Divaina - "මාරුවීම්" ගෙදරට දෙන්න

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

පොලිසිය සම්බන්ධයෙන් "ගඳ ගසන" කතන්දර බොහෝ සෙයින් ඇසේ. වසරකට එවැනි කතා කිහිපයක්‌ අසන්නට ලැබීම පුදුමවන්නට කාරණයක්‌ නොවේ. පුදුම විය යුත්තේ එසේ අසන්නට නොලැබුණොත්ය. ඊයේ (02 දා) සියලුම පුවත්පත් වාර්තා කොට තිබූ කටුගස්‌තොට පොලිසියේ 65 ක්‌ මාරු කිරීමේ සිද්ධිය එවැනි ගඳ ගසන කතාවකි. මේ හැටපස්‌දෙනා මාරු කර ඇත්තේ "සේවා අවශ්‍යතා මත" හෝ ගෙදර දොරේ ප්‍රශ්න නිසා නොවේ. කෙටියෙන් කීවොත් නිල ඇඳුම භාවිත කරමින් අලුගුත්තේරු වැඩ කිරීම නිසාය.

වාර්තා වී ඇති පරිදි මේ පිරිසට (පොඩි ගාණක්‌ නොවේ 65 ක්‌ බව සිහි තබාගත යුතුය.) ස්‌ථාන මාරුවීම් ලැබී ඇත්තේ, මහාධිකරණයේ විභාග වීමට නියමිත හෙරොයින් නඩුවකට අදාළ තොරතුරු ඇතුළත් සටහන් පොතක්‌ සහ එම නඩුවට අදාළ නඩු භාණ්‌ඩ සටහන් කරන දේපළ කුවිතාන්සි පොත අස්‌ථානගත වීම ඇතුළු සිද්ධීන් කීපයක්‌ මුල් කරගෙනය. එම වාර්තාවලට අනුව මේ ස්‌ථාන මාරුවීම් ලැබූ පිරිසෙන් සමහරු වසර හතරකට පහකට වැඩි කාලයක්‌ විවිධ දේශපාලන රැකවරණ යටතේ කටුගස්‌තොට පොලිසියේම රැඳී සිට ඇත. ඒ බොහෝ දෙනකුට ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වීම විවිධ විෂමාචාර චෝදනා, දූෂණ චෝදනා, මැර ක්‍රියා, නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකිරීම, පක්‍ෂග්‍රාහීව ක්‍රියාකිරීම, ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබා ගැනීම යන චෝදනා තිබී ඇත.

රාජකාරි නිල ඇඳුමට මුවා වී කරන ලද අමනකම් තේරුම් ගැනීමට කවරකුට වුව මේ තොරතුරු ප්‍රමාණවත්ය. යම් යම් සිද්ධීන් නිසා ඇදගෙන නාගත් පොලිසිය අශුචි වළකටම පැන නාගන්නා අතරවාරයේ රටම ගඳගස්‌සවන බව තේරුම් ගන්නට ද මේ සිද්ධිය ප්‍රමාණවත්ය. අමු අමුවේම මේ ප්‍රදර්ශනය කරන්නේ 'භාවනා' කරන පොලිසියක තරමය. පොලිසිය තුළම කාබී එහිම කැත කිරීමේ අසමඡ්ජාතිකම බොහෝ දුර අතීතයක සිට ක්‍රමයෙන් ව්‍යාප්ත වූවකි. මේ පුත්‍රයින් 65 දෙනා මාරු කළ පසු කටුගස්‌තොට පොලිසියට එන්නට පොරකන අය අතර මීට පෙර කටුගස්‌තොට පොලිසියේ රාජකාරි කරමින් සිටියදී විෂමාචාර ක්‍රියාවන්ට ලක්‌ව වෙනත් පොලිස්‌ ස්‌ථාන වෙත මාරුවීම් ලැබ ගිය අය ද සිටින බව වාර්තාවේ. කටුගස්‌තොට පොලිසියට පැමිණෙන අයගේ "හොද්ද බොර වන" තරම ඉන් තේරුම්ගත හැක.

මේ වන විට ලංකාවේ පොලිසිය හින්දි චිත්‍රපටවල පොලිස්‌ කතන්දර තරමටම නරක තැනකට පැමිණ තිබේ. හින්දි චිත්‍රපටවල වීරයා සමග සටනට එන දුෂ්ටයාට "සපෝට්‌" කරන්නේ පොලිසියයි. ලංකාවේ පොලිසිය දුෂ්ඨයාට "සපෝට්‌" කරන අතරේම "දුෂ්ඨයාට" අඳිති. කාකි නිල ඇඳුම යනු රැස්‌ විහිදුවන ගෞරව සම්ප්‍රයුක්‌ත එකක්‌ බවට පත්ව තිබූ යුගය අහෝසි කරන්නට පෙරමුණ ගෙන සිටින්නේ කාකි නිල ඇඳුම අඳින අයමය. පොලිසියේ සමහර නිල දරුවන් එක හොඳ වැඩක්‌ කර පොලිසිය "පොලිෂ්" කරන විට කාකි ඇඳුම අඳින අශිෂ්ටයන් පිරිසක්‌ එක්‌ව අශුචි බාල්දියක්‌ ගෙන ඒ මත තවරා හොඳ නම කැත කරති. ඒ නිසාම පොලිසිය නම ගිය අපරාධකරුවන්, කොල්ලකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගත්ත ද පොලිසියේ නම කැත වීමට කටුගස්‌තොට සිද්ධියම ප්‍රමාණවත්ය.

පොලිසිය යනු ලොවම පිළිගත් සංකල්පයකි. 1796 - 1948 කාලයේ ඉංගී්‍රසි යුගයේදී ක්‍රමවත්ව පොලිස්‌ සේවය ස්‌ථාපිත කර ඇත. 1865 අංක 16 දරන ආඥ පනතින් පොලිස්‌ දෙපාර්තමේන්තුව 1866 දී ආරම්භ කර තිබේ. පොලිස්‌ ඉතිහාසය එබඳුය. ඒ කාලය තුළ කීර්තිමත් ඉතිහාසයක්‌ සනිටුහන් කර ඇති පොලිසියේ නම කැත කරන මෙවැනි අශිෂ්ටයන්ට "ස්‌ථාන මාරුවීම්" නොව "ගෙදරටම මාරුවීම්" ලබාදිය යුතු බව අපේ විශ්වාසයයි.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles