Divaina - නියෝජනය දෙගුණ වීමත් රටට බරකි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

පුංචි ඡන්දය ජනවාරි 20 - 31 යන දිනයන් අතරතුර පැවැත්වීමට නියමිත බව ඊයේ මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි. කෙසේ හෝ ඡන්දයක්‌ ළඟ එන බව පෙනේ. මෙය හදිසියේම වෙනස්‌ වීමටත් ඉඩ ඇත. එහෙත් ඡන්දය ගැන සෘනාත්මකව නොව ධනාත්මකව බලා ජනවාරියට ලක ලෑස්‌ති වීමට සියලුදෙනාම සූදානම් විය යුතුය. නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් පාලන ආයතන ප්‍රමාණය 336 සිට 341 දක්‌වා ඉහළ ගොස්‌ ඇත. ශ්‍රී පාදය අබෞද්ධයන් බහුතරයකගේ පාලනයට නතුවේ ද යන්න පිළිබඳ බෞද්ධයන් තුළ ප්‍රශ්නයක්‌ මතුව ඇත්තේ ද මේ පළාත් පාලන ආයතන ප්‍රමාණය වැඩි වීමත් සමඟ ය. ශ්‍රී පාදයේ පාලනය අබෞද්ධ පළාත් පාලන ආයතනයකට හිමි විය යුතු නැත. එය නැති අවුල් ඇති කරන්නකි. මේ ගැන රටේ ඉහළම දේශපාලන බලධාරීන්ගේ අවධානය යොමු වීම ඉතා වැදගත් ය.
 
 නව මැතිවරණ ක්‍රමය යටතේ සභිකයන් ප්‍රමාණය දෙගුණ වී ඇත. වෙනදා ලංකාවෙන් ම පළාත් පාලන ආයතන සඳහා සභිකයන් 4486 පත් කරගනු ලැබූ අතර නව ක්‍රමය නිසා එම ප්‍රමාණය 8356 දක්‌වා ඉහළ ගොස්‌ ඇත. ඒ අනුව වැඩි වූ පිරිස 3870 කි.
 
 මැති ඇමැති දීමනා ගැන තීරු බදු රහිත වාහන ගෙන්වීම ගැන නිරන්තර කතාබහට ලක්‌වේ. සාමාන්‍යයෙන් ඇමැතිවරයකු නඩත්තු කිරීමට දිනකට ලක්‍ෂ දෙකකට ආසන්න මුදලක්‌ වැය වන බව පසුගිය දිනක පළ වූ මාධ්‍ය වාර්තාවක සඳහන් විය. මැති ඇමැතිවරු සිටින්නේ පාර්ලිමේන්තුවේ පමණක්‌ නොවේ. පළාත් සභාවේත් ඇමැතිවරු මන්ත්‍රීවරු සිටිති. මොවුන් වෙනුවෙන් වියදම් කරන්නේ ලෝක බැංකුව හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොව මහජනයාගෙන් ලබා ගන්නා බදුÊමුදලිනි. දැන් පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව වැඩිවීම ප්‍රජාතන්ත්‍රවාදයට යහපතක්‌ වුව ද එය භාණ්‌ඩාගාරයට නම් යහපතක්‌ නොවේ. අලුතින් පත්වන මන්ත්‍රීවරුන්ට ද වැටුප් හා සෙසු දීමනා සියල්ල ලබා දීමට සිදුවන්නේ මහජන බදුÊමුදල් වලිනි. ඒ අනුව නව මැතිවරණ ක්‍රමයේ වෙනස යහපත් ද අයහපත් ද යන්න කෙසේ වෙතත් වැඩියෙන් බදු බර පැටවෙන තත්ත්වයක්‌ නිර්මාණය වන බව නම් පැහැදිලිය.
 
 පළාත් පාලන ආයතනවල එක්‌ එක්‌ කොට්‌ඨාසවලට මන්ත්‍රීවරු පත් කිරිම නව ක්‍රමය හරහා සිදු කෙරේ. ඒ අනුව මන්ත්‍රීවරු වැඩිවීම වැළැක්‌විය නොහැක. නමුත් ප්‍රශ්නය කුමක්‌ද? මන්ත්‍රීවරු වැඩි වූ නිසා පළාත් පාලන ආයතනවල ආදායම වැඩි වන්නේද? නැත. පළාත් පාලන ආයතනවල එදිනෙදා කටයුතු සිදු කිරිම සඳහාත් සමහර අවස්‌ථාවල පළාත් සභා අරමුදල් මධ්‍යම රජයෙන් අරමුදල් ලබා ගන්නා අවස්‌ථා බොහෝය. එවන් තත්ත්වයක්‌ තුළ නියෝජිත ප්‍රමාණය 3870 කින් ඉහළ යැම නිසා ඉහළ යන වියදම් පියවා ගැනීමට වරිපනම් බදු වැඩි කරන්නට සිදුවෙයිද? මන්ත්‍රී දීමනා ගෙවීමට පළාත් පාලන ආයතනවල රාජ්‍ය බැංකුවලින් ණය ගැනීමට සිදු වෙයිද?
 
 පළාත් පාලන ඡන්දය ඉක්‌මනින් පැවැත්වීම යහපත් ය. ඡන්ද කල් යැම ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ හානියකි. ඒ කවරක්‌ වෙතත් පුංචි ආණ්‌ඩුවල මන්ත්‍රී ධුර ප්‍රමාණය වැඩි වීම නිසා නිර්මාණය වන අතිරේක වියදම පියවා ගන්නේ කෙසේ ද? ඩෙංගු මර්දනය නතර කර මන්ත්‍රී වියදම් පියවා ගත නො හැක. පළාත් පාලන නියෝජිත ප්‍රමාණය වැඩිවීමේ හොඳ නරක දෙකම ඇති බව අප පැහැදිලිව වටහාගත යුතු ය.
 
 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles