Divaina - රටට දරාගත නොහැකි විදුලි පිරිවැය

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

viduඅපේ රටේ විදුලිය නිපදවීම හා ඊට සම්බන්ධ පිරිවැය මෙන්ම එය රටට ඔරොත්තු දෙන්නේද යන්න සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතා බහක්‌ ඇතිවී තිබේ.
 
 විදුලි බලය හා ඒ සඳහා වැය වන මුදල රටේ ආර්ථිකයට ඉතා වැදගත් ලෙස බලපාන සාධකයකි. මෙරට කර්මාන්තශාලා විවිධ සමාගම් මෙන්ම විදේශීය ආයෝජන සම්බන්ධයෙන්ද විදුලිය ගාස්‌තු හා විදුලිය නිපදවීමට වැය වන පිරිවැය දැඩි බලපෑමක්‌ ඇති කරනු ලබයි.
 
 මෙරට රටේ විදුලි අවශ්‍යතාවෙන් සියයට තිහක්‌ නිපදවන්නේ ජලයෙනි. සියයට තිස්‌පහක්‌ පමණ නිපදවන්නේ ගල් අඟුරුවලිනි. තවත් සියයට විසිපහක්‌ නිපදවන්නේ ඩීසල්වලිනි. අනෙක්‌ සියයට දහය නිපදවන්නේ පුනර්ජනණීය බලශක්‌ති ක්‍රම එනම් හිරු එළිය, සුළඟ, ස්‌වාභාවික ගෑස්‌ යනාදිය මගිනි.
 
 ජල විදුලිය නිෂ්පාදනය තවදුරත් පුළුල් කළ නොහැකි වී ඇත්තේ මහා පරිමාණ ජල විදුලිබලාගාර මෙන්ම කුඩා විදුලි බලාගාර ඉදිකිරීමට සුදුසු තැන් රටේ තවත් නොමැති නිසාය.
 
 අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට තිස්‌ පහක්‌ම අප වැය කරනු ලබන්නේ ඉන්ධන මෙරටට ගෙන්වීම සඳහාය. එම නිසා ඩීසල් බලාගාර වලින් විදුලිය ලබා ගැනීම ඉතාම මිල අධික ක්‍රමවේදයකි. ඒ සඳහා අප වැය කරන්නේ විදේශ විනිමයයි. එම නිසා ඒ සඳහා විශාල වශයෙන් විදේශ විනිමය වැය කිරීම නිසා ඩොලරයේ අගය ඉහළ යැම මෙරට ජීවන වියදම මෙන්ම ආනයන සඳහා වියදම වැඩිවීමට Rජුවම බලපායි.
 
 පසුගිය අවුරුදු පහේදී මෙරට කිසිම විශාල බලාගාරයක්‌ ඉදිකෙරුණේ නැත. 2016 දී ටෙන්ඩර් කළ එකම එක බලාගාරය මෙගාවොට්‌ තුන්සියයක කෙරවලපිටිය බලාගාරයයි. එහෙත් එය තවමත් යෝජනාවක්‌ පමණි.
 
 මෙරට අඩු වියදම් බලාගාර ඉදිකිරීමේදී විදුලි බල ඉංජිනේරු මාෆියාව හා නිලධාරී මාෆියාව පරාජය කරන්නට කිසිදු රජයකට නොහැකිවී තිබේ. ඩීසල් බලාගාර හා හදිසි විදුලි මිලදී ගැනීම් හරහා ලැබෙන අධික ලාභය හේතුවෙන් එය ඉතාම බලවත් ලෙස සියලු පාර්ශ්ව යටපත් කරමින් ක්‍රියාත්මක වේ.
 
 කෙරවලරපිටිය බලාගාරයේ ඉදිකිරීම් මේ 2019 ආරම්භ කළහොත් එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කළ හැකි වන්නේ 2021 දීය. මෙරට විදුලි අවශ්‍යතාව සෑම වසරකදීම මෙගාවොට්‌ 200කින් වැඩි වන අතර ඒ අනුව විදුලිය සඳහා ඉල්ලුම වාර්ෂිකව සියයට හතකින් පමණ වැඩි වේ. මෙම වැඩි වන අවශ්‍යතාව සපුරාලීම සඳහා තවමත් වගකිවයුතු අංශ වලට නිසි සැලසුම් නොමැත.
 
 බදු අහිමි වීම් සලකා බැලූවිට පුද්ගලික අංශයේ ඩීසල් බලාගාර වලින් විදුලිය මිලදී ගැනීමේදී ලංකා විදුලිබල මණ්‌ඩලයට වැය වන සැබෑ වියදම ඒකකයක්‌ සඳහා රුපියල් හතළිහක්‌ පමණවේ. ඇතැම් විට ඊටත් වඩා වැඩිය. මෙය රටට කිසිසේත් ඔරොත්තු නොදේ. ලංකා විදුලිබල මණ්‌ඩලය දිගින් දිගටම පාඩු ලබන්නේ පෞද්ගලික ඩීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම නිසාය.
 
 2016 දී රුපියල් බිලියන 16.3 ක ද , 2017 දී රුපියල් බිලියන 27.8 කද 2018 දී රුපියල් බිලියන 41.6ක ද විදුලිය මිලදී ගෙන තිබේ.
 
 අනෙක්‌ අතට ලංවිම මහා පරිමාණ කර්මාන්තශාලාවලට විදුලිය සපයන්නේ ඒකකයක්‌ රුපියල් 14 බැගිනි. එම ඇතැම් කර්මාන්තශාලා හිරු එළියෙන් විදුලිය නිපදවන අතර ලංවිම ඒවා මිලදී ගන්නේ ඒකකයක්‌ රුපියල් 23 බැගිනි. ලංවිම දරන මේ පාඩුව අවසානයේ දරන්නේ රටේ ජනතාවය. මේ නිසා රුපියල් හතළිහට විදුලිය මිලදී ගෙන එය රුපියල් දාහතරට ලබා දීමත් ඔවුන් නිපදවන විදුලියට රුපියල් 23 බැගින් ගෙවීමත් පිළිබඳව යළිත් සිතා බැලිය යුතුව තිබේ. අවසානයේ කිව යුතුව ඇත්තේ රටේ ජනතාවට වසර පුරා ස්‌ථාවර විදුලිය සැපයුමක්‌ සාධාරණ අඩු මිලට ලබාදීම සඳහා දැන්වත් රජය ඉක්‌මනින් පියවර ගත යුතු බවය. එසේම ශ්‍රී ලංකාව වැඩිම විදුලිය ගාස්‌තුවක්‌ ඇති රටක්‌ බැවින් යළිත් විදුලිය ගාස්‌තු වැඩි නොකරන ලෙසට අපි රජයට බල කර සිටින්නෙමු.
 

 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles