විගස පුවත්
- Hits: 123
මෙම මස 27 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ විශ්ව විද්‍යාල සෞඛ්‍ය උපදෙස් අනුව තවත් සති 02කින් කල් දැමීමට තීරණය කළ බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජීඑල් පීරිස් මහතා සඳහන් කරයි.
- Hits: 159
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් කොවිඩ් රෝගී පොක-රු ඇතිවීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.එබැවින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.මේවනවිට කුරුණෑගල තිත්තවල්ගල ග්‍රාම සේවා වසම ද හුදකලා කර ඇත.එසේම ගම්පහ දිවුලපිටිය මැල්ලවගෙදර ප්‍රදේශයේ පුද්ගලයින් 44 දෙනෙකුට කොවිඩ -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.
- Hits: 343
පාස්කු ප්‍රහාරය සම්බන්ධව අද පැවැති විවාදයේදී පාර්ලිමේන්තු සභා ගැබේදී දැඩි වචන හුවමාරුවක යෙදුනු ආණ්ඩු පක්ෂයේ තිස්ස කුට්ටිආරච්චි සහ විපක්ෂයේ හරීන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් දෙදෙනා පාර්ලිමේන්තු බිම් මහලේ දී මුහුණට මුහුණ හමුවී ගැටුමකට සැරසුණි.එහිදී පොලිස් නිලධාරීන් සහ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් මැදිහත්වී ගැටුම සමතයකට පත් කළහ.
- Hits: 171
ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගැනීමෙන් පසුව යම් සංකූලතාවයක් ඇතිවුව හොත් දැනුම්දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක වන 0113415985 දුරකතන අංකය හඳුන්වා දී ඇතැයි සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී අද සඳහන් කළාය.
මෙවැනි රෝගීන් සඳහා කොළඹ මහ රෝහලේ විශේෂ ඒකකයක් සූදානම්ව පවතින බවද ඇමැතිවරිය කීවාය.
- Hits: 257
පාස්කු ප්‍රහාරය සම්බන්ධව මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් ඊයේ (20දා)පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශ ගැන විමර්ෂණය කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට අද පැමිණිලි කර ඇත.