Divaina - 'කුණු' සම්පතකි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

kunsමීතොටමුල්ල කසල කන්ද නාය යැම නිසා තිහකට අධික පිරිසක්‌ මියගියහ. නිවාස 100 කට පමණ හානි සිදුවිය. කුණු කඳුවලට යට වී මිනිසුන් මියයන කතාව අප රටට නුහුරුය. එහෙත් අප රටේ කසළ කළමනාකරණයේ දුගී බව පසක්‌ කරමින් මීතොටමුල්ල කුණු කන්දට යට වී අප රටේ මිනිසුන් පිරිසකට මිය යැමට සිදුවිය. මීතොටමුල්ල නාය ගිය මොහොතේ දී එහි වගකීම කොළඹ මහ නගර සභාව හෝ වෙනත් පාර්ශ්වයන්a එය භාර ගත්තේ නැත. සිදු වූ එකම දේ වූයේ එකිනෙකාට බෝලය පාස්‌ කර ගැනීම පමණි.
 
 මීතොටමුල්ල කසළ කන්ද නාය යැම නිසා කොළඹ නගර සීමාවේ එකතුවන කැළි කසළ බැහැර කිරීම අර්බුදයට ලක්‌විය. ඒ සඳහා අවසානයේ පැමිණි විසඳුම වූයේ කොළඹ කුණු කෙරවලපිටිය කසළ අංගනයට බැහැර කිරීමයි. කොළඹ කුණු නිසා මේ වන විට කෙරවලපිටිය අංගනයේ කසළ ධාරිතාවය ඉක්‌මවා ඇත. මේ සඳහා විකල්පයක්‌ සොයා ගන්නා ලෙසට කොළඹ නගර සභාවට කල්තියා දැනුම් දුන්නද ඒ සඳහා කොළඹ නගර සභාව ක්‍රියාත්මක වූයේ නැතැයි මහා නගර සහ බස්‌නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.
 
 මෙම අර්බුදය හමුවේ කොළඹ කුණු කුණුවිය. මේ නිසා කොළඹ නගරයේ බොහෝ තැන් දුගඳින් පිරෙන්නට විය. වැසි ඇදහැලීමත් සමඟම මෙම තත්ත්වය තවත් වර්ධනය විය. සාමාන්‍යයෙන් දිනකට කොළඹ මෙටි්‍රක්‌ ටොන් 600 ක්‌ පමණ කුණු කසළ එක්‌රැස්‌ වේ. මෙම කුණු බැහැර කිරීම දිනපතා කළමනාකරණය නොකළහොත් සිදුවනුයේ ඉතා බරපතළ තත්ත්වයකි. පසුගිය දින දෙකේදී කොළඹ නගරවාසීහු මෙම නරක අත්දැකීමට මුහුණ දුන්හ.
 
 කෙසේ නමුත් කොළඹ ගොඩගැසී තිබූ කුණු ඊයේ වනවිට පුත්තලම අරුවක්‌කාරු ප්‍රදේශයේ කසළ ප්‍රතිචක්‍රීකරණය මධ්‍යස්‌ථානය වෙත රැගෙන යැමට පියවර ගත් බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්‌ පාලිත නානායක්‌කාර මහතා පවසයි.
 
 අරුවක්‌කාරු කසළ අංගනය ආරම්භ කර ඇත්තේ ඝන අපද්‍රව්‍ය ඇතුළු කසළ රඳවනයක්‌ ලෙසය. එය ඉදිරි වසර සියයකට ලංකාවේ ඕනෑම කුණු ප්‍රමාණයක්‌ රඳවා තබා ගැනීමට හැකි වන ලෙස නිර්මාණය කර තිබේ.
 
 මහා නගර සභා සහ බස්‌නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ඉදිකළ මෙම කසල අංගනය දෙසැම්බර් මාසයේදී වැඩ නිම කෙරෙනු ඇත. අනතුරුව ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්‌ථානයට හෝ පළාත් පාලන ආයතනවලට හෝ එය පවත්වාගෙන යැමේ වගකීම පැවරෙනු ඇත. මහජනතාවගේ විරෝධතා මැද වුවද මෙවැනි කසළ අංගනයක්‌ හෝ ඉදි නොකළේ නම් කොළඹ කුණු කොළඹම කුණු වීමට ඉඩ තිබිණි.
 
 රටක්‌ ලෙස කුණු පිළිබඳව අපේ ආකල්ප වෙනස්‌ කරගෙන මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුය. ''කුණු'' සම්පතක්‌ කර ගැනීම පිළිබඳව අප සිතන්නේ නැත. කුණු නිසි ලෙස ප්‍රතිචක්‍රිකරණය කර පොහොර නිෂ්පාදනය කිරීම, විදුලිය නිෂ්පාදනය කිරීම වැනි දේට යොමුවීම අත්‍යවශ්‍ය කාරණයකි. මේ සඳහා රට පුරා තිබෙන පළාත් පාලන ආයතන ඔස්‌සේ ක්‍රියාත්මක විය හැකිය. දැන් දැන් පවතින තත්ත්වයට අනුව කොළඹ කුණු පමණක්‌ නොව කොළඹින් පිට පළාත්වල මෙම කුණු ප්‍රශ්නය උග්‍රවෙමින් පවතී. එම නිසා අප ඉහතින් සඳහන් කළ කසළ සම්පතක්‌ කර ගැනීමේ ක්‍රියාවලිය ඉක්‌මන් කළ යුතුය. රුපියල් කෝටි ගණන් වියදම් කරමින් පසුගිය කාලය පුරාම පළාත් පාලන ආයතනවල මැති ඇමැතිවරු කුණු කසළ කළමනාකරණය පිළිබඳ අධ්‍යයනය කිරීමට විවිධ රටවල සංචාරය කළහ. දැන්වත් ඒ ඇත්තෝ මේ කුණු ප්‍රශ්නයට විසඳුම් ගෙන ආ යුතුය. එසේ නොකළහොත් ජනතාවගේ බදු මුදල්වලින් පිටරට ගොස්‌ ජනතාවගේ මුදල් සොරකම් කළ වරදට මේ අය ජනතා අධිකරණය හමුවේ චූදිතයන් වනු ඇත.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles