Divaina - විගස පුවත්

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 6කොවිඞ් වෛරසය හමුවේ අධ්‍යාපනය අඩාළ වී සිටින පාසල් සිසුන් සඳහා රූපවාහිනි මාධ්‍ය සහාය කරගෙන අද (16දා) සිට පැය 16ක් පුරා අධ්‍යාපන වැඩසටහන් විකාශය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරයි.

ජාතික රූපවාහිනී සංස්ථාවේ චැනල් අයි නාලිකාව උපයෝගි කරගෙන මෙම වැඩසටහන් පෙරවරු 4.00 සිට රාත‍්‍රි 12.00 දක්වා සතියේ දින 07 පුරාම විකාශය කිරීමට කටයුතු කර ඇතැයි ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රන්ජිත් පද්මසිරි මහතා ‘දිවයින’ට ඊයේ (15දා) පැවසීය.

දිනපතා පෙරවරු 4.00 සිට පෙරවරු 6.00 දක්වා උසස් පෙළ සිසුන් සඳහා ද, ඉන් පසු වෙලාවන් අනෙකුත් ශ්‍රේණිවල සිසුන් සඳහාද වෙන් කෙරේ. සඳුදා සිංහල මාධ්‍යයෙන් විකාශය කරනු ලබන වැඩසටහන අඟහරුවාදා දෙමළ මාධ්‍යයෙන් සිදු කෙරේ. සති දෙකක් පුරා ක‍්‍රියාවට නංවන මෙම වැඩසටහන්වල 11 වැනි දින ඉංග‍්‍රීසි විෂයය ඉගැන්වීම් සිදුකරන අතර එය සිංහල හා දෙමළ දෙපිරිසේම සිසුන් සඳහා පවත්වනු ලැබේ.

මෙම වැඩසටහන සඳහා බස්නාහිර පළාත් ප‍්‍රධාන විද්‍යාලවල විදුහල්පතිවරුන්ගේ සහායෙන් ආචාර්යවරුන් 200කගේ දායකත්වය ලබා ගෙන ඇති අතර දෙමළ මාධ්‍ය සඳහා යාපනය දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන පාසල්වල ආචාර්යවරුන්ගේ සහාය ලබාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩි විස්තර 1377 විශේෂ දුරකථන අංකය ඔස්සේ හෝ 011-7601702 ඔස්සේ ද විමසීම් කළ හැකිය.

චමින්ද සිල්වා
 

- කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයි  නම් මේ ආණ්ඩුවටත් ගිය ආණ්ඩුවට වූ දේම සිදුවෙයි

- ‘එක රටක් එක නීතියක්’ බවට දෙන ලද පොරොන්දුව අනුමත කළ ජනතාව ජනාධිපතිතුමා පත්කර ගනිමින් ජනාධිපතිතුමාට අවශ්‍ය සෑම බලයක්ම ලබාදුන් බැවින් එම පොරොන්දුව ඒ අයුරෙන්ම ඉටුවන තෙක් ජනතාව අපේක්‍ෂා සහගතව බලා සිටින බව පේරාදෙණිය

ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපාණෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති.

කොරෝනා නමැති මහා වසංගතයකට සමස්ත ජනතාව මුහුණ පා සිටින මෙම අභියෝගාත්මක මොහොතේ මළ සිරුරු සම්බන්ධයෙන් ගත යුතු අවසන් තීරණය පිළිබඳව ජාතික හා ආගමික මත භේදයක් ඇතිවීම වැළැක්වීම සඳහා එකම රටක් එකම නීතියක් යන ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් අපේක්‍ෂා කරන බවද අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපාණෝ අවධාරණය කරති.

පිළිවෙත් මගින් මළ සිරුරක් ස්වර්ගයට යැවීමට පුළුවන්කමක් නැතැයිද මළ සිරුරක් ඉදිරිපිට තබාගෙන බෞද්ධයන් ආගමික වතාවත් ඉටුකරන්නේ මළ සිරුර හෝ

මියගිය පුද්ගලයා ස්වර්ගයට යැවීමට හෝ නොව ජීවත්වන්නන් කුසලට නැඹුරු කිරීම සඳහා බවද නාහිමිපාණෝ නිවේදනයෙන් පවසති.

නාහිමිපාණන් වහන්සේ නිකුත් කළ නිවේදනයෙහි මෙසේද සඳහන් කර තිබේ. දණ්ඩක් වැනිවූ මළ සිරුරක් බැද්දට දැමූවත්, ගින්නට දැමූවත් පසට යට කළත් මළ සිරුරට විශේෂයෙන් යමක් සිදු නොවෙයි. නමුත් කොරෝනා වසංගතයෙන් මියයන පුද්ගලයන්ගේ මළ සිරුරු පිළිබඳ දැනට රටේ ඇතිවී තිබෙන මත ගැටුමක් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට කෙටි අනුශාසනාවක් කිරීමේ පවිත‍්‍ර චේතනාවෙන් මෙම අදහස් පළ කිරීමට පියවර ගන්නා ලදී. එසේම මනා දැක්මක් ඇතිව තවමත් කටයුතු කරන පොදු ජනතාවගේ අපේක්‍ෂා ඉටුකරනු ඇත යන බලාපොරොත්තුවෙන් මේ රටේ ජනතාව විශ්වාසය තබාගෙන සිටින රජය ඉදිරියට පවත්වාගෙන යනු ඇතැයි අපේක්‍ෂා කරන ජනතාව වෙනුවෙන් මෙම අදහස් පළ කිරීමට තීරණය කරන ලදී.

මෙතෙක් අනුගමනය කරන ලද පොදු නීතියෙන් බැහැර වී ඉස්ලාමීය මළ සිරුරු භූමදානය කිරීමට අවසර ලබාදී ඇති බවට පැතිරුණු ආරංචියක් එය සනාථ කරමින් රජයේ ප‍්‍රබල කැබිනට් ඇමැතිවරයකු සිදුකළ ප‍්‍රකාශයක් පිළිබඳව අපි තරමක් කණස්සල්ලකට පත්වී සිටිමු. සතර දිගින් මතුවූ විරෝධයෙන් එම තීන්දුව මේ වන විට ක‍්‍රියාත්මක නොවී ඇති නමුත් ඉදිරියේදී එය නැවත කි‍්‍රයාත්මක කිරීමට මෙම රජයට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවද අවධාරණය කරමි.

අනුරාධපුර රුවන්මහා සෑ මළුවේ

දුටුගැමුණු පිළිරුව අබියසදී ජනාධිපතිතුමන් පිළිබිඹු කළ අභිමානනීය ප‍්‍රතිරූපය පළුදු වීමටත් හැට නව ලක්‍ෂයකට අධික බහුතර සිංහල බෞද්ධ ජනතාව ඇතුළු ජනතාව විසින් තබන ලද විශ්වාසය අවිiාත්මක කරුණක් නිසා අබමල් රේණුවකින් හෝ පළුදු වනු දැකීමට අපේ කැමැත්තක් නැත.

වත්මන් රජය 2019 දී දුන් පොරොන්දු අනුව ආරම්භ වූ ගමන යථාවාදී තථාකාරී ප‍්‍රතිපත්තිය අනුව ඉදිරියට යනු මිස කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයි යන පිළිවෙතට අවතීර්ණ වුවහොත් මේ ආණ්ඩුවත් පෙර ආණ්ඩුවත් අතර වෙනසක් නැතැයි ආණ්ඩුව කෙරෙහි විශ්වාසය ජනතාව තුළ නැතිවී යනු ඇත.

ජනතාව ජනාධිපතිතුමා පත්කර ගත්තා පමණක් නොව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාදුනි. එම බලය අනුව කටයුතු කරමින් රජයේ ඇමැතිවරුන්ට හිතු මනාපේ අදහස් ප‍්‍රකාශ කිරීමටත් අත්තනෝමතිකව කටයුතු කිරීමට ඉඩ නොතබා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයේ පොදු පිළිගත් තීන්දු තීරණ අනුව තීන්දු තීරණ හා ප‍්‍රකාශ නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි.

සිරිල් විමලසුරේන්ද්‍ර

aharaප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 කට අයත් ප‍්‍රාදේශීය ලේකම්වරුන් විසින් සපයන වාර්තා අනුව මෙම සහනාධාර දීමනාව ලබාදෙන අතර, නිරෝධායනය වී සිටින පවුල් 7695 ක් සඳහා 10,000   සලාක මලූ ලබාදීම ආරම්භ කර ඇතැයිනිවෙස් වෙතටම මෙම සහනාධාර මලූ (රුපියල් 10,000* ලබාදීමේ කටයුතු සිදුකරන බව ද

court3135අත්අඩංගුවට  ගැනීම හා පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් වන පැමිණිල්ලේ සාක්ෂිකරුවන් එකිනෙකාට පරස්පර කරුණු සිය අධිකරණය හමුවේ ප‍්‍රකාශ කර ඇති බවත් ඒවා සැලකීමේදී විත්තිකාරිය හා ඇගේ සාක්ෂිකාරිය ලබාදී ඇති සාක්ෂි විශ්වාස කළ හැකි බවත් විනිසුරුවරයා සිය තීන්දුව මගින් පෙන්වාදී තිබිණි.

court234කළුතර මහාධිකරණයේ භාෂා පරිවර්තකවරිය කොරෝනා පළමු පෙළ ආශ‍්‍රිතයකු ලෙස නිරෝධායනයට ලක් කිරීමත් සමඟ කළුතර මහාධිකරණ විනිසුරුවරයා ඇතුළු අධිකරණ කාර්ය මණ්ඩලයේ පනස් දෙනෙකු නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

බණ්ඩාරගම ප‍්‍රදේශයේ පදිංචි මහාධිකරණ භාෂා පරිවර්තකවරියගේ අසල්වැසි ඥාතියකු කොරෝනා ආසාදිතයකු වශයෙන් හඳුනාගැනීමත් සමඟ ඇය නිරෝධායනයට ලක් කර තිබේ.

මෙම භාෂා පරිවර්තකවරිය සමඟ සමීපව කටයුතු කළ කළුතර මහාධිකරණයේ නීතිඥ මහත්ම මහත්මීන් කළුතර අධිකරණ සංකීර්ණයේ වෙනත් අධිකරණවලද කටයුතු කර ඇති බැවින් විනිශ්චයකාරවරුන්, නීතිඥයන් හා සේවාදායකයන්ද ඔවුන්ගේ පවුල්වල අයද මුහුණදී ඇති අවදානම සලකා නොවැම්බර් මස 20 වැනිදා දක්වා අධිකරණ කටයුතුවලින් ඉවත් වීමට කළුතර නීතිඥ සංගමය තීරණය කර තිබේ.

මීට සමගාමීව කළුතර අධිකරණ සංකීර්ණයේ නීති පුස්තකාලයද අගුළු දමා වසා දමා ඇත.

මේ තත්ත්වය හමුවේ සියලූ නඩු සඳහා දින ලබාදීම හා ඒකපාර්ශවික විභාග සඳහා නියෝග කිරීම හෝ නඩු නිශ්ප‍්‍රභ කිරීම නොකරන ලෙස කළුතර නීතිඥ සංගමය විනිසුරුවරුන්ගෙන් ඉල්ලා තිබේ.

ඉකුත් 13 වැනිදා කළුතර නීතිඥ සංගමයේ කමිටු රැස්වීමේදී ගන්නා ලද මෙම තීරණය ඇතුළත් නිවේදනය එහි සභාපති නීතිඥ ඩික්සන් පුංචිහේවා සහ ලේකම් මහේෂ් කාංචන සිල්වා යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව කළුතර අධිකරණ සංකීර්ණයේ සියලූම විනිසුරුවරුන්ට, ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයට හා අධිකරණ සේවා කොමිෂන් සභාවටද යවා තිබේ.

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles