Divaina - විගස පුවත්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

re7 1- වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන

- මේ වසරේ මුල් මාස කිහිපයේ  ණය බර බිලියන  1021කින් වැඩිවෙලා - හර්ෂ ද සිල්වා

-ආයෝජකයන්ට විශ්වාසයක් ඇතිවන ලෙස බදු ප‍්‍රතිපත්තිය ස්ථාවර කළ යුතුයි - රාජ්‍ය ඇමැති  ශෙහාන් සේමසිංහ

re7 2- අද වනාන්තර විනාශ කරනවා බලන්න කියන්න කවුරුත් නැහැ - චමින්ද විජේසිරි

යහපාලනයේදී මෙන් අඛණ්ඩව වසර 5 ක් ආර්ථිකය කඩාවැටුණු යුගයක් ශ‍්‍රී ලංකා ඉතිහාසයේ දකින්නට නොලැබුණු බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා) ප‍්‍රකාශ කළේය.

නිෂ්පාදන බදු පනත යටතේ නියමයන් සහ සුරාබදු පනත යටතේ නියෝගයන් පිළිබඳව පාර්ලිමේන්තුවේ ඊයේ පැවැති විවාදයට එක්වෙමින් ඇමැතිවරයා එසේ කීය.

වේත‍්‍රධාරි නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානයක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මුලසුනින් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (09 දා) ප.ව.1.00 ට රැුස්විණි.

re7 3කථානායක නිවේදන ඉදිරිපත් කිරීමෙන් පසුව නිෂ්පාදන බදු පනත යටතේ නියමයන් සහ සුරාබදු පනත යටතේ නියෝගයන් පිළිබඳව විවාදය ආරම්භ විණි.

විවාදය ආරම්භ කරමින් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මෙසේද කීය.

ගිය වසරේ ආණ්ඩුව පවත්වාගෙන යාමේදී දිනකට බිලියන 08 ක් වැයවුණා. ආදායම බිලියන 5 යි. ඒ අනුව බිලියන 03 ක් හිඟ වුණා. එය දිගින් දිගටම සිදුවුණා.

මහින්ද රාජපක්‍ෂ යුගයේදී යුද්ධයේදී පීඩාවට පත්ව සිට යළි නැගිටීමේදී බදු එකතු කරන ප‍්‍රමාණය අඩු වුවත් උතුරු නැගෙනහිර ඇතුළු රටපුරා ව්‍යාපාර ඇරඹුණා. එනිසා අයවැය පරතරය 6.2 ට ගෙනාව. ආර්ථික වර්ධන වේගය 9.2 ට ආවා. විචක්ෂණශීලී ආර්ථික වර්ධනයක් ඇතිවූයේ එම කාලයේදීයි.

2018 දී ආර්ථික වර්ධනය 3.3 යි. 2019 දී 2.3 යි. ලංකා ඉතිහාසයේ දිගින් දිගට වසර පහක් ආර්ථිකය කඩාවැටුණු කාලයක් පසුගිය කාලයට වඩා නැහැ. මොනයම් රජයක් යටතේ හෝ දිගින් දිගට ආර්ථිකය වැටුණානම් ඒ පසුගිය යහපාලන ආණ්ඩුව සමයයි.

ඒකපුද්ගල ආදායම ඩොලර් 3852 යි. වසර පහකටම වැඩිවී ඇත්තේ ඩොලර් 33 ක් පමණයි. නිදහස ලැබුණු පසුව වසර 66 ක් ඩොලර් 100 ට අඩුයි. මහින්ද රාජපක්‍ෂ යුගයේදී 3689 දක්වා වැඩි වුණා.

විරැුකියාව 4.7 ට අඩු කිරීමට 2014 දී හැකිවුණා. ඉන්පසුව පසුගිය වසර පහ පුරාම දිගින් දිගටම

විරැුකියාව වැඩිවුණා. ඒ වගේම අසාමාන්‍ය ලෙස ණය බර වැඩිවුණා. දිගින් දිගටම කඩාවැටෙද්දී ලෝකයේ දරුණු වසංගතය හමුවේ ආර්ථිකය තවත් වැටීමට ලක්වුණා. ලෝකයේ මොන රටකවත් ආර්ථිකය ධන වෙන්නේ නැහැ. ඉන්දියාව දැවැන්ත ලෙස වැටෙනවා. වත්මන් රජය යටතේ ජනතාවට සහන දෙන්න කටයුතු කළා.

බදු සහන හා ණය සහන පැකේජ ආණ්ඩුව දුන්නා. මරණාසන්නව ඉන්න ව්‍යාපාරිකයන්ට එය විශාල සහනයක් වුණා. මේ රටේ ව්‍යවසායකයන්ට,

ගොවියන්ට තනි ඉලක්කමේ අගයට ණය දී

ගොඩනැගීමට ශක්තිය දීමෙන් නිෂ්පාදනය වැඩිකර රට දියුණු කිරීමේ වැඩපිළිවෙල ඇති කරනවා.

කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ)

ඉකුත් මැයි 01 දා සිට අගෝස්තු 31 දක්වා මේ ආණ්ඩුවට මුදල් වියදම් කිරීමට පාර්ලිමේන්තුවෙන් කිසිම අනුමැතියක් දීලා නැහැ.

ඇමැති බන්දුල ගුණවර්ධන

විසර්ජන පනතක් ඉදිරිපත් නොකළ අවස්ථාවේදී 155 වගන්තිය යටතේ ජනාධිපතිවරයාට ඇති බලතල අනුව වියදම් කරලා තියෙනවා.

හර්ෂ ද සිල්වා

155 වගන්තියේ එහෙම කිසිම සඳහනක් නැහැ. ජනාධිපති ගැන සඳහනකුත් නැහැ. ජනාධිපතිට හිතුමතේ මුදල් වැය කරන්න බැහැ. සම්පූර්ණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවටයි. කෝ මේ අයට මුදල් වැය කිරීමට තිබූ අවසරය. කවුද ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ. ව්‍යවස්ථාවේ තියෙනවා නම් ජනපතිට බලය තියෙනවා නම් පෙන්වන්නැයි අභියෝග කරනවා. ඇත්ත කියන්න. පසුගිය මාස තුනට දැන්වත් පනතක් ගෙනත් සම්මත කරගන්න.

බන්දුල ගුණවර්ධන කියන විදිහට රට සංවර්ධනය වුණානම් රටේ කිසිම ප‍්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. 2013 වනවිට සියයට 3.7 ට ආර්ථිකය වැටුණා. මහින්ද රාජපක්‍ෂ යුගයේ බදු අයකළේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 11 යි. එවිට රටක් කරගෙන යන්නේ කොහොමද? සාමාන්‍යයෙන් සියයට 20 ක් පමණ අයකරනවා.

මේ වසරේ මුල් මාස 06 ට රුපියල් බිලියන 1021 කින් ණය බර වැඩි වෙලා. අපේ වසර 05 කින් ටි‍්‍රලියන 05 කින් බදුබර වැඩි කළා කියලා පසුගිය අවසන් මාස 06 දී ටි‍්‍රලියනයකින් වැඩිවුණා.

වරාය සංවර්ධන ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා

ඕනම ආණ්ඩුවක් ගන්න තීරණ හරිද වැරදිද කියා තීරණය වන්නේ ආණ්ඩුවේ වසර 05 අවසානයේදීයි.

පසුගිය ආණ්ඩුව ජනතාව ඇතිහැකි අය කළා නම් ඔවුන්ව විපක්‍ෂයට යවන්නෙ නැහැ. අගමැති, මුදල් ඇමැති වූ රවි කරුණානායක පාර්ලිමේන්තුවට සුදුසු නැති බව ජනතාව තීරණය කළා. මංගල සමරවීර පරදින්න කලින්ම ඉල්ලා අස්වුණා.

වරාය කියන්නේ රටේ ප‍්‍රධාන හදවතයි. අපි වරාය දියුණු කරන්න පියවර රැුසක් අරගත්තා. හම්බන්තොට වරාය අලූතෙන් පිහිටෙව්වා. ඒ වගේම කොළඹ වරාය පර්යන්ත ඇතිකළා. නැගෙනහිර පර්යන්තය වසර පහක්ම එකතැන. එය ප‍්‍රයෝජනයට නොගැනීමෙන් වරායට රුපියල් කෝටි ගාණක පාඩුවක් සිදුවෙලා තියෙනවා. එය බහලූ පර්යන්තයේ අංක 05 ජැටිය දියුණු කරන්න පසුගිය ආණ්ඩුව තීරණය කළත් ජැටියේ කිසිදු වැඩක් නොකර දොඹකර ගේන්න පමණක් ඇනවුම් කළා. මෙය ජාතික ව්‍යවසනයක්. නැගෙනහිර පර්යන්තය කිසිදු දෙයක් කර නැහැ.

වරායට සාමාන්‍ය පෙළ අසමත් 310 ක් අරගෙන මොවුන්ට මොනවද කරන්නේ. කිසිම සොයා බැලීමකින් තොරවයි අරන් තියෙන්නේ.

පුත්තලම දිස්ත‍්‍රික් මන්ත‍්‍රී නිරෝෂන් පෙරේරා (සජබ)

නියෝජ්‍ය කාරක සභා සභාපති අන්ගජන් රාමනාදන් මහතා මූලාසනයට පැමිණෙයි.

මේ ආණ්ඩුවට ජනතාව විශාල බලයක් දීලා තියෙනවා. අපි එයට හිස නමනවා. අපේ ආණ්ඩුවේ සමහරු කරපු දේවල්වල වරදට මේ බලය ලැබුණා.

මේ ආණ්ඩුවේ සමහරුන්ගේ පවුලේ උදවිය පරිසරය විනාශ කිරීමට සහාය දෙනවා. මේ පරිසරය ඉදිරි පරම්පරාවලට අයිතියි. පරිසරය විනාශ කිරීමට ඉඩ නොදිය යුතුයි. ජනතාවගේ ආදායම් මාර්ග ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළට ආණ්ඩුව මීට වඩා මැදිහත් විය යුතුයි. ලෝකයෙන් ඈත් වී අපට ඉදිරියට යන්න බැහැ. රජය ශක්තිමත් වැඩපිළිවෙළකට යා යුතුයි.

වන්නි දිස්ත‍්‍රික් මන්ත‍්‍රී චාර්ලිස් නිර්මලනාදන් මහතා -

උතුරේ ධීවරයන් මසුන් අල්ලන්න බැරි තත්ත්වයට පත් වෙලා. ඉන්දියානු බෝට්ටු පැමිණීම නිසයි මේ ප‍්‍රශ්නය මතු වී තියෙන්නේ. මේ නිසා ධීවර ජනතාව ගෙවල්වලට කොටුවෙලා.

ධීවර ඇමැති ලෙස උතුරේ අයෙක්ම පත් වී තියෙනවා. ඒ නිසා මේ ප‍්‍රශ්නය විසඳන්න ආණ්ඩුව මැදිහත් වෙන්න. ඉන්දීය ට්‍රෝලර් යාත‍්‍රා හැමදාම ඇවිත් මසුන් අල්ලනවා.

කළුතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී රාජිත සේනාරත්න (සජබ) -

පැණි බීමවලට අපි ආණ්ඩු සමයේ බදු අය කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හොඳ කිව්වා. බෝ නොවන රෝගවලින් දියවැඩියාව ප‍්‍රභලයි. හැම සීනි ග‍්‍රෑම් එකකටම ශත 50 ක් අය කළා. ඉන් පරිභෝජනය අඩු වුණා. පලතුරු බීමවල මුල් ග‍්‍රෑම් හය ඉතුරු කර වැඩි ග‍්‍රෑම් එකකට බදු අය කළා.

අද ග‍්‍රෑම් හයකින් පසුව ශත 50 ක බද්ද ශත 30 කට අඩු කරලා. සම්පූර්ණ පැණි බීම වලටත් ග‍්‍රෑම් 6 කට බදු නිදහස් වෙලා. පලතුරු බීමවල බදු අය නොකළ මුල් ග‍්‍රෑම් 6 පසුව ග‍්‍රෑම් 9 දක්වා වැඩි කරලා.

මේ ගැන නැවතත් සිතා බලන්න. පැණි බීම අධිකාරිය දුම්කොළ අධිකාරිය හා ඖෂධ අධිකාරිය බලපෑම අපට එදා ද ඇති වූවා. විiාත්මක දත්ත යටතේ මේ ක‍්‍රියාවලිය කරන්න. පලතුරු බීම වලට හැර අනෙකුත් බීම වලට සහන දෙන්න එපා.

කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී පේ‍්‍රමනාත් සී. දොලවත්ත මහතා (ශ‍්‍රීලපොපෙ) -

පසුගිය යහපාලන රජය තුළ ජනතාවගෙන් අය කළ අති විශාල බදු මුදල්වලින් ජනතාවට සේවයක් සිදුකර ඇත්ද යන්න සොයා බැලිය යුතුයි. වැඩි බදු ආදායමක් එදා ලැබුවා.

පත්කළ මන්ත‍්‍රී ඩයනා ගමගේ (සජබ)

මාස හයක් වැනි කෙටි කාලයක් තුළ මේ පක්‍ෂය පිහිටුවා ලැබූ ජයග‍්‍රහණ අති විශාලයි.

අපේ රටේ කාන්තාවන් සිය ඡුන්දවලින් ආණ්ඩු බිහි කරනවා නමුත් අද අපට දකින්න තිබෙන්නේ සුරංගනා කතා පමණයි. පසුගිය දශක ගණනාවකටම කාන්තාවන් වෙනුවෙන් යමක් වෙනවා දැක නැහැ. කිසිම රජයක් කාන්තාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් කටයුතු කර නැහැ. 2020 වසරේදී ළමුන් 5000 ක් අපයෝජනයට ලක්ව ඇති බව ළමා ආරක්‍ෂණ අධිකාරියේ වාර්තාවක සඳහන්. තවම ගත වී ඇත්තේ මාස 9 ක් පමණයි.

පත්කළ මන්තී‍්‍ර මහාචාර්ය රංජිත් බණ්ඩාර (ශ‍්‍රීලපොපෙ) -

2015 දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ජනාධිපති භාරදුන්න රට නෙවෙයි 2019 නොවැම්බර් මාසයේදී යළිත් ලැබුණේ. පසුගිය අවුරු 4 දී ලක්‍ෂ 05 ක් සේවා වියුක්තව ඉන්නවා. මේ ගැටලූවට ඉක්මන් විසඳුමක් දීමටයි උපාධිධාරී පත්වීම් දුන්නේ. දුප්පත්කම,

විරැුකියාව අපි බලය ගන්න විට ඉහළටම ඇවිත් තිබුණා.

රත්නපුර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී හේෂා විතානගේ (සජබ) -

මේ රටේ ආර්ථිකය ගැන පසුගිය ආණ්ඩුවල කාටවත් උදම් අනන්න අවස්ථාවක් නැහැ. කවුරුත් අඩු වැඩි ලෙස ආර්ථිකය වට්ටන්න පියවර අරන් තියෙනවා.

කළුතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ලලිත් එල්ලාවල (ශ‍්‍රීලපොපෙ) -

පසුගිය ආණ්ඩුවේ බැඳුම්කර හොරකම සිදුවුණේ අද සමගි බලවේගය පිරිසත් එහි සිටියදීමයි. මේ අයට ඉන් වැලකෙන්න බැහැ. ෆුට් නෝට් කල්ලියේ අයට ජනතාව පාඩම් ඉගැන්නුවා. මේ ආණ්ඩුවට ජනතාව ඡුන්දය දුන්නේ අවංකව සේවය කරන්නයි. ඒ බලාපොරොත්තු අපි ඉටුකළ යුතුයි. ජවිපෙ එජාපයත් සමග එකතු වී රට විනාශ කළා.

නුවරඑළිය දිස්ත‍්‍රික් මන්ත‍්‍රී වී. රාධක‍්‍රිෂ්ණන් (සජබ) -

අද බඩුමිල ඉතා ඉහළ ගිහිල්ලා. බදු අය කළ යුත්තේ සාමාන්‍ය ජනතාවගෙන් නෙවෙයි. ගෙවිය හැකි පුද්ගලයන්ගෙන්. සංචාරක කර්මාන්තය නැති නිසා නුවර වීදිය ජනතාවටත් ප‍්‍රශ්න ඇති වෙලා. කෘෂි කර්මාන්තයෙන් පහළ මට්ටමක තියෙන්නේ. අපට අවශ්‍ය පොහොර ලැබෙන්නෙ නැහැ. ජනතාවගේ ආදායම වැඩි කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ආණ්ඩුව වහා පියවර ගත යුතුයි.

මන්ත‍්‍රී අජිත් රාජපක්‍ෂ මහතා මූලාසනයට පැමිණෙයි.

පුත්තලම දිස්ත‍්‍රික් මන්ත‍්‍රී අශෝක ප‍්‍රියන්ත (ශ‍්‍රීලපොපෙ) -

කැමැත්තෙන් බදු ගෙවන රටක් බවට අපි පත්කළ යුතුයි. අපේ මන්ත‍්‍රීවරු 225 ඊට පූර්වාදර්ශයක් ලබාදිය යුතුයි. නෝර්වේ වැනි රටවල මිනිස්සුන්ට ජීවත් වීමට හැකි පරිසරයක් ඇති කළ විට කැමැත්තෙන් ඔවුන් බදු ගෙවනවා. අධ්‍යාපන ක‍්‍රමයේ සිටම මේ සඳහා වෙනස්කම් කළ යුතුයි.

බදුල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී චමින්ද විජේසිරි (සජබ) -

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරන්න. ඉන්ධන මිල සහනය දෙන්න. අපි එදා දින 100 ආණ්ඩුව තුළ ජනතාවට අවශ්‍ය සහන දුන්නා. අද ඒ සහන වෙනුවට ව්‍යවස්ථා සංශෝධන ගෙනල්ලා මහා බලයක් ලබාගන්න උත්සාහ කරනවා. අද වනාන්තර විනාශය විශාල ලෙස සිදුවෙනවා. මේව බලන්න කියන්න කවුරුත් නැහැ. මේ ආණ්ඩුව පරණ සුපුරුදු හොරකම් කරන්න පටන් අරන්.

අනුරාධපුර දිස්ත‍්‍රික් මන්තී‍්‍ර සරත් කුමාරසිරි මහතා (ශ‍්‍රීලපොපෙ) -

වත්මන් විපක්‍ෂය නින්දෙන් ඇහැරිලා වගේ කතා කරනවා. එදා දියුණු ආර්ථිකයක් තිබුණු මොහොතක මහින්ද රාජපක්‍ෂ මහතා පරාජයට පත්වුණේ. පසුව ඒ ආර්ථිකය කඩා වැටුණා. නිෂ්පාදන ආර්ථිකය වෙනුවට ආනයන ආර්ථිකයක් බිහිවුණා. රට

අගාධයට ගියා.

ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා (ස.ජ.බ)

තුනෙන් දෙකක බලයක් ලබාගෙන 19 වැනි සංශෝධනය අහෝසි කිරීමෙන් රටට කුමන තත්ත්වයක් ඇතිවේද යන්න අද ලොව රටවලින් විවිධ ආරංචි පැතිරෙනවා. පාර්ලිමේන්තුවේ මරණ දඬුවම නියම වූ අයකුට මන්ත‍්‍රීවරයකු ලෙස දිවුරුම් දීම ගැන විවිධ රටවල් මවිත වෙලා. ආයෝජකයන් ආකර්ෂණය අඩුවීමට 20 වැනි සංශෝධනය බලපානවා. ඔවුන් වෙනත් රටවල් කරා යාවි.

යාපනය දිස්ත‍්‍රික් මන්ත‍්‍රී සී. වී. විග්නේෂ්වරන් (ත.මේ.තෙ. කු)

අපේ රටේ නිෂ්පාදන ක‍්‍රම තුළින් නිෂ්පාදන වියදම් අඩු කළ යුතුයි. නිෂ්පාදන වියදම වැඩි නිසයි අපගේ නිෂ්පාදනය අඩුවී පිටරටින් භාණ්ඩ ගෙන්වීමට සිදුවුණේ අපගේ නිෂ්පාදන අපනයනය කරන්න වැඩපිළිවෙළක් අවශ්‍යයි. ගෙවතු වගා වැඩි කළ යුතුයි.

රටේ ජනතාව තුළ විරැුකියාව වැඩියි. එයට විසඳුම් ලෙස ස්වයං රැුකියා ඇති කළ යුතුයි. දුප්පත්කම අඩු කළ හැකියි. උතුරේ ගොවිතැන ප‍්‍රධානයි. අද උතුරේ පුරාවිiාත්මක බළකාය නිසා ගොවිතැන්වලට බලපෑම් ඇතිවෙලා ආර්ථික ලෙස පුනර්ජීවයක් ඇති කිරීමේදී මේ බාධා නැති කළ යුතුයි.

අපේ ප‍්‍රදේශවල ගම්බද බෞද්ධ ජනතාව වගේම සිංහල ජනතාවත් ජීවත් වෙනවා. ඔවුන්ගේ අයිතීන්ද ආරක්ෂා කළ යුතුයි. ජපානය වගේ රටවලින් ආධාර ලබා ගත හැකියි. ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතුයි.

මහනුවර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා (ශ‍්‍රීලපොපෙ)

මේ රටේ සියලූ දෙනාට නිදහසේ ජීවත්වීමේ පරිසරයක් මේ ආණ්ඩුව ඇති කරනවා. මත්කුඩු, පාතාලය මැඬලීම කඩිනමින් සිදුකරනවා. කෘෂිකර්මාන්තය දියුණු කර රට ස්වයංපෝෂිත කිරීමත් ස්ථිරව සිදුකරනවා.

අනුරාධපුර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ඉෂාන් රහුමාන් (ශ‍්‍රී.ල.පො. පෙ)

ජනාධිපති පසුගියදා උපාධිධාරීන් 50,000 කට

රැුකියා දුන්නා. පිටරට උපාධි ගත් අයටත් අවස්ථාව දුන්නා. ඉන් අනුරාධපුරයේ ඉල්ලූම් කළ සියලූ දෙනාටම රැුකියා ලැබුණා. ඒ නිසා මහ මැතිවරණයෙන් පස්සේ රැුකියා යළි නැති වුණා. ගොවි ජනතාවගේ නිෂ්පාදනවලට තැනක් දෙන්න. පසුගිය කාලයේදී කංකුං මිටියත් රටින් ගෙනාවා. ඒ වැරදි යළි කරන්න එපා.

ගම්පහ දිස්ත‍්‍රිද් මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා (ස.ජ.බ)

අනෙක් මන්ත‍්‍රීවරුන්ට සාපේක්ෂව මං පාරවල් හදලා නැහැ. මළ ගෙවල්, මඟුල් ගෙවල්වල ගිහින් නැහැ. ඒත් මාව ජනතාව නැවත පාර්ලිමේන්තුවට එව්වා. ඒ මම ජනතාව වෙනුවෙන් ඇත්ත කතා කළ නිසා. අවනීතියට විරුද්ධ වුණ නිසා.

දේශපාලන පළිගැනීමක් නොකර මාව හිරේට නොයැව්වොත් ඉදිරියටත් ඇත්ත කතා කරනවා. හිරගෙදර යවන්න ඕන අයට ඉදිරියටත් එයට යවන බව මං මගේ ජනතාවට කියනවා. ඒ කොසොල් රජතුමා දුටු සිහිනයක් තමයි. දෙපැත්තෙන්ම උලාකන අශ්වයා. එහිදී බුදු හාමුදුරුවො දේශනා කළා අධාර්මික පාලකයන් බිහිවී රට විනාශ කරන බව. එවැනි තත්ත්වයක් තමයි අද උදා වෙලා තිබෙන්නේ. මිනී මරපු අය මේ පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙනවා. ඒ ගැන මං වැඩිය කතා කරන්නෙ නැහැ. මොකද එය මටත් වුවමනා වෙයි. මේ රටේ හොඳ විනිසුරුවරුන් ඉන්නවා. ඒ අය ගැන මං විවේචන කරලා නැහැ.

ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා (ස.ජ.බ)

සිංහරාජය මැදින් පාරවල් කපනවා. පුත්තලමේ මහ ගස් උගුල්ලලා දානවිට ආර්ථිකය ගැන කතා කරන්න කලිින් මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කළ යුතුයි. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ව්‍යවස්ථාව වෙනස් කරනවා. ද්විත්ව පුරවැසි භාවයේ නීතිය නව ව්‍යවස්ථාවෙන් නැති කරනවා.

රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා

19 සංශෝධනයට එදා අපි අත එසෙව්වා. එය අපේ පාර්ලිමේන්තු ජීවිතයේ කළු පැල්ලමක් එකතු වුණු දිනයක්. බොහෝ දුර්වලතා වලින් යුතු වූ එම සංශෝධනය අපි ඉවත් කිරීමට කටයුතු කරනවා.

කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී මේජර් ප‍්‍රදීප් උඳුගොඩ මහතා (ශ‍්‍රී.ල.පො.පෙ)

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව තොරතුරු තිබියදීත් යහපාලන ආණ්ඩුවට එය බේරා ගැනීමට නොහැකි වුණා. ඒ රජය ගෙන ගිය ප‍්‍රතිපත්ති නිසා රටේ ආර්ථිකයට දරුණු පහරක් එල්ල වුණා.

සමෘද්ධි ගෘහ ආර්ථික හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා

රටේ බදු අඩු කිරීම සම්බන්ධයෙන් විපක්ෂය ඉරිසියාවෙන් ඉන්නේ. සියයට 2.3 ක ආර්ථික වර්ධනයක් සහිත රටක් අපි භාර ගත්තා. ඊට පසුව ගෝලීය ආර්ථික අර්බුදයක් ආවා. ඒත් අපි සෘන වර්ධන වේගයට අපේ ආර්ථිකය ගෙනියන්නෙ නැහැ. 2019 දි යහපාලන ආණ්ඩුව රටක් ලෙස රුපියල් බිලියන 13931 ක් ලෝකෙට ණය වෙලා තිබුණා. එය 2014 ට සාපේක්ෂව සියයට 86 ක ණය බර වැඩිවීමක්.

ආයෝජකයන්ට විශ්වාසයෙන් යුතුව ආයෝජන කිරීමට අවැසි ආකාරයට රටේ බදු ප‍්‍රතිපත්තිය ස්ථාවරව පවත්වා ගත යුතුයි. පාස්කු ප‍්‍රහාරයකයන්ට රැුකවරණය දුන් අය මේ පාර්ලිමේන්තුවේත් ඉන්නවා. පාස්කු ප‍්‍රහාරකයන් සමග ආණ්ඩු කළ අය ඉන්නවා.

පාර්ලිමේන්තුව අද (10 වැනිදා) පෙ. ව. 10.30 ට යළි රැුස්වේ.

කුෂාන් සුබසිංහ - අකිත පෙරේරා

Sajith2ආනවිලූන්දාව අභය භූමියේ අක්කර දෙකක පමණ භූමි ප‍්‍රමාණයක් දින දෙකක් පුරා ඩෝසර් කොට විනාශ කරන තෙක් කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගැනීමට අපොහොසත් වීම රජයේ බරපතළ දුර්වලතාවක් බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (09 දා* පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

ස්ථාවර නියෝග 27 (02) යටතේ පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්නයක් නගමින් ඒ මහතා මේ බව පැවසීය. විපක්ෂ නායකවරයාගේ එම ප‍්‍රකාශය මෙසේය.

පරිසරය හා ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම රටක රජයක මූලික මෙන්ම ප‍්‍රධානතම වගකීමකි. ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩි දියුණු කිරීම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 27(14* ව්‍යවස්ථාව මගින් රාජ්‍ය ප‍්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් යටතට ද ඇතුළත් කොට තිබේ.

කෙසේ වුව ද, වර්තමාන රජය බලයට පත් වූ වහාම වැලි ප‍්‍රවාහනයට අවශ්‍යව තිබූ බලපත‍්‍රය අවලංගු කිරීමට කටයුතු කරනු ලැබූ අතර ඒ පිළිබඳව දැඩි ආන්දෝලනාත්මක තත්ත්්වයක් නිර්මාණය විය. එසේම, පසුගිය දිනක සිංහරාජ වනාන්තරයට මායිම්ව පිහිටා ඇති ලංකාගම බලා යන මාර්ගයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වීමත් සමග නැවතත් පරිසර විනාශය පිළිබඳව සමාජයේ කතිකාවක් මතු විය.

මේ අතරතුර, තවත් මහා පරිමාණ පාරිසරික ඛේදචාචකයක් පසුගිය දිනක පුත්තලම ප‍්‍රදේශයෙන් වාර්තා විය. පුත්තලම දිස්ති‍්‍රක්කයේ ආරච්චිකට්ටුව ප‍්‍රදේශයේ පිහිටා ඇති ආනවිලූන්දාව අභය භූමියේ අක්කර දෙකක පමණ භූමි ප‍්‍රමාණයක් ඉස්සන් වගාව සඳහා ඩොසර් කොට එහි පරිසර පද්ධතිය විනාශ කිරීම එම ඛේදවාචකයයි.

පරිසරවේදීන්ට අනුව ඉතා සංවේදී පාරිසරික කලාපයක් වන මෙම කලාපය දේශීය හා විදේශීය සංචාරක පක්ෂීන් මෙන්ම දුර්ලභ

ගණයේ මත්ස්‍ය වර්ග හා සමනල වර්ග බහුල කලාපයකි. එසේම කඩොලාන ආශි‍්‍රත දුර්ලභ පරිසර පද්ධතියකින් හා ජලාශ පද්ධතියකින් මෙම කලාපය සමන්විත වේ. ලෝකයේ දැනට පවතින අති දුර්ලභ මෙන්ම ජෛව විවිධත්වයෙන් අනූන තෙත්බිම් ආරක්ෂා කිරීමට 2001 වසරේදී ඉරානයේ රැුම්සාර්

නගරයේදී ඇති කරගත් සම්මුතියට ශී‍්‍ර ලංකාව ද ඇතුළත් වී තිබෙන අතර, ඒ අතර ආනවිලූන්දාව අභය භුමිය ද රැුම්සාර් තෙත්බිමක් වශයෙන් 2001 වසරේදී ප‍්‍රකාශයට පත්කොට තිබේ. එසේම, මෙම කලාපය වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ද ප‍්‍රකාශයට පත් කොට ඇති අභය භූමියකි.

මෙවැනි පාරිසරික පද්ධති විනාශ වීමට ඉඩ හැරීම ඉතා බරපතළ අපරාධයක් බව අවිවාදයෙන් පිළිගත යුතු කාරණයකි. එසේම, මෙම අපරාධය සඳහා ප‍්‍රබල දේශපාලනඥයකුගේ සොහොයුරෙකු සම්බන්ධ බවට ද, ඒ හේතුවෙන් නීතිය නිසි පරිදි කි‍්‍රයාත්මක වීම ප‍්‍රමාද වන බව ද පසුගිය දින කිහිපයේම ජනමාධ්‍ය ඔස්සේ වාර්තා විය.

කුෂාන් සුභසිංහ, රනිල් ධර්මසේන

drugsssමෙසේ තත්ත්වයෙන් බාල වීම හේතුවෙන් ඉවත් කර ඇති බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය අතර පැරසිටමෝල් පෙති, බෙන්සතින් පෙනිසිලින් එන්නත්, වැන්කෝමයිසින් එන්නත්, කැල්සියම් ග්ලූකොනෙට් එන්නත්, සයික්ලොස්පෝරින් කරල්, සෙෆලෙක්සින් සිරප්, ඩෙක්ස්ට්‍රොස් ද්‍රාවණය හා වෝෆරින් සෝඩියම් පෙති වෙයි. මේවා අතුරින් එකම ඉන්දීය බෙහෙත් සමාගමක් මගින් නිපදවනු ලැබූ වෝෆරින් සෝඩියම් පෙති අවස්ථා 06කදීද, තවත් ඉන්දීය බෙහෙත් සමාගමක් විසින් නිපදවන බෙන්සතින් පෙනිසිලින් එන්නත් අවස්ථා 04කදී ද තත්ත්

 hakkes2015 ජනාධිපති වරණය සමයේදී නැගෙනහිර පළාතේ දෙමළ කතා කරන ජනතාව සඳහා වෙනම පරිපාලන ඒකකයක් මෛති‍්‍රපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ මහත්වරුන්ට යෝජනා කළ බවද එම කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදෙමින් හකීම් මහතා පැවසීය. වෙනම පරිපාලන ඒකකයක් යනු වෙනම දේශපාලන ඒකකයක් නොවන බව සඳහන් කළ ඒ මහතා තවදුරටත් ප‍්‍රකාශ කර සිටියේ තමන්ගේ භාෂාවෙන් කටයුතු කිරීමට ජනතාවට අයිතියක් තිබෙන බවයි. එම අවස්ථාවේදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා හකීම් මහතාගෙන් මේ වන විටත් උතුර සහ නැගෙනහිර පරිපාලන කටයුතු දෙමළ භාෂාවෙන් සිදුවෙනවා නේද යන්න විමසා සිටි අතර ඊට ප‍්‍රතිචාර දක්වමින් ඒ මහතා ප‍්‍රකාශ කර සිටියේ එසේ සිදුවන බවයි.

re9 1රසායනික පොහොර භාවිතය අවම කිරීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව එළැඹෙන මහ කන්නයේදී කාබනික පොහොර යොදා ගැනීමේ හැකියාව පිළිබඳව වහාම සොයා බලන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

පොහාර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ පෙරේදා (08 දා) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡුාවේදී එසේ උපදෙස් දුන් ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයීමට වහාම පියවර ගන්න. මේ වසරේ ආනයනය කළ පොහොර සඳහා නිසි පරිදි ගෙවීම් කර අවසන්. වතුවලට හා ගොවියාට අවශ්‍ය පොහොර නියමිත ප‍්‍රමාණයට, කලට වේලාවට ලබාදිය යුතුයි. ඒ වගේම ඉහළ ප‍්‍රමිතියකින් යුත් පොහොර ගොවීන්ට ලබා දෙන්න.

ආනයනයට සීමා නොවී දේශීය පොහොර අවශ්‍යතාව රට තුළම නිෂ්පාදනය කළ යුතුයි. ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය ප‍්‍රතිපාදන ලබා දෙනවා. නව පොහොර සම්බන්ධයෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක් පර්යේෂණ සිදු කර තිබෙනවා. ප‍්‍රධාන පොහොර වර්ග කිහිපයක් ඉදිරි තෙවසර තුළ දේශීය වෙළෙඳ පොළට සැපයීමට හැකියාව තිබෙනවා.

මහ කන්නයේ සමස්ත වගාබිම් ප‍්‍රමාණයෙන් සියයට 25 කට කාබනික පොහොර යොදා ගැනීමේ හැකියාව පිළිබඳව වහාම සොයා බලන්න. එමගින් සියයට 25 කින් රසානික පොහොර භාවිතය මේ වසරේදීම අඩු කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම කාබනික පොහොර භාවිතයෙන් ලැබෙන අස්වැන්න සහ සෙසු ප‍්‍රතිලාභ පිළිබඳව

ගොවීන් දැනුවත් කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.

මෙම අවස්ථාවට කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ, රාජ්‍ය ඇමැති මොහාන් පී. ද සිල්වා, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානි බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ලසිත දුමින්ද
 

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles