Divaina - මැද පෙරදිග ගෘහ සේවයෙන් අම්මලා මුදාගැනීම!

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 කුවේටයේ ගෘහ සේවයේ යෙදී සිටියදී විවිධ තාඩන පීඩනවලට ලක්වූ ශී‍්‍ර ලාංකික කාන්තාවෝ 57 දෙනෙක් පෙරේදා (29 වැනිදා* උදෑසන කටුනායක ගුවන්තොටුපළට පැමිණියහ.
 
 ශී‍්‍ර ලංකන් ගුවන් සේවයට අයත් යූ. එල්. 230 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණි එම කාන්තාවන් අතර හාම්පුතුන්ගේ පහරදීම්වලට ලක්වූ හා විවිධ හිරිහැරවලට ලක්වූ කාන්තාවෝද වූහ. වැටුප් නොලැබීම නිසා තවත් පිරිසක් පැමිණ සිටියහ. කුවේටයේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය වෙත තම දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමෙන් පසුව කුවේට් පොලිසිය මගින් පරීක්‍ෂණ පවත්වා තාවකාලික ගුවන් ගමන් බලපත‍්‍ර යටතේ මෙම ශී‍්‍ර ලාංකික කාන්තාවන් මෙරටට එවා තිබිණි.
 
 මෙලෙස මෙරටට පැමිණි කාන්තාවන් අතර එක් කාන්තාවක් පැමිණියේ රෝද පුටුවෙනි. ඒ කුවේට් හාම්පුතාගේ පහරදීමක් නිසාවෙනි. තවත් කාන්තාවක් පැමිණියේ දෑස් අන්ධවය.
 
 මැද පෙරදිග යන අපේ කාන්තාවන් කාලයක් තිස්සේ මේ දුක්ගැහැට විඳිති. ඔවුන් මැදපෙරදිග යන්නේ අන්ත දුප්පත්කම නිසාවෙනි. පවුලේ ආර්ථිකය ගොඩගැනීමට කාන්තාවන් විදේශගතවීම නිසා සමාජීය ප‍්‍රශ්න ගණනාවකට මුල පිරී ඇත. මව විදේශගත වූ විට පියා බේබද්දකු වීම, දරුවන් නන්නත්තාර වීම, පවුලේ සිටින ගැහැනු දරුවන් බේබදු පියා අතින් ¥ෂණයට ලක්වීම යනාදී ඉතාමත් අයහපත් අවරගණයේ කි‍්‍රයා ගැන පසුගිය කාලයේ අපට එක දිගට ඇසෙන්නට විය. මේ හේතුව නිසාම පසුගිය රජය කාලයේදී වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින අම්මලාට රැුකියා සඳහා විදේශගතවීම තහනම් කරන ලදී. අවුරුදු පහට වැඩි දරුවන් සිටියත් පවුලේ ආරක්‍ෂාව ගැන සහතිකයක් නොමැති නම් එම පවුල්වල මවුවරුන්ට ද රැුකියා සඳහා විදෙස්ගත වීම තහනම් කරන ලදී. එය යහපත් කි‍්‍රයාමාර්ගයකි.
 
 කවරක් නමුත් මේ වන විට අප රටට වැඩි විදේශ විනිමයක් ලැබුණේ විදෙස්ගත ශ‍්‍රමිකයන් නිසාවෙනි. එනිසා රැුකියා සඳහා විදෙස්ගත වීම නවතා දැමීම ප‍්‍රායෝගික කි‍්‍රයාවක් නොවන බව පැහැදිලිය. නමුත් එය කළමනාකරණය කළ යුතු කාලය එළඹ ඇත. විශේෂයෙන් කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදෙස්ගත වීම වළක්වා ඔවුන් වෙනත් වෘත්තීය පුහුණු ශ‍්‍රමිකයන් ලෙස විදේශ රැුකියා සඳහා පිටත් කළ හැකි නම් එය ඔවුන්ගේත් රටේත් යහපත පිණිසම හේතුවනු ඇත. 2016 වර්ෂයේ විදේශ රැුකියා සඳහා ශී‍්‍ර ලාංකිකයන් 242930 ක් විදේශගතව තිබිණි. ඉන් 82628 ක් කාන්තාවන්ය. එය ප‍්‍රතිශතයක් ලෙස ගත් විට 34% කි. විදෙස් ගත වු කාන්තාවන්ගෙන් 26.81% ක් සේවය කරන්නේ ගෘහ සේවිකාවන් ලෙස විදෙස්ගත වී ඇත. කාන්තාවන්ගේ වෘත්තීය මට්ටම උසස් කොට විදෙස් රැුකියාවලට යොමු කිරීමෙන් වාසි රැුසක් අත්වේ. ඉන් ඇයට වැඩි වැටුපක් උපයා ගැනීමේ අවස්ථාව ලැබෙනු ඇත. අනෙක් අතට ගෘහ සේවිකාවට වඩා
 
 රැුකියාවේ සුරක්ෂිතභාවය මෙන්ම ඇයගේ ආරක්‍ෂාව ද සහතික වනු ඇත.
 
 ශී‍්‍ර ලාංකීය අපගේ සංස්කෘතික බැඳීම් අනුව මව, පියා සහ දරුවන් අතරේ ඇත්තේ සමීප බැඳීමකි. මව හෝ පියා විදෙස්ගතවේ නම් පවුලේ එම බැඳීම අඩු නොවන ලෙස කුටුම්භය කළමනාකරණය කර ගැනීම ඉතාම වැදගත්ය.
 
 පවුලේ ආර්ථිකය සැලසුම් කරන්නා සේම තම පවුල වටා කේන්ද්‍ර වූ දරුවන්ගේ අනාගතය යහපත් කිරීමද දෙමාපියන්ගේ යුතුකම සහ වගකීම බව අමතක නොකළ යුතුය. යහපත් කුටුම්භයක් රටට ශාන්තියකි. ආශිර්වාදයකි. රටේ ඉදිරි ගමනට එය රුකුලකි. එනිසාම මැදපෙරදිග නිවෙස්වල ගෘහ සේවයට අපේ අම්මලා සහ කාන්තාවන් යැවීම පාලනය කර ඒ සඳහා සුදුසු විකල්ප ක‍්‍රම සොයා ගත හැකි නම් එය අප රටේ ඉදිරි ගමන සඳහා මහත් රුකුලක් වනු ඇත.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles