විගස පුවත්
- Hits: 179
කොරෝනා තත්ත්වය අධික වීම නිසා ඉන්දියාවේ අගනුවර වන දිල්ලි නගරය සතියක කාළයකට අද (19) සිට වසා දැමීමට එරට රජය තීරණය කර තිබේ.
ඒ අනුව අද රාත්‍රී 10 සිට දිල්ලි නගරය ලබන සඳුදා දක්වා වසා දමා ඇත.
- Hits: 136
අවුරුදු සමය තුළ සිදුවූ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 484 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.
එහිදී රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 114ක් ඇතුලත් කර ඇති අතර ගිණිකෙලි වලින් තුවාල ලත් පුද්ගලයින් 06 දෙනෙකුද ඉතිරි ඒවා වැටීම්. පහරදීම් වැනි හේතූන් නිසා අනෙක් පිරිස රෝහලට ඇතුලත් වූ බවද හෙද නිළධාරිණී පුෂ්පා සොයිසා මෙනෙවිය කීවාය.
- Hits: 190
සිංහල අලුත් අවුරුද්දෙන් පසුව අග්‍රාමාත්‍ය කාර්යාල කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී ආරම්භ කෙරිණි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සිය කාර්යය මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු සියලුම සාමාජිකයන්ට අලුත් අවුරුදු සුභාශිංසන එක් කළේය.
ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේල අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්ල අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහත්වරු ඇතුළු අතිරේක ලේකම්වරුන්ලජ්යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩලයේ සමාජිකයෝ සහ අග්‍රාමාත්‍යතුමාට අයත් අමාත්‍යාංශවල පෞද්ගලික කාර්යය මණ්ඩලයන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ'
- Hits: 177
අවුරුදු නිවාඩුවෙන් පසුව සියළුම විශ්ව විද්‍යාල ලබන 27 දා සිට සුපුරුදු පරිදි යළි අධ්‍යයන කටයුතු ඇරඹෙන බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා කියා සිටී.
- Hits: 203
වරාය නගරය පිළිබඳ සියළු බලතල මෙරටට ලැබෙන ලෙස නීති සකස්කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විපක්ෂ නායක කාර්යාලයේදී අද (19) පැවැති මාධ්‍යය හමුවකදී කීය.
එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
වරාය නගර පනත ගැන විවිධ පරස්පර විරෝධී මත තිබෙනවා මේ පනත ගැන සොයා බෑලුවිට කිසිම බලයක් අපේ රටට නැහැ .අපේ රටේ මුදල් බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි නමුත් වරාය නගරයේ එසේ නැහැ මා යෝජනා කරනවා එය පාර්ලිමේන්තුව යටතට ගේන්න කියලා .අපේ රටේ විවිධ ආයතන මුදල් භාවිතය ගැන කෝප් කෝපා කමිටු වාර්තා විසින් වාර්ෂිකව ඉදිරිපත් කරනවා මේ වරාය නගරයේ ක්‍රියාවලියත් එයට ඇතුලත් කරන ලෙස ඉල්ලා සිටිනවා. කෝප් කෝපා කමිටු නිසා තමයි රටේ සිදු වූ සීනි පොල්තෙල් වංචා හෙලිවුනේ එම නිසා වරාය නගරයත් එයට ඇතුලත් කරන්න