Divaina - විගස පුවත්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරිනීිතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශ 18 තුළ පිහිටි ඔසු සැල් සහ සියලුම අලෙවි සැල් හෙට (13දා)සිට 15 වැනිදා බ්‍රහස්පතින්දා තෙක් වසා දමන බව යුද හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.


පොලිස් ඇඳිරිනීතිය කඩකිරීම නිසා අත්අඩංගුවට පත් සංඛ්‍යාව 120 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.වාහන 37ක්ද අත්අඩංගුවට ගෙන ඇත.

පාස්කු බෝම්බ ප‍්‍රහාර මාලාව සිදු කළ මුස්ලිම් අන්තවාදීන්ට ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන මාස 05 කට ආසන්න කාලයක් රැුඳවුම්භාරයේ තබාගැනීමෙන් අනතුරුව හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් අධිකරණයට ඉදිරිපත් කිරීමකින්...

තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට හා එකී විමර්ශන සිදුකළ ප‍්‍රධාන විමර්ශන නිලධාරියාද අද (12 දා) දින නීතිපති දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නීතිපතිවරයා දන්වා ඇත.

නීතිපති දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින විට රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් සිදුකළ සියලූ විමර්ශන ගොනු සහ උදෘත රැුගෙන එන ලෙසද නීතිපති දප්පුලද ලිවේරා මහතා එම නිලධාරීන්ට දැනුම් දී ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය ‘‘දිවයින’’ට ප‍්‍රකාශ කළාය.

එකී විමර්ශන සම්බන්ධයෙන් තමා දැනුවත් කිරීමකින් තොරව හා තමාගේ අධීක්‍ෂණයකින් තොරව එම සැකකරු නිදහස් කළේ කෙසේද යන්න ගැන කරුණු පැහැදිලි කර ගැනීම සඳහා එම නිලධාරීන් කැඳවීමට නීතිපතිවරයා පියවර ගත් බවද නිෂාරා ජයරත්න මහත්මිය ප‍්‍රකාශ කළාය.

පසුගිය වසරේ පාස්කු ඉරිදා (අපේ‍්‍රල් 21 වැනිදා) එල්ලවූ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමට එරෙහිව රියාජ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් හා ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් කරන්නැයි ඉල්ලා ඔහුගේ ඥාතීන් විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ අබයාස් කෝප‍්‍රස් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව අධිකරණයට කරුණු වාර්තා කිරීමකින් තොරව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එම සැකකරු අපරාධ චෝදනාවලින් නිදහස් කිරීම කෙරෙහිද නීතිපතිවරයාගේ අවධානය යොමු වී ඇතැයිද නිෂාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළාය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අද ඉදිරිපත් කරනු ලබන කරුණු අධ්‍යනය කිරීමෙන් අනතුරුව රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් සුදුසු ක‍්‍රියාමාර්ග ගැනීමට අදාළ පාර්ශවවලට නීතිපතිවරයා උපදෙස් ලබාදීමට නියමිතව ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතත් එම විශ්වවිද්‍යාලය ඇතුළු අනෙකුත් විශ්වවිද්‍යාල වසා දැමීමට තීරණයක් ගෙන නැතැයි විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ‘දිවයින’ට ඊයේ (11 දා) පැවසීය.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාව ඇසුරු කළ ආශ‍්‍රිතයන් හඳුනාගෙන මේ වන විට නිරෝධායනය ඇතුළු සෞඛ්‍ය පියවර ගෙන ඇතැයි ද ඒ මහතා කීය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 14,000 ක් සිටින බවත් කැලණි විශ්වවිද්‍යාලය තුළ 12,000 ක් අධ්‍යාපනය ලබන බවත් කී අමරතුංග මහතා කැලණිය විශ්වවිද්‍යාලය වසා දැමුවේ ගම්පහ දිස්ත‍්‍රික්කය තුළ පිහිටීම නිසා බව ද කීය.

කොරෝනා රෝගය දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකින් වාර්තාවීම සැලකිල්ලට ගනිමින් විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සෞඛ්‍යාරක්‍ෂිතව කරගෙන යෑමට කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් කීය.

චමින්ද සිල්වා
 

fasskuපාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ වත්මන් ජනපති, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමේ සැලසුමක් තිබෙන බව ප‍්‍රකාශ කළ නාමල් කුමාර යන පුද්ගලයා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැටුප් ගත් පුද්ගලයකු බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදෙමින්් (09 දා* පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ මත්ද්‍රව්‍ය කාර්ය සාධක බළකායේ දේශන පැවැත්වීම සඳහා ද නාමල් කුමාර සහභාගි වී ඇති බවත් ඒ සඳහා ඔහු වවුචර්පත් මගින් මුදල් ලබාගත් බවත් එහි අධ්‍යක්‍ෂ දොස්තර සමන්ත කිතලගම මහතා තමා සමග පැවසූ බවත් පූජිත් ජයසුන්දර මහතා කොමිසම හමුවේ පැවසීය.

විශේෂ වරප‍්‍රසාද සහිතව රටේ අර්බුද නිර්මාණය කළ නාමල් කුමාර එහි පුද්ගලයන් පිළිබඳව මෙන්ම ආණ්ඩුකාරකම් කරමින් ජනාධිපති උපදේශකයන් ලෙස කටයුතු කළ පුද්ගලයන් පිළිබඳව ද තමන් කොමිෂන් සභාව හමුවේ අනාවරණය කිරීමට සූදානම් බවත් ඒ මහතා පවසා සිටියේය.

නාමල් කුමාර මහනුවර සිද්ධියේදී තොරතුරුකරුවකු ලෙස සම්බන්ධ වූ බවත් ඔහුට පොලිස් අරමුදලින් රුපියල් ලක්‍ෂ පහක ත්‍යාග මුදලක් ලබාදුන් බවත් ප‍්‍රකාශ කළ හිටපු පොලිස්පතිවරයා නාමල් කුමාර පිටුපස සිටින අය පිළිබඳව මෙන්ම දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයේ බෝම්බය පුපුරුවා ගත් ජමිල්, එම බෝම්බය පුපුරුවා හැරීමට පෙර හමුවූ බුද්ධි නිලධාරියා ගැන ද සොයා බලන ලෙස ජයසුන්දර මහතා කොමිසමෙන් ඉල්ලා සිටියේය.

තමන් 2019 අපේ‍්‍රල් 14 වැනි දින හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නිවසින් වතුර වීදුරුවක් වත් නොබිව් බවත් සඳහන් කළ හිටපු පොලිස්පතිවරයා වදුරටත් සඳහන් කර සිටියේ ඒ මහතාගේ ආරක්‍ෂාව භාරව සිටි අධ්‍යක්‍ෂ රොහාන් සිල්වා සමග ගොස් බුලත් දී මිනිත්තු 10 කින් පමණ එම ස්ථානයෙන් ඉවත් වූ බවයි. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ පූජිත් ජයසුන්දර මහතා සඳහන් කර සිටියේ තමාගේ බිරිඳ ජනාධිපතිවරයාට බුලත්දීමට යෑම ප‍්‍රතික්ෂේප කළ නිසා ඇය එම අවස්ථාවට සහභාගි නොවූ බවයි.

එම අවස්ථාවේදී කොමිෂන් සභාව ඔබ හිටපු ජනාධිපතිවරයා බොරු කියනවා කියලා ද කියන්නේ යනුවෙන් විමසා සිටි අතර ඊට ප‍්‍රතිචාර දක්වමින් පූජිත් ජයසුන්දර මහතා ප‍්‍රකාශ කර සිටියේ හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පුරුද්දක් විදියට බොරු කියන බවයි. ඒ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ ජයසුන්දර මහතා ප‍්‍රකාශ කර සිටියේ හිටපු පොලිස් පරීක්‍ෂක නිශාන්ත ද සිල්වා මහතාගේ ස්ථාන මාරුව සිදුකළ අවස්ථාවේදී මෙන්ම පොලිස් අවුරුදු උත්සවය දවසේදීත් එවැනිම සිදුවීමක් සිදුවූ බවයි. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ජයසුන්දර මහතා ප‍්‍රකාශ කර සිටියේ පාස්කු ප‍්‍රහාරයට පෙර හිටපු ජනාධිපතිවරයා ගුවන්ගත වූ අවස්ථාවේදී තමන් ගුවන් යානයට ගොඩ වූ බවට හිටපු ජනාධිපතිවරයා මෙම කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදෙමින් ප‍්‍රකාශ කළත් තමන් එම අවස්ථාවේදී ගුවන් යානයට ගොඩ නොවූ බවයි.

එරික් ගාමිණී ජිනප‍්‍රිය

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles