Divaina - Kathuwakiya

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

පාසලක් ඇරෙන විට සිරගෙවල් දහසක් වැසෙන බවට කතාවක් තිබේ. එහෙත් කනගාටුව නම්, අපේ රටේ මේ ගැන කියන්නට ඇත්තේ එහි අනිත් පැත්ත වීමය. මෙරටේ, විශේෂයෙන්ම ලංකාවේ දකුණු භාගයේ පාසල් රැුසක් මේ වනවිට වැසී ගොස් ඇති අතර ඒ වෙනුවට වසා දමා තිබෙන සිරගෙවල් ඇරෙන්නට පටන්ගෙන තිබේ.
 
 ඉකුත් දා මාධ්‍ය ඔස්සේ ප‍්‍රකාශයක් කළ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා කියා සිටියේ වසා දමා තිබූ බෝගම්බර සිරගෙය නැවත විවෘත කිරීම සඳහා කටයුතු කිරීමට සිදුව ඇති බවයි.
 
 එපමණක් නොව ලේකම්වරයා බෝගම්බර නැවත විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සොයා බැලීම සඳහා පසුගියදා එහි නිරීක්ෂණ චාරිකාවකට ද එක්විය.
 
 ඊට හේතු වී ඇත්තේ මේ වනවිට දිවයිනේ බන්ධනාගාර පද්ධතිය සිරකරුවන්ගෙන් උතුරා යෑමය. ඉකුත් සතිය වනවිට මෙරට සමස්ත සිරකරුවන් ප‍්‍රමාණය 30,000 සීමාව ඉක්මවා ගිය බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසයි. නව රජය බලයට පත්වී පාතාලය හා මත් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නට පටන් ගැනීමත් සමග (බන්ධනාගාර හා අච්චු* සිරකරුවන්ගේ ප‍්‍රමාණය 6000 කින් ඉහළ ගොස් ඇති බවද, මෙරට බන්ධනාගාර පද්ධතියට දරාගන්නට හැක්කේ සිරකරුවන් 26,000ක් පමණක් වුවත්, එම සංඛ්‍යාව 30,000 ක් දක්වා වැඩිවීම බරපතළ ප‍්‍රශ්නයක් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
 
 බෝගම්බර බන්ධනාගාරය පිහිටුවනු ලබන්නේ ඉංග‍්‍රීසි පාලන සමයේදීය. ඒ විශේෂයෙන්ම ඉංග‍්‍රීසි ආණ්ඩුවට හිසරදයක් වූ, එදා මෙරට සිංහල ජාතික වීරවරයන් සිරකර තබාගැනීමටත්, බදු පැහැර හැරි පුද්ගලයින් හා ඉංග‍්‍රීසීන්ගේ දේපළ කොල්ල කෑ උතුවන්කන්දේ සරදියෙල් වැන්නවුන්ට අච්චු කිරීම සඳහාය.
 
 සරදියෙල් වෙනුවෙන් තැනූ විශේෂ සිරමැදිරියක් බෝගම්බර බන්ධනාගාරය වසාදමා එය දුම්බරට ගෙනයන විටත් එහි ඉතිරිව පැවතිණ.
 
 එපමණක් නොව, ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ උදහසට ලක්වූ ඇහැලේපොළ කුමාරිහාමි දියේ ගිල්වා මරා දැමූ බෝගම්බර වැව නොහොත් අතීත රජදරුවන් හැ¥ කිරිමුහුද පැවැති ස්ථානය ගොඩකර මෙසේ හැ¥ බෝගම්බර (සිපිරිගෙය* එක් අතකින් අපට කෞතුක වැදගත්කමක් ඇති ස්ථානයකි.
 
 කෙසේ හෝ බෝගම්බර සිර ගෙදර මහනුවර නගරයට කරදරයක් හෙයින් මෙන්ම නගර මධ්‍යයේ පවතින වටිනාකමෙන් ඉහළම භූමියක් නිසා මෙසේ සිර ගෙදරකට ලඝු කිරීමේ නිරර්ථක බව සලකා පසුගිය
 
 කාලයේ එය දුම්බරට රැුගෙන යන ලදී. ඉන්පසු නගරය මැද ඉතිරි වූ සුවිසල් ගොඩනැගිලිවලින් සමන්විත අක්කර 10 ක පමණ මේ ඉඩම බොහෝ දේශපාලකයින්ගේ ඇස ගැටුණු තැනක් වූවාට සැක නැත.
 
 මෙහි පැරණි ගොඩනැගිලි කඩා මෙම ඉඩමේ හෝටලයක් හදන්නට යන බවට කලක් රාවයක් පැතිර ගියේය. එසේම, සිරගෙදර ගොඩනැගිලි භාවිත කරමින්ම හෝටල් නගරයක් මෙහි හදන බවට ද කතා පැතිර ගියේය.
 
 කෙසේ හෝ අවසානයේදී මහා නගර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මෙහි ගොඩනැගිලි පිළිසකර කර, පැරණි සිපිරි ගෙදර ප‍්‍රවිෂ්ටයට මනා පෙනුමක් ලබාදෙන්නට පසුගිය රජය කටයුතු කළේය.
 
 නොහොත්, බෝගම්බර හැඩ වැඩ වුණේ මහනුවර නගරයට ආලෝකයක් ගෙන දෙන, නගර වැසියන් මෙහි ඔබ මොබ සරණ ගොඩනැගිලි සංකීර්ණයක් වන්නටය.
 
 එහෙත්, නොසිතූ පරිදි යළිත් බෝගම්බර සිපිරි ගෙය නැවත විවෘත කරන්නට සිදුවීම ගැන ජාතියක් හැටියට අප එක් අතකින් කම්පා විය යුතුය. අප අපේක්ෂා කරන්නේ මෙතැනින් දුම්බරට ගෙන ගිය සිරගෙයත් ඉක්මනින් වැසී යායුතු බවටය. නොහොත් තවත් පාසලක් එහි අරඹනු දැකීම අපගේ අපේක්ෂාවය. එවන් තත්ත්වයක් තුළ වැසූ බෝගම්බර යළිත් අරිනු දැක්ම අපගේ බලාපොරොත්තුව නොවුණත් කමල් ගුණරත්න මහතා කියන පරිදි එය එසේ කරන්නට සිදුව තිබේ.
 
 පාතාලයෙන්, කුඩු ජාවාරමෙන්, ළමා-කාන්තා අපයෝජනයෙන්, මං පැහැරීමෙන්, හොරකමෙන්, බොරුවෙන්, අල්ලසින්, ¥ෂණයෙන්, මැරකමෙන් කප් ගසා සිටින රටකට තවදුරටත් සිපිරි ගෙවල් අරිනවා මිස කරන්නට දෙයක් ද නැත. එනමුත් පාසල් වැසී යෑම ද කවුරුනුත් අනුමත කරන්නක් නොවේ. 2019 විගණකාධිපති වාර්තාව අනුව 2013 සිට 2019 දක්වා වසර 6 ක් තුළ මෙරට පාසල් 194 ක් වසා දමා තිබේ. ඒ මේ රටේ දරුවන් ඉගෙනගෙන අවසන් වී ඇති නිසා නොවේ.
 
 එසේම, එම වාර්තාව කියන පරිදි ළමුන් 200 ට අඩු පාසල් 5161 ක් ද, ළමුන් 100 ට අඩු පාසල්
 
 3046 ක් ද මෙරට තිබේ. රටේ අධ්‍යාපනය ගැන හෝ ළමා ජනගහන ගැන ඉතා කදිම ඉඟියක් මේ මගින් අපට ලබා දේ.
 
 එසේම, සිර ගෙවල් පිරී 30,000 ක් ඉක්මවද්දී රටේ තරුණ ජනගහනය ගැන මොනතරම් ඛේදවාචකයක් ලෝකයට කියන්නේද..?
 
 උතුරේ වර්ගවාදී යුද්ධය පරාජය කළා මෙන්, ඉහත සමාජ පරිහානිය තවත් පරම්පරාවකට ඉතිරි කිරීම අප වත්මන් පාලකයන්ගෙන් බලාපොරොත්තු වන දෙය නොවේ. සිපිරි ගෙවල් හැර හෝ වහ වහා සමාජ ශෝධනයක් කිරීම අත්‍යවශ්‍ය වන නමුත්, ඒ ශෝධනය වහා නිමාකර, බන්ධනාගාරත් වසා, වැසූ පාසල් යළි ඇරීම කඩිනම් කළ යුතුමය.
 

kathuwakඅනුර ලෙව්කේගේ කඩිනම් පස්මහල් ඉදිකිරීම ද පස් අවුරුදු මහවැලි යෝජනා ක‍්‍රමයේ කුඩා ප‍්‍රක්ෂේපණයකි. මේ ඉදිකිරීම සඳහා අවසර දීමට මහනුවර ආණ්ඩුවේ නිලධාරීන් කෙතරම් ජරාව අනුභව කළේ ද යන්න සොයා බැලිය යුතු අතර ඒ පිළිබඳ උපරිම පියවර ගත යුතුය. දොඩම්වල හිටපු බස්නායක නිළමේ අනුර ලෙව්කේට නිකම්ම ගැලවීමට ඉඩ නොලැබේ. නොසැලකිල්ල නිසා තිදෙනකු මියයෑමට ඉඩ හැරීමට ඔහු වගකිව යුතුය. එය අපරාධ චෝදනාවකි.

ජනාධිපතිතුමාගේත් ඇමැතිවරුන්ගේත් රජයේ උසස් නිලධාරීන්ගේත් නම් පාවිච්චි කරමින් පාසල් වලට ළමයින් ඇතුළත් කරගන්නා ලෙසට දෙමාපියන් විසින් ගෙනෙන ලියුම් එක හෙළාම ප‍්‍රතික්ෂේප කරන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර විසින් විදුහල්පතිවරුන්ට දන්වනු ලැබ ඇත. මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සිතැඟියාව බව පෙනේ. ලංකාවේ ළමයින් පාසල් වලට ඇතුළත් කිරීම විජිතපුර සංග‍්‍රාමයටත් වඩා දරුණුය. ළමයින් පාසල් වලට දැමීම සඳහා වූ එකී සංග‍්‍රාමයේදී විදුහල්පතිවරුන් වැඩිදෙනා එළාර බවට පත්වන නමුදු දුටුගැමුණු බවට පත්වීමට හැකිවන්නේ මුදල් බලය තිබෙන හෝ රාජ්‍ය බලය තිබෙන හෝ ආණ්ඩුවේ ඉහළ තැනකින් ලියුමක් ගෙනා හැකි හෝ මවුපියන්ට පමණි. අම්මා හෝ තාත්තා මේ ලියුම  රැගෙන එළාර විදුහල්පතිතුමා හමුවීමට එන්නේ කණ්ඩුල ඇතා පිට එන්නාක් මෙනි. එහෙත් ආණ්ඩුවට බය නැති ආණ්ඩුවේ ලියුම් ගණන් ගන්නේ නැති අධ්‍යාපන අමාත්‍යාංශය ගැන තැකීමක් නැති ඇතැම් විදුහල්පතිවරු කණ්ඩුල ඇතා විදුහල්පති කාර්යාලයට ඇතුල්වත්ම පිටට ලෝදිය වත් කරති. ළමයා ඉස්කෝලයට දැමීමේ වැඬේ එතනින් අවසන් වන අතර කෝපයෙන් වියරුවන අම්මා හෝ තාත්තා ගෙදර යන්නේ ලියුමට නොනැමුණු ප‍්‍රින්සිපල්ට බෝම්බ ගහන විදිහක් කල්පනා කරමිනි.
 
 ශ‍්‍රී ලංකාවේ පාසල් පද්ධතිය ඉතාම විෂමය. ඊයේ (20දා) පළ වූ දිවයින ඉරිදා සංග‍්‍රහයේ කතුවැකිය අද ඔබ කියවන මේ කතුවැකියේ මුල් කොටස වන අතර එහි සඳහන් වූ කරුණු පුනරුච්චාරණය කිරීමට අප තුළ අදහසක් නැත. සිය දරුවා ජනප‍්‍රිය පාසලක පළමු වසරට ඇතුළත් කිරීම සඳහා ප‍්‍රින්සිපල්ට ලිංගික අල්ලස් දුන් අම්මලා ගැන අප අසා ඇත්තෙමු. ලංකාවේ ඇති ජනප‍්‍රිය පාසල් සංකල්පය එංගලන්තයේවත් මෙතරම් දරුණුවට නැත. ඊටන් සහ හැරෝ යනුවෙන් සුපිරි පාසල් දෙකක් පමණක් එංගලන්තයේ තිබේ. මේවායේ අධ්‍යාපනය ලබන්නෝ වංශවත් පවුල්වල සහ රජ පවුල්වල දරුවෝය. ඒ පාසල් වලට තම දරුවන් යැවීමේ මාන්දමක් ඒ රටේ සිවිල් වැසියන්ට නැත. එහෙත් වෙන රටවල සිටින ධනවත් මාන්දම්කාර දෙමාපියෝ ද රාජකීයයෝ ද මේ පාසල් දෙකට තම දූ දරුවන් ගෙනත් බාති. ඊටන් සහ හැරෝ පාසල්වල පළාතකින්වත් තැබිය නොහැකි නමුත් ජාතික ජනප‍්‍රිය සුපිරි ”''Brand එක” යටතේ එන පට්ටම පාසල් සියයකටවත් වඩා ලංකාවේ තිබේ. එසේම සාමාන්‍ය පාසල් තුන් හාර දහසක් ද මේ රටේ ඇත. දෙමාපියන්ගෙන් සියයට අනූවකගේ පමණ අපේක්ෂාව වන්නේ පෙර කී පාසල් තුන්හාර දහසේ සිටින මිලියන කිහිපයක් වූ සිසු ප‍්‍රජාව ”ජනප‍්‍රිය ජාතික සුපිරි” පාසල්වලට එබීමය. මේ අර්බුදය විසඳීමට නම් මේ රටේ සියලූම පාසල් එක සමාන කළ යුතුය. එනම් වනාතවිල්ලූවේ සිංහල මහා විද්‍යාලය කොළඹ රෝයල් කොලීජිය හා සමාන කළ යුතුය. වාලච්චේනායි රජයේ පාසල කොළඹ විශාකා විද්‍යාලයේ මට්ටමට ගෙනා යුතුය. එහෙත් මෙය තව අවුරුදු පනහකටවත් කළ හැකි නොවේ. එබැවින් ජනප‍්‍රිය පාසල් වලට දරුවන් දැමීමේ තරගය එලෙසම පවතී.
 
 ලාංකිකයාගේ ජන මනස පොඩිි ‘Upset’ ’මනසකි. හෙතෙම ජනාධිපතිවරයකු පත්කර ගැනීමට ඡන්දය දෙන්නේත් ආණ්ඩුවක් පත්කර ගැනීමට ඡන්දය දෙන්නේත් සුවිශාල පෞද්ගලික න්‍යාය පත‍්‍රයක් හිතේ තබා ගෙනය. බඩු මිල අඩුකර ගැනීම, පෙට‍්‍රල් මිල අඩුකර ගැනීම, දවසේ වැඩ කරන කාලය අඩුකර ගැනීම, ආණ්ඩුවේ වියදමින් දවසේ නිකං සිටින කාලය වැඩිකර ගැනීම, ඩොනේෂන් නොදී ජාතික පාසල් වලට දරුවන් ඇතුළත් කර ගැනීම, අල්ලපු ගෙදර සිටින උඩඟු තරුණියගේ විවාහය කඩාකප්පල් කිරීම, ඊට එහා ගෙදර සිටින තරුණයාගේ රස්සාවට කෙලවීම, තම විරුද්ධවාදීන් කිලිනොච්චියට මාරු කිරීම යනාදී එකුන් සියයක් වූ අරමුණු ඡන්ද කොළේ කතිරය ගසන විට ඔහු සිහිපත් කර ගනී. ජනාධිපති කෙනෙක් පත්කර ගන්නේත් ආණ්ඩුවක් හදා ගන්නේත් ඊට වඩා උත්කෘෂ්ට අරමුණු උදෙසා බව හෙතෙම කල්පනාවට නොගන්නේ එච්චර දුර දිග සිතුවොත් ඔහුගේ මානසික මට්ටමට අදාළ කිසිවක් කරකියා ගන්නට බැරිවන හෙයිනි. ඒ අනුව කිරීමට හැකි දේ මෙන්ම නොහැකි දේද වෙනුවෙන් ඡුන්ද දායකයා මන්ත‍්‍රීගෙන්, ඇමැතිගෙන්, අමාත්‍යාංශ ලේකම්ගෙන් සහ අවශේෂ කෙරුම්කාරයන්ගෙන් ලියුම් ඉල්ලති. මේ ලියුම් වලින් සියයට අනූපහක් පමණ වැඩ කරන ලියුම් නොව නිෂ්ක‍්‍රීය ලියුම් ය. ලංකාවේ රාජ්‍ය පාලන ක‍්‍රියාවලිය තුළ වැඬේ කෙරෙන ලියුම් සහ වැඬේ නොකෙරෙන ලියුම් යනුවෙන් දෙවර්ගයක් තිබේ. ”මේ ලිපියෙහි නම සඳහන් ළමයා ඉඩ කඩ ඇතොත් පාසලට ඇතුළත් කර ගන්න” යනුවෙන් විදුහල්පතිට යැවෙන ලිපිය මළාට වැඩ නොකරන අතර ළමයා පාසලට භාර ගන්නේද නැත. ”මෙහි නම සඳහන් ළමයා පාසලට භාරගෙන ඒ පිළිබඳ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට වාර්තා කරන්න” යනුවෙන් සඳහන් ලිපිය ක‍්‍රියාකාරී ලිපියක් වන අතර අදාළ ළමයාට ඊළඟ දවසේ සිට අදාළ පාසලට යෑමට පුළුවන. මෙය ඉතා නරක ක‍්‍රියාවලියකි. එසේම වැඩිදෙනා නොදන්නවාට ආසියාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රමුඛ ලක්ෂණයකි. මේ ක‍්‍රමය බිඳ දැමීම යුද්ධය පැරදවීමට වඩා දරුණු බවත් එය පැරදුවහොත් රටම ගොඩ යන බවත් අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිවිල් යුතුකමක් වශයෙන් මතක් කර දෙමු.
 
 ඉතිරි කොටස හෙට
 

watsapp දෙවැනි වසර සිසු සිසුවියන් පිරිසක් පළමු වසර සිසුන්ට තර්ජනය කොට බලපෑම් කර ඇත්තේ වට්ස්ඇප් සහ සමාජ මාධ්‍ය ඔස්සේ නිරුවත් ඡායාරූප, වීඩියෝ සහ ස්වයං වින්දනය කරන ආකාරයේ දර්ශන එවන ලෙසයි. මෙම නවක වධ සිද්ධියට සිසු සිසුවියන් 120 දෙනකු පමණ ගොදුරුවී ඇති බවද දැනගන්නට ඇත. මෙම නීච කි‍්‍රයාවලිය විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ සහ අවසන් වසරේ සිසුන් පිරිසකගේ අනුදැනුම හා උපදෙස් මත සිදුවී ඇති බවද සැලවී ඇත.

පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා බලවතුන්ගෙන් ගෙනෙන ලිපි සපුරා පිළිකෙව් කරන්නැයි ජනපති ලේකම් විදුහල්පතිවරුන්ට දුන් නියෝගය ගැන ඉකුත් දෙදින අපි කතා කළෙමු. ලියුම්වලින් වැඩ කිරීම අපට පුරුදු කරන ලද්දේ අධිරාජ්‍යවාදය විසිනි. ආරච්චිලගේ පණිවිඩයත් රැගෙන පොලිස් විදානේ වෙත යන හරක් හොරා ගුටි නොකා බේරෙයි. ආණ්ඩුවේ ඒජන්තගේ රෙකමදාරුව රැුගෙන කච්චේරියේ සම්මුඛ පරීක්ෂණයට යන එකා රස්සාවට තේරෙයි. අරක්කු රේන්දය කරන ධනවත් මුදලාලිගෙන් ලියුම් කෑල්ලක් රැුගෙන අධ්‍යාපන දෙපාර්තමේන්තුවට යන එකා ගුරුකමට තේරෙයි. කාගෙන්වත් ලියුමක් ලැබීමට තරම් ක්‍දබඒජඑ එකක් නැති එකා කිසිවකට නොතේරෙයි. යටත්විජිතවාදය විසින් අතීත ශ‍්‍රී ලංකාවේ සමාජ සංවිධානය නඩත්තු කරන ලද්දේ මේ ආකාරයෙනි. 1948 නිදහස ලැබීමෙන් පසු ආරච්චිල, ආණ්ඩුවේ ඒජන්ත, රේන්ද රාළ වැනි සමාජ ස්ථර නියෝජිතයන්ගේ තැනට මන්ත‍්‍රීතුමා නමැති චරිතය පත්විය. ඉවක් බවක් නැති උගත්කමක් නැති මන්ත‍්‍රී චරිතය යනු ඛේදවාචකයකි. රස්සා සඳහා මෙන්ම පරස්තා සඳහා ද හෙතෙම රෙකමදාරු ලියුම් නිකුත් කළේය. 1970 දී සමගි පෙරමුණ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මන්ත‍්‍රී කෙනකුගේ ලියුමට කරන්නට බැරි වැඩක් තිබුණේම නැත. ගැමි පළාත්වලින් එන අසරණ ගැහැනු ළමුන් අපහරණය කළ මන්ත‍්‍රීතුමා ඒ සඳහා වන්දි ගෙව්වේ ආණ්ඩුවේ ආයතනයකට රෙකමදාරු ලියුමක් දී ඇයට රජයේ රැුකියාවක් ලබා දීමෙනි. 1988 - 89 වකවානුවේදී දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය නමැති සංවිධානය ලියුම්වලින් රට පාලනය කළේය. (ජනතා විමුක්ති පෙරමුණ සමග කිසිම සම්බන්ධයක් නැති දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය ත‍්‍රස්තවාදී සංවිධානයක් හෝ ජ.වි.පෙ. සන්නද්ධ අංශය ලෙස පැතිර ඇති කතාව බොරුවකි. මෙය කුලඟන සමිතියක් සහ මරණාධාර සමිතියක් ලෙස ක‍්‍රියා කළ ස්වෙච්ඡා සංවිධානයකි)
 
 ඊළඟ අවුරුද්ද සඳහා පාසල්වල පළමුවන වසරට නවක සිසුන් බඳවා ගැනීම පිණිස සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පැවැත්වේ. මේ සඳහා මවුපියන් සැරසෙන්නේ දරුවන් ඉපදීමටත් පෙරය. උපදින්නට යන්නේ කෙල්ලෙක්දැයි කොල්ලෙක්දැයි නොදන්නා මූලික ගර්භණී සමයේ වෙසෙන මව්වරු සිය වල්ලභයන්ද පොලඹවා ගෙන උසස් බාලිකා විදුහලක් හා උසස් පිරිමි විදුහලක් අසල නිවාස දෙකක් එකවර බදු ගනිති. ඡුන්ද හිමි නාම ලේඛන දෙකටම නම් දමා ගනිති. බදු ඔප්පුව අවුරුදු පහක් පමණ පරණවීම එම ඔප්පුවේ නම සඳහන් මවුපියන්ගේ දරුවා පාසලට ඇතුළත් කිරීමේදී ප්ලස් පොයින්ට් එකක් ලෙස සලකනු ලැබේ. මේ බදු ඔප්පුවට සමගාමීව නීත්‍යනුකූල ලයිට් බිල්, වතුර බිල්, වරිපනම් බිල් සෑදීමට ළමයා උපදින්නටත් පෙර සිට මවුපියෝ යුහුසුළු වෙති. ලයිට් බිල් ගෙව්වත්, වතුර බිල් ගෙව්වත්, වරිපනම් බදු ගෙවීමට මෙරට වැසියා කැමති නැත. නිවසකට වරිපනම් ලියාපදිංචියක් දීමට නගරසභාවේ වරිපනම්කාරයන් එනවිට නිවැසියෝ ගෙවල දොරගුළු දමා පැන දුවති. මේ රටේ ජනයා සිය කැමැත්තෙන් වරිපනම් ගෙවීමට ඉදිරිපත් වන එකම අවස්ථාව ළමයින් පාසලට ඇතුල් කරන අවස්ථාව විය යුතුය. අප මේතාක් විස්තර කළේ දරුවෙක් ජනප‍්‍රිය ජාතික සුපිරි පාසලකට ඇතුළත් කිරීමේදී දෙමාපියන් විසින් කරන ලද නීත්‍යනුකූල ක‍්‍රියාවලියයි. මෙහිම ව්‍යාජ වැඩපිළිවෙළක් හෙවත් වැඬේ හොරට කරන වැඩපිළිවෙළක් ද තිබේ. ඒ අනුව බදු ඔප්පුවක් හොරට සෑදිය හැක. ලයිට් බිල්, වතුර බිල් සහ වරිපනම් සහතික හොරට සෑදිය හැක. මේ හොරකම් සියල්ලම කිරීමෙන් පසුවත් සම්මුඛ පරීක්ෂණයේදී දෙමවුපියන්ට ලකුණු මදි වීමෙන් දරුවාට පාසල අහිමි වෙයි. මේ රටේ ජාතික පාසල්වලට ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීම සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ සිදුකරන ඉන්ටර්වීව් බෝර්ඞ් වල සිටින ඇතැම්හු මළ යකුන් වැනි රුදුරු මිනිස්සු වෙති. ඔවුන් බලන්නේම කවර හෝ ඇදයක් පෙන්වා දරුවා පාසලට නොගෙන සිටීමටය. ඔවුහු දෙමව්පියන්ගෙන් විවිධ දේ අපේක්ෂා කරති. පාසලට ඇති දුර, පදිංචිය, ආදි ශිෂ්‍ය පදනම, ක‍්‍රිකට් පදනම, ෆුට් බෝල් පදනම, ඇට බෝල පදනම පමණක් නොව ගෙදර අත්තිවාරමේ පදනමට පවා ඔවුහු ලකුණු ලබා දෙති. මෙය කළ හැකි මඟුලක්ද? මේ ආකාරයට ළමයින් පාසල් යැවිය හැකිද? මන්ත‍්‍රී කෙනකුගේ හෝ ඇමැති කෙනකුගේ හෝ උසස් නිලධාරියකුගේ හෝ ලියුමක් බලසම්පන්න ආයුධයක් බවට පත්වන්නේ මෙන්න මේ කියන අවස්ථාවේදීය. ලියුම් මගින් පාසල්වලට දරුවන් දැමීමේ ක‍්‍රමය අවලංගු කිරීමට රටේ ඉහළම තැනින් ගන්නා උත්සාහය අපගේ සිත් පහන් කරයි. ළමයින් පාසල් දැමීමට පමණක් නොව කිසිම දේකට ලියුම් නොදෙන, ලියුම්වලින් විනිර්මුක්ත සමාජයක් ගොඩනැගීමට හැකිනම් එය ඉතා වැදගත්ය. මේ වන විට මේ රටේ ජනයාට දේශපාලන්ඥයන්ගෙන් පෞද්ගලිකව කරගත හැකි එකම කටයුත්ත වූ කලී ලියුමක් ලබා ගැනීමය. සමහර විට මේ ලියුම ලබා දීම සඳහා දේශපාලන බ්‍රෝකර්වරු දහස් ගණන් මුදල් අය කරති. ලියුම් හරහා වැඩ කරගන්නා ක‍්‍රමය නැති කළ හැකි නම් දේශපාලනඥයන්ගේ අවශ්‍යතාව ඡුන්දදායකයාට දැනෙනු ඇත්තේ ඉතාම අඩුවෙනි. මේ රටේ ලියුම් කර්මාන්තය පැවතිය යුත්තේ තැපැල් දෙපාර්තමේන්තුව අත පමණි. ලියුම් සිස්ටම් එක නැතිවුණ දවසට දේශපාලන ප‍්‍රභූවරුන්ගේ බලය සියයට හැත්තෑපහකටත් වඩා පහත වැටෙනවා ඇත.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles