Divaina - මේ තුවක්‌කුකාරයත් අඳුනන්නේම නැද්ද?

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

දශක තුනක්‌ පුරා මේ රටේ භීතිය වැපිරූ කුරිරු ත්‍රස්‌තවාදය මුලිනුපුටා දමා වසර අටක්‌ ගෙවී ගොස්‌ අවසන්ය. එහෙත් මේ වනතුරුත් ත්‍රස්‌තවාදය ජයගත් අපට පාතාල භීෂණය ජය ගැනීමට හැකියාවක්‌ ලැබී නැත. මුලින් මුලින් පාතාල භීෂණය ගැන අහන්නට ලැබුණේ කොළඹ කේන්ද්‍ර කරගනිමිනි. අනතුරුව එය කොළඹ අවට තදාසන්න ප්‍රදේශ කරාද පැතිරිණි. තවත් කාලයක්‌ ගත වන විට බස්‌නාහිර පළාත ඒ සඳහා කප් ගැසුවේය. ඊළඟට දකුණය. මේ වන විට රටේ හැම අස්‌සක්‌ මුල්ලක්‌ නෑරම පාතාලයේ මැරයන් ගැන අසන්නට ලැබේ. ඊයේ (30 සඳුදා) මෙරට හැම පුවත්පතකම ප්‍රධාන සිරස්‌තලය වී තිබුණේ දකුණේ පාතාලයේ තවත් වෙඩි තැබීමක්‌ ගැනය. කොස්‌ගොඩ පොලිස්‌ වසමේ ස්‌ථාන තුනකදී පෙරේදා (29 දා) අලුයම් කාලයේ සිදුකළ වෙඩි තැබීම් හේතුවෙන් දහතුන් හැවිරිදි දරුවකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනකු මියගොස්‌ තවත් පහළොස්‌ හැවිරිදි දරුවකු තුවාල ලබා තිබේ. වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරුපැදි දෙකකින් පැමිණි "නාඳුනන තුවක්‌කුකරුවන්" බව පොලිසිය වාර්තා කර තිබිණි. තුවක්‌කුකරුවන් "නාඳුනන" අය වුවද එයට දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායකයකු "සැක" බවද පොලිසිය කියා තිබිණි. ඒ කියන්නේ කවුරුන් හෝ සැක කළ හැකි කෙනෙක්‌ ගැන පොලිසියට අවබෝධයක්‌ ඇති බවය. දැන් අපට තිබෙන ප්‍රශ්නය පසුගිය කාලය පුරාම මෙවැනි කතා ඇසුනද තවමත් පාතාලය මර්දනය කරන්නට හැකියාවක්‌ ලැබී නැතිකමය.
 
 දැන් රටේ මිනිසුන්ට ද මේ වැඩේ දකුණු ඉන්දියානු චිත්‍රපටයක්‌ බලන ගණනට ගිහින්ය. නාඳුනන තුවක්‌කුකරුවන් මෙතරම් ප්‍රමාණයක්‌ රටේ කරක්‌ගසන විට පොලිසිය කුමක්‌ කරනවා දැයි යන ගොං ප්‍රශ්නය අසන්නට අපි ඉක්‌මන් වන්නේ නැත. හේතුව පොලිසියට තිබෙන වැඩ රාජකාරි ගැන අපට අවබෝධයක්‌ තිබෙන බැවින්ය. අනික්‌ සියලුම කාරණා පැත්තකින් තිබ්බත් තුන් වේලම භාවනා කරන රටකට (පොලිසියකට) මෙවැනි කාරණා ගැන හිතා හිත නරක්‌ (දූෂ්‍ය) කර ගන්නට ඇති වුවමනාව කුමක්‌ද? මේවා උපේක්‍ෂාවෙන් විඳ දරා ගත යුතු දේවල්ය.
 
 දිගින් දිගටම මෙවැනි සිදුවීම් වාර්තා වෙද්දී පාතාල මර්දනය කිරීම මේ තරම් බරපතළ ගැටලුවක්‌ වී ඇත්තේ කුමන හේතුවක්‌ නිසා දැයි අපට තේරෙන්නේ නැත. පාතාලයන් හෝ වේවා, නාඳුනන තුවක්‌කුකරුවන් වේවා කවරකු ගැන හෝ පොලිසිය හෝ ආරක්‍ෂක අංශ කිසිවක්‌ම දන්නේ නැතැයි කියන කතාව කොහෙත්ම පිළිගන්නට හැකි කතාවක්‌ නොවේ. මේ වෙඩි තබා යන උදවිය සිරියාවෙන් ගෙන්වන ලද අයි. එස්‌. අයි. එස්‌. කාරයන් නොවේ. මේ රටේම කොහේ හරි මුල්ලක සැඟව සිටින මදාවියන්ය. ආණ්‌ඩුව මොන කතන්දර කීවත් නැවත පාතාලය හිස ඔසවා තිබේ. මේ පාතාලය මර්දනය කිරීම පොලිසියේ රාජකාරියකි. ඊට අවශ්‍ය දේශපාලන බලය දීම ආණ්‌ඩුවට අයිති රාජකාරියකි. මිනිසුන් ජීවිත පූජාවෙන් දිනාගත් "නිදහසේ ජීවත් වීමේ අයිතිය" නාඳුනන තුවක්‌කරුවන් විසින් බිල්ලට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී රටක පැවැත්මට ඉතා අහිතකරය.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles