Divaina - විගස පුවත්

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ලොව පුරා රටවල පැතිර යන කොරෝනා වෛරස් ආසාදනයට ගොදුරු වී මිය ගිය සංඛ්‍යාව  අද (27දා ) තුන් ලක්ෂ පනස් දහස ඉක්මවා ගොස් තිබේ. වර්ල්ඩෝමීටර් වෙබ් අඩවියට අනුව අද සවස ශ්‍රී ලංකාවේ වේලාවෙන්  6.30 වන විට ලොව පුරා රටවලින් වාර්තා වී තිබු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂ පනස් දෙදහස් නවසිය දෙකකි(352,902 ).

මෙම මරණ සංඛ්‍යාවෙන් බහුතරය වන එක් ලක්ෂ හයසිය විසිපස් දෙනෙකු (100,625)  ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී ඇති අතර දෙවැනි වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව වන 37,048 දෙනෙකු එංගලන්තයෙන්ද ,තෙවැනි වැඩිම ආසාදිත මරණ සංඛ්‍යාව වන 32,955 ක සංඛ්‍යාව ඉතාලියෙන්ද වාර්තා වී තිබේ.


ඉහත කී වේලාව වන විට ලොව පුරා රටවල් හා කලාප 213 කින් කොරෝනා ආසාදිතයින්  පනස් හත් ලක්ෂ  පහළොස්දහස් එකසිය තුන් දෙනෙකු  (5,715,103) වාර්තා වී තිබිණි

  ඒමන්ති මාරඹේ 

සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 10 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (27) නියෝග කළේය.
 
සුදු වෑන් මාධ්‍ය හමුව පැවැත්වීමේ සිද්ධියට අදාලව හිටපු අමාත්‍ය  රාජිත සේනාරත්න පසුගිය 13 වැනිදා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණි.



කටාර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 268 දෙනෙකු අද (27) දින අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින්  දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.


ඔවුන් කටාර් රාජ්‍යයේ , දෝහා සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන විශේෂ ගුවන් යානයෙන් අද දින අලුයම 5.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. ඔවුන් මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 10 ක සහ පිරිමැසුම්දායක පංතියේ ආසන 258 ක අසුන් ගෙන සිටි අතර , ඔවුන් අතර කුඩා ළමුන් සිව් දෙනෙකු ද වූහ. මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව , ඔවුන් රැගෙන ආ බඩුබාහිරාදිය ද සමග විශබීජ හරණය කිරීමට ලක් කෙරුණි.

ඉන් පසුව ඔවුන් තුළ කොරෝනා රෝග ලක්ෂණ පවතී ද යන්න විමසා බැලීමක් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් සිදු කළහ. ඉන් අනතුරුව මෙම ගුවන් මගීන් සියලු දෙනා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් විශේෂ බස් රථ මගින් නීරෝධායන කටයුතු සදහා රැගෙන යෑම සිදු කෙරුණි.

කටුනායක ටී.කේ.ජී.කපිල

කොරෝනා වෛරසය අසාදනය වීමේන් එක්සත් ජනපදයෙන් වාර්තා වන දෛයිනික මරණ අනුපාතයේ පහළ යෑමක් පෙන්නුම් කරන බව ජෝන් හොප්කින්ස් වෛද්‍ය විශ්වවිද්‍යාලය පවසයි. එම විශ්ව විද්‍යාලයේ දත්ත විශ්ලේෂණයට අනුව අවසන් දින තුන ඇතුළත ඇමෙරිකාවෙන් දිනපතා වාර්තා වන කොරෝනා මරණ ගණන 700 ඉක්මවා ගොස් නැත.

ජෝන් හොප්කින්ස් වෛද්‍ය විශ්වවිද්‍යාලයේ දත්ත විශ්ලේෂණයට අනුව අද (27) උදෑසන 10.00 පමණ වන ඇමෙරිකාවෙන් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 98,916කි. අසාදිතයන්ගේ සංඛ්‍යාව 1,681,212 කි. නමුත් ජාත්‍යන්තර සංඛ්‍යාලේඛන සංවර්ධකයින්, පර්යේෂකයින් සහ ස්වේච්ඡා සේවකයන් විසින් මෙහෙයවනු ලබන වර්ල්ඩෝමීටර්( Worldometer ) දත්ත විශ්ලේෂණයට අනුව මේ වනවිට ඇමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව ලක්‍ෂය (100,572) ඉක්මවා ගොස් තිබේ.

රසී වීරසිංහ





කොරෝනා වෛරසය අසාදනය වී සුවය ලැබූ 20 දෙනකු අද  (27) රෝහලෙන් නික්ම ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව කොරෝනා වෛරසය අසාදනය වී සුවය ලැබූ මුළු ගණන 732 දක්වා ඉහළ ගොස් තිබේ.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles