Divaina - ජනතා අපේක්‍ෂාව

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ජනාධිපතිවරණයක් තවමත් ප‍්‍රකාශයට පත්කර නැත. එහෙත් ‘පොහොට්ටුවේ’ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා කල එළි බැසීමත් සම`ග රට තුළ මැතිවරණ උණුසුමක් හටගෙන තිබේ.
 
 කොටින්ම පාලක එජාපෙ ආණ්ඩුව තුළද දෙපිලක් බෙදී මත ගැටුම් උග‍්‍රවන තරමට මෙම ජනාධිපතිවරණ උණුසුම ඉහළ ගොස් ඇත.
 
 සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් බදුල්ලේදී රැළියක් පවත්වන්නට සජිත්වාදීන් උත්සුකව කටයුතු කරන්නේත් මේ ජනාධිපතිවරණ උණුසුම ඉහළ යාම නිසාය.
 
 එසේම, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගය නම් පෙරමුණක් මගින් ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත්වන බවට ප‍්‍රකාශයට පත්කර ඇත. තටු කැපූ ජනාධිපතිවරයකු වෙනුවෙන් මෙතරම් ඉල්ලූමක් ඇයිද යන්නත් ගැටළුවකි. එහෙත් එය වෙනම කතාවකි.
 
 මේ අතර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයකට පෙර පළාත් සභා මැතිවරණයකට සැරසෙයි. හේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ශක්‍යතාව පිළිබඳව ශ්‍රේෂඨාධිකරණයේ මතය දැනටමත් විමසා ඇත. අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ විභාගය 23 දා ආරම්භ වීමට නියමිතය.
 
 ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මත පළමුව යෙදෙන්නේ පළාත් සභාද ජනාධිපතිවරණයද යන්න තීරණය කෙරෙනු ඇත. පළාත් සභා ඉස්සර වුවහොත් වත්මන් ජනාධිපතිවරයාට තවත් ටික කලක් තම තනතුරේ රැුඳී සිටීමේ භාග්‍යය උදාවේ. යළිත් ජනාධිපති අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වන බවට ප‍්‍රකාශ නොකරන මෛත‍්‍රිපාල සිරිසේන මහතා පළාත් සභා මැතිවරණය නිමවන තෙක් කල් මරමින් සිට යළිත් අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වීමටද ඉඩ තිබේ.
 
 කෙසේ හෝ මැතිවරණ දෙකක් ළ`ග ළ`ග එන බව දැන් ජනතාවට වැටහී ඇති කාරණයකි. මෙසේ මැතිවරණ පැමිණෙන්නේ ජනතාව ආර්ථික වශයෙන්ද රට අන්තර්ජාතිකවද මිරිකී හෙම්බත්ව සිටින කාල වකවානුවකදීය.
 
 යහපාලන රජය බලයට පත්වී ගෙවී ගිය වසර හතරක පමණ කාලය රටේ ජනතාවට එතරම් සුගතියක් ඇතිවු කාලයක් නොවේ. යම් යම් සාධනීය තත්ත්වයන් තිබුණද, ජීවන වියදම, විරැුකියාව, ජාතික ආරක්‍ෂාව, ත‍්‍රස්ත බිය යනාදී ගැටලූ බොහොමයකින් රටට අත්වූයේ නරකක් මිස හොඳක් නම් නොවේ. එසේ හෙයින් රටේ ජනතාව මැතිවරණ ඇතිවත් බැරි නැතිවත් බැරි තත්ත්වයක පසුවේ.
 
 ජනතා ප‍්‍රශ්න කප්පරකට විසඳුම් ලබාදිය යුතුව තිබියදී මැතිවරණ පවත්වා ජනතා මුදල් කාබාසිනියා කරමින් සිදුකරන විගඩම් දකින්නට තවත් නම් ජනතාව කැමති නැත. එසේම එය රටට තවත් මහා ආර්ථික බරකි. එම බරද පසුව දැරිය යුත්තේ ජනතාවමය.
 
 එනමුත් පවතින ආණ්ඩුවෙන් තව දුරටත් රටට සුගතියක් නැති බව ජනතාවගේ අදහසයි. එසේම ජාතික ආරක්‍ෂාව බිඳවැටීම, අනවශ්‍ය ජාත්‍යන්තර ඇ`ගිලි ගැසීම්, බලවතුන් විසින් රට ගිල ගැනීමට දරණ උත්සාහයන් පරාජය කරනු පිණිස පාලනයේ වෙනසක්ද ජනතාව අපේක්‍ෂා කරති. එය පළාත් සභාවද, ජනාධිපතිවරණයද යන්න නොව, මැතිවරණයක අවශ්‍යතාව බව ජනතාව සපත කරති. එසේ හෙයින් මැතිවරණ උණුසුමක් රට තුළ උද්ගතවීම අරුමයක් නොවේ.
 
 එහෙත්, ජනතාව අපේක්‍ෂා කරන්නේ මැතිවරණ අභිමුව වුවද සහන මල්ලකි. ජීවන වියදම අඩුකිරීම විරැකියා ප‍්‍රශ්නයට විසඳුම් යනාදී ප‍්‍රමුඛ ජනතා අවශ්‍යතා සඳහා සහන ලැබීමය. ඒවා තවදුරටත් ලබා දෙන්නට සූදානම් නැති බව පවතින ආණ්ඩුව පෙරේදා (13 දා* ඉන්ධන මිල යළිත් වරක් ඉහළ දැමීමෙන් ප‍්‍රකට කළේය.
 
 එසේ හෙයින් සහනය පිණිස ඉක්මන් මැතිවරණ අවශ්‍යතාවක් රටට පවතී. මැතිවරණ කල්දැමීමේ ඉඩක් නොමැත. පොහොට්ටුව එම අවශ්‍යතාව හා මැතිවරණ උණුසුමද දැන් රටේ ඇතිකර ඇත.
 
 ඊට ගැලපෙන ප‍්‍රතිවාදීන් ප‍්‍රකාශ කිරීමට අනිකුන්ට දැන් අවස්ථාව උදාවී ඇතිවාක් මෙන්ම සහන මලූ නැතිනම් මරබිය නැති, සාධාරණ, පරිසරයද සුරක්‍ෂිත කරන මැතිවරණ ව්‍යාපාරයක් හෝ ජනතාවගේ අපේක්‍ෂාවයි.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles