Divaina - ආණ්‌ඩුවේ 'අල ගෝනි'

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය සඳහා ගැසට්‌ පත්‍රය නිකුත් කිරීම පසුගිය 01 දා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා අතින් සිදු විය. ඒ අනුව පළාත් පාලන මැතිවරණය බොහෝදුරට ජනවාරි මස අගදී පැවැත්වෙනු ඇති බවට අනුමාන කළ හැක.
 
 ආණ්‌ඩුව උපක්‍රමශීලීව, තමන්ට ඉතා වාසිදායක අයුරින් රටේ මැතිවරණ ක්‍රියාවලිය කළමනාකරණය කරගනිමින් සිටිති. දේශපාලන විද්‍යාවේදී මැතිවරණ කළමනාකරණය නමින් විෂයයක්‌ නොතිබුණත් ශ්‍රී ලංකාවේ දේශපාලන විද්‍යාව පොත ඊට හාත්පසින්ම වෙනස්‌ය. එම පොත පුරා ඇත්තේ දේශපාලන විද්‍යාව නොව මැතිවරණ කළමනාකරණයයි. බලයට පත්වන සෑම පාලකයකුම මෙම පොත හොඳින් පෙරළා තිබෙන බව පැහැදිලිව පෙනෙන්නේ ඔවුන් ඉතා දක්‍ෂ ලෙස තමන්ගේ මැතිවරණ ක්‍රියාවලිය කළමනාකරණය කර ගැනීමෙනි. එක අතකින් රටේ දේශපාලනය තුළ රැඳී සිටීමට නම් මැතිවරණ කළමනාකරණය කරගත යුතුය. නමුත් අර්බුදය වන්නේ රටේ දහසක්‌ දැවෙන ප්‍රශ්න කළමනාකරණය නොකර ආණ්‌ඩුව මැතිවරණ පමණක්‌ කළමනාකරණය කර ගැනීමය.
 
 අද රටේ ජීවන වියදම දැවෙන අර්බුදයක්‌ බවට පත්ව තිබේ. පොල් ගෙඩියේ සිට එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්‌ඩ රැසක මිල රොකට්‌ වේගයෙන් ඉහළ ගොස්‌ තිබේ. දෛනික වැටුපෙන් ජීවත්වන ජනතාවට නම් මෙම ජීවන වියදම කිසිසේත්ම දරාගත නොහැක. මේ ජීවන වියදම ඉහළ යැම ගැන ආණ්‌ඩුවේ වගකිවයුතු ඇමැතිවරුන්ගේ ප්‍රකාශ අසා සිටීම තරම් හිරිකිතයක්‌ ජනතාවට තවත් නැත. පොල් මිල ඉහළ ගියේ පොල් පලදාව අඩු වූ නිසා බවත්, එළවළු මිල ඉහළ ගියේ නියඟය නිසා බවත්, හාල් මිල ඉහළ ගියේ ගංවතුර නිසා බවත් කීමට රටකට ආණ්‌ඩුවක්‌ අවශ්‍ය නැත. මේවා සෑම සතියකටම වරක්‌ පොළට යන, මළපොතේ අකුරක්‌ නොදන්නා "ආච්චි අම්මා" කෙනකුට වුවද වැටහෙන කාරණාය. ආණ්‌ඩුව කළ යුත්තේ පොල් මිල ඉහළ යන විට පොල් සහනාධාර දීමත්, එළවළු මිල ඉහළ යන විට එළවළු ඇට බෙදාදීමත්, හාල් මිල ඉහළ යන විට පොහොර සහනාධාරය දීමත් නොව මේ වෙළෙඳපොළ ඉතා සූක්‍ෂ්ම ලෙස කළමනාකරණය කිරීමය. ඒ සඳහා ආණ්‌ඩුවට රාජ්‍ය බලතලවලින් පිරි අමාත්‍යංශ ගණනාවක්‌ද, ඇමැතිවරු රොත්තක්‌ ද සිටිති. නමුත් මේ රාජ්‍ය යාන්ත්‍රණය 'අල ගොඩක්‌' බව පෙනෙන්නේ මොවුන්ට අඩුම තරමේ පොල් ගෙඩියක මිලවත් කළමනාකරණය කරගැනීමට නොහැකි වීම නිසාය.
 
 අද ලෝකය පුරා ක්‍රියාත්මක වන්නේ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයකි. මෙම ආර්ථික ක්‍රියාවලිය තුළ කිසිදු රටකට තනිව නැඟීසිටීම කෙසේ වෙතත් ඒ ගැන හිතන්නවත් කාලයක්‌ නැත. එම නිසා මෙම ආර්ථික ක්‍රමය තුළ ඕනෑම රටකට ඉතා පහසුවෙන් තමන්ගේ රටේ වෙළෙඳපොළ කළමනාකරණය කරගැනීමට අවස්‌ථා රැසක්‌ උදා වී තිබේ. නමුත් අර්බුදය වන්නේ නිතරම වෙළෙඳපොළ ආර්ථිකය ගැන කතා පවත්වන ආණ්‌ඩුවට ද මෙම වැදගත් කාරණා අමතක වීමය.
 
 පොල්, හාල්, එළවළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්‌ඩ රැසක මිල ඉහළ ගියේ එම භාණ්‌ඩ සඳහා වෙළෙඳපොළේ රික්‌තකයක්‌ ඇති වූ නිසාය. එම රික්‌තකය ඇතිවන බවට ආණ්‌ඩුව කෙසේ වෙතත් ජනතාව කල්තියා දැන සිටියහ. මෙම රික්‌තකය පිරවීමට අවශ්‍ය ඕනෑ තරම් භාණ්‌ඩ සහනදායී මිලට ආසියානු වෙළෙඳපොළ තුළ දිනපතා සංසරණය වේ. නමුත් ලංකාවේ වෙළෙඳපොළ කළමනාකරණය 'අල ගොඩක්‌' බවට පත්ව ඇති නිසා මෙම වෙළෙඳ වාසිය රටේ පාරිභෝගිකයන්ට ලබාගැනීමට තිබෙන අවස්‌ථා රැසක්‌ මඟහැරී ගොස්‌ තිබේ. දැන්වත් ආණ්‌ඩුව රටේ ජීවන වියදම පාලනය කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක්‌ දියත් කළ යුතුය. සතොසේ ලොරි චින්තනයෙන් මෙම අර්බුදය ජය ගත නොහැකි බව ආණ්‌ඩුව දැන්වත් වටහා ගත යුතුය.
 
 

 

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles