608309 ක ණයකරුවකු බවට පත්ව ඇත.
 
 අප ජාත්‍යන්තරයට ගෙවීමට ඇති ණය ප‍්‍රමාණය මිලියන 13182072 ක් හෙවත් ටි‍්‍රලියන 13.1 කි. අප රට කරවූ ඇත්තෝ හෙට උපදින දරුවාද ණයකරුවකු බවට පත්ව ඇත.
 
 මේසා විශාල ණය කන්දකට අප යටව ඇත්තේ නාස්තිය, ¥ෂණය, වංචාව අප රට තුළ රජවී ඇති නිසාවෙනි. ඊට මෑතකාලීනව දිය හැකි හොඳම නිදසුන කෘෂිකර්ම අමාත්‍යාංශයට කුලී පදනම මත
 
 ගොඩනැගිල්ලක් මිලදී ගැනීම නිසා සිදුව ඇති සන්තෑසියයි.
 
 මෙම ගොඩනැඟිල්ල මිලට ගෙන ඇත්තේ ප‍්‍රසම්පාදන කි‍්‍රයාපටිපාටියෙන් තොරවය.
 
 ගිවිසුමට නීතිපති අනුමැතිය ද ලැබී නොමැත. මෙම ගොඩනැගිල්ලේ අනවසරයෙන් ඉදිකළ තට්ටු තුනක් සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් මුදල් ගෙවා ඇත. මෙම ගොඩනැඟිල්ලට මාසික කුලිය වශයෙන් රජයේ තක්සේරුව වූයේ මිලියන 13 ක් වුවද එය කුලියට ගෙන තිබුණේ මිලියන 21 කටය. මෙලෙස රාජ්‍ය මුදල් අවභාවිතා කළ විට රටත් තවත් ප‍්‍රපාතයටම යෑම විනා ගොඩඒමක් නොමැත.
 
 මේ අතර ඊයේ ජනාධිපතිවරයා නෙළුම් කුලූන විවෘත කරමින් කියා සිටියේ මෙම කුලූන ඉදිකිරීමේදී චීනයේ සමාගමකට අත්තිකාරම් වශයෙන් ලබාදුන් රුපියල් බිලියන 2 ක් අතුරුදන් වී ඇති බවයි. ඒ ගැන මේ වන විට විවිධ මත පළවෙමින් තිබේ. මෙහි ඇත්ත සොයා බැලීමට අදාළ බලධාරීන් වහා පියවර ගත යුතුව ඇත.
 
 පසුගිය කාලයේදී අඩු වැඩි වශයෙන් පැවැති සියලූ රජයන්ට මූල්‍ය විනය පිළිබඳ තැකීමක් නොමැතිව සිදුකළ කි‍්‍රයාමාර්ග නිසා අප රටේ ආර්ථිකය දැඩි අර්බුදයකට ලක්ව තිබේ. එහි සිරකරුවන් බවට පත්වී ඇත්තේ අපේ රටේ ජනතාවය. කවර විරසකයන් තිබුණ ද දේශපාලනඥයෝ සහ ඒ අයගේ හිතවත්තු සුව පහසුව සලසා ගනිති. ඔවුන්ට ජීවන බරක් නොමැත. හැම බරක්ම පැටවෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවටය.
 
 දැන් රටට මැතිවරණ උණුසුම දැනෙන්න පටන් ගෙන ඇත. විශේෂයෙන් අප රට ඉදිරි පස් වසර සඳහා මෙහෙයවන නායකයා තෝරා ගැනීමේ ජනපති සටනට සෑම පක්‍ෂයක්ම සූදානම් වන බව පෙනේ. එනිසාම අප රටේ නායකත්වය භාරගන්නා පුද්ගලයා අලූත් ගමනක් සඳහා අප රට සූදානම් කළ යුතුව ඇත. අප රට මත පැටවී ඇති ණය කන්දරාවෙන් ජනතාව නිදහස් කර ගන්නා, අපේ රටේ ආර්ථිකය සුබ දිශානතියකට හරවන නායකත්වයකට හෙට රට භාර කළ යුතුය. ඔහු අනිවාර්යයෙන්ම නායකත්ව ගුණාංගයෙන් හෙබි අවංක අයකු විය යුතුය. ඔහු තම පෞද්ගලිකත්වය නොව රටේ ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා කැපවන නායකයකු විය යුතුය. මහජන ධනය දේපළ කොල්ල නොකන අයකු විය යුතුය. සත්‍යය හා සාධාරණය මත පදනම්ව රට පාලනය කරන්නකු විය යුතුය.

 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles