Divaina - සංහිඳියා ෆෙඩරල්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

නව ව්‍යවස්‌ථාව පිළිබඳව රටේ ඇතිවී තිබෙන ගැටලු නිරාකරණය කරගැනීම සඳහා දේශපාලනඥයන්ගෙන්, ආගමික නායකයන්ගෙන් සහ උගත් බුද්ධිමතුන්ගෙන් යුත් සමුළු තුනක්‌ කැඳවීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (30 වැනිදා) ප්‍රකාශ කර තිබිණි. ඊයේ (31 දා) සියලුම පුවත්පත් මේ බව වාර්තා කර තිබිණි.
 
 ජනාධිපතිවරයා කියා ඇති පරිදි එම සමුළු සංවිධානය වන්නේ පහත ආකාරයටය. සියලු දේශපාලන පක්‍ෂවල සාමාජිකයන්ගෙන් යුත් සර්ව පාක්‍ෂික සමුළුවක්‌, බෞද්ධ - හින්දු - ක්‍රිස්‌තියානි සහ ඉස්‌ලාමීය ආගමික නායකයන්ගෙන් යුත් ආගමික සමුළුවක්‌ සහ ව්‍යවස්‌ථාව පිළිබඳ උනන්දුවක්‌ දක්‌වන උගතුන්ගෙන් සහ බුද්ධිමතුන්ගෙන් යුතු වියත් සමුළුවක්‌ය.
 
 ජනාධිපතිවරයා මේ කතාව කියන්නේ මතුව ඇති අර්බුදය ගැන සැබෑම හැඟීමකින් විය යුතුය. එමෙන්ම මේ කවර සමුළුවකින් වුව ගන්නා වූ තීන්දු තීරණ අවසන රට බෙදන තැනකට ගොනුවේ නම් ඊට ජනාධිපතිවරයා එකඟ නොවන බව අපට විශ්වාසය. නව ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධයෙන් රට තුළ මතුව තිබෙන අර්බුදකාරී තත්ත්වය සේම ඊට එරෙහි වන විවිධ බලවේග මතු කරන කරුණු කාරණා ද ප්‍රවේසමින් අවධානයට යොමු කළ යුත්තකි. වචන එහා මෙහා වීම් යෙදුම් එහා මෙහා වීම් අවසානයේදී රට බෙදන තැනකට බටහිර බලවේගවල අවශ්‍යතාවන්ට ඉඩ ලබාදෙන මට්‌ටමට හැරේ නම් මහත් විපතකි. මහා සංඝයා වහන්සේලා ඉස්‌මතු කරන්නේ ද මේ කාරණයයි. පෙරේදා (30 වැනිදා) ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාවේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ යාපනය දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් කළ ප්‍රකාශය ගැන ආණ්‌ඩුව විශේෂ අවධානයක්‌ යොමු කළ යුතු බව අපේ හැඟීමයි. සුමන්තිරන්ගේ කතාවේ සංක්‍ෂිප්තය මෙසේය.
 
 "ශ්‍රී ලංකාව අනාගමික රටක්‌ විය යුතුයි. එය මා වගකීමෙන් කියනවා. නමුත් තම ආගමට යම් ප්‍රමුඛස්‌ථානයක්‌ දිය යුතුයි කියා බෞද්ධයන් කියනවා නම් අප ඊට විරුද්ධ නැහැ. ශ්‍රී ලංකාව ෙµඩරල් රාජ්‍යයක්‌ විය යුතුයි."
 
 සුමන්තිරන් කියන පරිදි "අනාගමික" රටක "බෞද්ධාගමට" ප්‍රමුඛස්‌ථානය දිය යුතු යෑයි කියන කතාව දමිළයන්ට පවා නොතේරෙන අණ්‌ඩර දෙමළයකි. නව ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් මත ඉදිරිපත් කරන බොහෝ විද්වතුන් යෑයි කියාගන්නා මහත්වරු ද ඉදිරිපත් කරන්නේ මෙවැනි අණ්‌ඩර දෙමළය. නව ව්‍යවස්‌ථාවේ සඳහන්ව ඇති කරුණු කාරණාද මෙවැනි අණ්‌ඩර දෙමළය. සුමන්තිරන් කියන පරිදි "ෙµඩරල්" යනු වුවමනාම කාරණයකි. ජනාධිපතිවරයා කැඳවන සමුළු තුනේදී වුව මේ කාරණා ඉස්‌මතු වීම නොවැළැක්‌විය හැකි කාරණයක්‌ බව අපේ විශ්වාසයයි.
 
 ඇත්ත වශයෙන්ම දැන් පෙනෙන්නට ඇති පරිදි නව ව්‍යවස්‌ථාව පිළිබඳ යහපාලන ආණ්‌ඩුව තුළ ද පැහැදිලි එකඟතාවක්‌ නැත. 2015 ජනවාරි 08 වැනිදා ලක්‍ෂ 62 ක ජනතාවක්‌ අලුත් ආණ්‌ඩුවක්‌ පත්කර ගත් බව ඇත්තය. එහෙත් ඒ කිසිවකුත් "නව ව්‍යවස්‌ථාවක්‌ ඉක්‌මණින් ඕනෑ" යෑයි කීවේ නැත. දැන් යහපාලන රජයේ ප්‍රමුඛ කාර්යභාරය සංහිඳියාව ඇති කිරීම බව එහි මූලිකත්වය ගෙන ඇති අය කියති. නව ව්‍යවස්‌ථාව සකස්‌ කරන්නේද සංහිඳියාව තහවුරු කිරීම සඳහාය. නමුත් "ලියෑවිල්ලක්‌" මගින් පමණක්‌ සංහිඳියාව තහවුරු කරන්නේ කොහොම දැයි ඒ අය අපට කියන්නේ නැත. සමස්‌ත ජාතියේම එකඟතාව නොමැතිනම් සංහිඳියාව ඇතිවන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට අපහසු කාරණයකි. කවර සමුළුවක්‌ වුව කැඳවීමේදී මේ කාරණා ගැන සැලකිල්ලක්‌ දැක්‌වීම කළ යුත්තකි...

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles