විගස පුවත්
- Hits: 115
ඉකුත් දෙසැම්බර් මස 21 වැනිදා සිට මේ දක්වා බස්නාහිර පළාතෙන් පිටව ගිය පුද්ගලයින් සම්බන්ධව අහඹු ලෙස සිදු කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවේදී පුද්ගලයින් 103කුට කොවිඩ් 19 රෝගය ආසාදනයවී ඇති බව අනාවරණය වී තිබේ.
- Hits: 232
පෙර පාසල් හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතාට කොවිඩ් 19 රෝගය ආසාදනයවී ඇතැයි ඒ මහතා සම්බන්ධව සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවෙන් තහවුරුවී ඇත.
- Hits: 388
මෝදර ධීවර වරාය 2014 බදු දීමේදී රජයට පාඩු සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය අද (18දා) අධි චෝදනා පත්‍ර බාරදී ඔවුන් ඇප මත මුදාහැරීමට නියෝග කළේය.
- Hits: 272
ශ්‍රී ලංකාව සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති පළමු ටෙස් ක්‍රිකට් තරඟය කඩුළු 07කින් ජය ගැනීමට එංගලන්ත පිළ මීට සුළු මොහොතකට පෙර සමත් විය.
ශ්‍රී ලංකා පිළ පළමු ඉනිම සහ දෙවැනි ඉනිම සියල්ලන් දැවී පිලිවෙලින් ලකුණු 139 සහ 359ක් ලබා ගත්තේය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 421ක් ද දෙවැනි ඉනිමේ ජයග්‍රාහී ඉලක්කය වූ ලකුණු 74 කඩුළු 03ක් දැවී ලබා ගැනීමටද සමත් විය.
- Hits: 168
පවතින කොවිඩ් 19 රෝගය හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට (19දා) සහ අනිද්දා (20දා) පමණක් රැස්වීමට අද (18දා) පෙරවරුවේකථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී තීරණය කර ඇත.