Divaina - විගස පුවත්

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

paahiya135ඉස්ලාම් අන්තවාදයට උඩගෙඩි දෙන නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය තමන් බලයට පැමිණි පසු ආරක්‍ෂක විශ්වවිද්‍යාලයක් බවට පත් කරන බවට  අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා එදා ලබාදුන් පොරොන්දුව අද පුස්සක් බවට පත්ව තිබීම ජාතියේ අවාසනාවක් වී ඇතැයි සුරකිමි ශ‍්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ ‘දිවයින’ට ඊයේ (27 දා* සඳහන් කළහ.

saneepa135 සනීපාරක්ෂක තුවා ආනයනය කිරීමේදී මෙතෙක් පනවා තිබූ සියයට තිහක ආනයන බද්ද සියයට 15 දක්වා අඩු කර ඉතිරි සියයට 15 සෙස් බද්දක් ලෙස පැනවීම පමණක් සිදු කර ඇති බවත් ඇමැතිවරයා කීය. මෙම කරුණු විකෘති කර විපක්ෂය විසින් රජය කාන්තා සනීපාරක්ෂක තුවා බද්ද වැඩි කරනු ලැබ ඇති බවට සමාජයේ දුර්මතයක් ගොඩනැඟීමට කටයුතු කර ඇති බවත් ඇමැතිවරයා පැවසීය.

rimandsඅධිකරණ නියෝග නොතකමින් අන්තර්ජාලය ඔස්සේ කළු කොටි මහවිරු සැමරුම් උත්සවය සමරමින් තොරතුරු හුවමාරු කළ එරාවුර් චෙන්කලඩි ප‍්‍රදේශයේ පදිංචිකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. වේළුපිල්ලේ ප‍්‍රභාකරන් වීරයකු ලෙස ඉස්මතු වන ආකාරයට ෆේස්බුක් සහ විවිධ සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ විවිධ ප‍්‍රචාරයන් කර තිබූ බව පොලිසිය පවසයි.

akkkaraපෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණ කොරෝනා පොකුරෙන් නැගෙනහිර පළාතටද දැඩි බලපෑමක් එල්ල වන තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබීම නිසා ඊයේ (27) සිට වහාම කි‍්‍රයාත්මක වන පරිදි අම්පාර දිස්ති‍්‍රක්කයේ අක්කරේපත්තු  නගරය හුදකලා කිරීමට සෞඛ්‍ය බලධාරීහු කටයුතු කළහ. ආසාදිතයන් 31 දෙනකු වාර්තා වීම එයට හේතු වී තිබිණි.

itihop135 ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි ටයිගේ‍්‍ර ප‍්‍රදේශයේ යුද කලාපයෙන් ශ‍්‍රී ලාංකිකයන් තිස් අටදෙනකු සාර්ථකව ඉවත් කර ගැනීමට හැකි වී ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.  විදේශ අමාත්‍යාංශය ඉතියෝපියාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සිදුකළ සාකච්ඡුාවල ප‍්‍රතිඵලයක් ලෙස ඉතියෝපියාවේ තානාපති කාර්යාලය මෙම ශ‍්‍රී ලාංකිකයන් පිරිස යුද කලාපයෙන් මුදාගෙන ඇත.
 

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles