Divaina - නරේන්ද්‍ර මෝදිගෙන් ඉගෙන ගන්න

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

modaසිංහල බෞද්ධ ජනතාවගේ මහා සංස්කෘතික මංගල්‍යය වන දළදා පෙරහැර පෙරේදා  (14 දා* අවසන් වූයේ රටේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් සුබවාදී පණිවිඩයක් රට තුළ ස්ථාපිත කරමිනි. ඒ අතරම නවසීලන්ත ජාතික කි‍්‍රකට් කණ්ඩායම ශී‍්‍ර ලංකාවට පැමිණීමෙන්ද, එම ආරක්‍ෂාව තවත් සහතික කර තිබේ. අපේ‍්‍රල් 21 වැනිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ගත වූ කෙටි කාලය තුළ මෙවැනි කි‍්‍රයාකාරකම් දෙකක් සාර්ථක කර ගැනීමෙන් ශී‍්‍ර ලංකාව තම ආරක්‍ෂාව සම්බන්ධයෙන් පැහැදිලි පණිවිඩයක් ජාත්‍යන්තරයට ලබාදී තිබේ. එමගින් රටේ සංචාරක කර්මාන්තයට යහපත් ප‍්‍රවේශයක් උදා කරනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. රටේ ජාතික ආරක්‍ෂාව යථා තත්ත්වයට පත් කිරීමට ගන්නා උත්සාහය සම්බන්ධයෙන් ති‍්‍රවිධ හමුදාවටත්, පොලිසියටත්, ආණ්ඩුවටත් එහි ගෞරවය සමසේ ලැබිය යුතුය.
 
 මේ දිනවල දේශපාලන වේදිකාවේ වැඩියෙන්ම ‘මාකට්’ කළ හැකි වචනය වන්නේ ජාතික ආරක්‍ෂාවය. එය ඉතා හොඳින්ම ‘මාකට්’ කරනු ලැබුවේ අපට අසල්වැසි රටේ අගමැති නරේන්ද්‍ර මෝදිය. පසුගියදා අවසන් වූ ඉන්දීය මහ මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝදි යළි අගමැති ධුරය දිනාගනු ලැබුවේ රටක වැදගත්ම අංශය ජාතික ආරක්‍ෂාව යන සංකල්පය ඉන්දීය ජනතාවගේ රුධිර නාළවල කොටසක් බවට පත් කරමිනි. මෝදි ඒ සඳහා ආදර්ශයට ගත්තේ ශී‍්‍ර ලංකාවේ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයය. එම ප‍්‍රහාරය වළක්වා ගැනීමට ඉන්දීය බුද්ධි අංශ මගින් පස් වතාවක් ශී‍්‍ර ලංකාවට කළ අනතුරු ඇඟවීම මෝදිගේ භාරතීය ජනතා පක්‍ෂය ‘මාකට්’ කර ගනු ලැබුවේ සියයට 67 ක ජනවරමක් තමන් සතු කර ගනිමිනි. එම ජනවරමෙන් නොනැවතුණු නරේන්ද්‍ර මෝදි ව්‍යවස්ථාවෙන් ජම්මු-කාශ්මීරයට ලබාදී තිබූ ස්වයං පාලන බලතල අහෝසි කර දැමුවේ අනාගතයේදී ඉන්දීය ආරක්‍ෂාවට එල්ල විය හැකිව තිබූ විශාල තර්ජනයක් ඉවත් කරමිනි.
 
 ඉන්දියාවෙන් කොටසක් පාකිස්තාන රාජ්‍යය ලෙස ප‍්‍රකාශයට පත් කරන අවස්ථාවේ ඉන්දීය ව්‍යවස්ථාවේ 370 සහ 35A වගන්ති මගින් මුස්ලිම් ජනයා බහුතරයක් වෙසෙන ජම්මු-කාශ්මීරයට ස්වයං පාලන බලතල ලබාදී තිබිණි. එම බලතල මගින් වෙනම ව්‍යවස්ථාවක්, වෙනම ධජයක්, ඡුන්ද අයිතිය, ප‍්‍රාන්ත රජයේ රැකියා අයිතිය, ඉන්දියාවේ ඕනෑම පළාතකින් ඉඩම් මිලදී ගැනීමේ අයිතිය ආදී විශේෂ වරප‍්‍රසාද ජම්මු-කාශ්මීරයේ වැසියන්ට හිමිවිය. නමුත් ඉන්දියාවේ අනෙකුත් ප‍්‍රාන්තවල වැසියන්ට ජම්මු-කාශ්මීරයෙන් ඉඩම් මිලදී ගැනීම ව්‍යවස්ථාවෙන් අහුරා දමා තිබිණි. මෙම ව්‍යවස්ථා අර්බුදය දුරදිග යන්නේ 90 දශකයේදී ජම්මු-කාශ්මීරයේ ඉස්ලාම් අන්තවාදීන් විසින් සුළුතර හින්දු ජනයා සමූල ඝාතනය කොට ප‍්‍රාන්තයෙන් පලවා හැරීමේ මෙහෙයුමක් දියත් වීමත් සමගය. මෙම වාර්ගික සංහාරය පිළිබඳව අවධානයෙන් පසුවූ ඉන්දීය ආණ්ඩුව,
 
 ජම්මු-කාශ්මීරයට ලබාදී තිබූ ස්වයං පාලන බලතල අහෝසි කරනුයේ අනාගතයේ ඉන්දීය ජාතික ආරක්‍ෂාවට සිදුවිය හැකි මාරාන්තික විෂ බීජයක් සහමුලින්ම විනාශ කර දමමිනි. එපමණක් නොව ඉන්දීය මධ්‍යම ආණ්ඩුව බෞද්ධ ජනයා බහුතරයක් වෙසෙන ‘ලඩක්’ ප‍්‍රාන්තය ජම්මු-කාශ්මීරයෙන් වෙන්කර වෙනම ප‍්‍රාන්තයක් බවට පත් කරන්නේ කාශ්මීරයේදී හින්දුන්ට අත්වූ ඉරණම, ‘ලඩක්’හි බෞද්ධයන්ට අත්නොවනු පිණිසය. උතුරු-නැගෙනහිර සඳහා බලය බෙදාහැරීමට උනන්දු වන දේශපාලනඥයන් ජම්මු-කාශ්මීරයෙන් පමණක් නොව ඉන්දීය මධ්‍යම ආණ්ඩුවෙන්ද
 
 බොහෝ දේ ඉගෙන ගත යුතු බව අපගේ අදහසය. රටක ජාතික ආරක්‍ෂාව යනු ව්‍යවස්ථාව නමැති කඩදාසියට පමණක් සීමා වූවක් නොව ඉන් ඔබ්බට ගිය සුවිශාල ජාතික කි‍්‍රයාවලියක් බවට ඉන්දීය රජය විසින් ඔප්පු කර තිබේ. අවාසනාව වන්නේ එම ‘මොරාල්’ එක තවමත් ශී‍්‍ර ලංකාවට නොතිබීමය.
 
 රටක ජාතික ආරක්‍ෂාව බිඳ වැටෙන්නේ එක රැයකින් නොව වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය පාලන ක‍්‍රමයේ පවතින අර්බුද රැසක එකතුවකිනි. 2996 දෙනකුට මරු කැඳවූ 9/11 ත‍්‍රස්ත ප‍්‍රහාරයට මුල්වූයේ ඇමරිකාවේ F.B.I සහ C.I.A අතර බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් එකඟතාවක් නොතිබීමය. පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට මුල්වන්නේ ජාතික ආණ්ඩුව නියෝජනය කළ ශී‍්‍රලනිපය සහ එජාපය අතර රටේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් හුවමාරු වූ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් එකඟතාවක් නොතිබීමය. මෙම වරද යළි සිදුවීමට ඉඩ නොතැබිය යුතුය. ජම්මු-කාශ්මීරයෙන් පාඩමක් ඉගෙන ගෙන රටේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ඇති කර ගැනීම සියලූ දේශපාලන පක්‍ෂවල වගකීමය. රටේ අනාගතය වෙනුවෙන් දේශපාලනඥයකුට කළ හැකි වටිනාම ආයෝජනය එය වනු ඇත.

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles