Divaina - විගස පුවත්

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

දින කිහිපයකට පෙර  කොරෝනා වෛරස් ආසාදිතයින් වාර්තා වීමේ ලැයිස්තුවේ 100 වැනි ස්ථානයේ පසු වූ  ශ්‍රී ලංකාව අද (29දා ) වන විට  96 වැනි ස්ථානය දක්වා ස්ථාන කිහිපයක් ඉහළට ගමන් කර ඇති බව කොරෝනා ආසාදනය පිළිබඳ දත්ත වාර්තා සටහන් කරන "වර්ල්ඩෝ මීටර් "වෙබ් අඩවිය පවසයි .

ලොව පුරා කොරෝනා වෛරසය පැතිර ගොස් ඇති රටවල් හා කලාප 213 ක් අතුරින් ශ්‍රී ලංකාව මෙම ස්ථානයට පත්ව තිබේ.

මෙරට ප්‍රජාව තුළ කොරෝනා වෛරසයේ පැතිරීමක් දක්නට නැතත් පසු ගිය දිනවල විදෙස් රටවල සිට මෙරට ගෙන ආ ශ්‍රී ලාංකිකයින් අතුරින් වැඩි දෙනෙකු කොරෝනා වෛරස් ආසාදනයට ගොදුරු වී ඇති බව පරීක්ෂනවල්දී තහවුරු වීම නිසා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ සැළකිය යුතු වැඩි වීමක් දක්නට ලැබිණි.

  ඒමන්ති මාරඹේ 

සාප්පු තුළ කොරෝනා වෛරසය දින ගණන් නොනැසී පැවතිය හැකි බැවින් සාප්පුවලට යන්නන්  කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා අනිවාර්යයෙන්ම මුහුණු ආවරණයක් පැළඳීම මෙන්ම නිරතුරුව සබන් යොදා දැත් සේදීම සිදු කළ යුතු බව එංගලන්තයේ සදම්ප්ටන් විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීවී විද්‍යාව පිළිබඳ මහාචාර්ය බිල් කීවිල් පවසයි.

කොරෝනා වෛරසය වානේ  හා ප්ලාස්ටික් භාණ්ඩවල මතුපිට දින තුනත් හතත් අතර කාල සීමාවක් රැඳී තිබිය හැකි බව ඇමරිකානු හා චීන පර්යේෂකයින් විසින් සිදු කරන ලද පර්යේෂණවලදී අනාවරණය වී තිබීම නිසා සාප්පුවල නියමිත පිරිසිදු භාවයක් නොමැති නම් ඒවායේ සංචාරය කරන මහජනතාවට කොරෝනා වෛරසය ආසාදනය වීමේ වැඩි ඉඩක් පවතින බව මහාචාර්ය කීවිල් කියයි.

රෙදිපිළි හා නිමි ඇඳුම් මතද වෛරසයට වැඩි වේලාවක් රැඳී පැවතීමට හැකි නිසා පාරිභෝගිකයින් විසින් අතපත  ගානු ලබන එම ඇඳුම් හා රෙදි පිරිසිදු කිරීමට රෙදි සාප්පුවල අයිතිකරුවන් විසින් පියවර ගත යුතු බව පෙන්වා දෙන මහාචාර්ය කීවිල් එසේ වැඩි පිරිසක් විසින් අතපත ගානු ලබන රෙදිපිළි හා ඇඳුම් පැය 72 ක කාලයක් නීරෝධායනයට ලක් කළ යුතු බවත් සාප්පුවල තිබෙන ඇඳුම් මාරු කරන ස්ථාන හා වැසිකිළි මෙම කාලයේ වසා තැබිය යුතු බව අවධාරණය කර සිටි.

දොරවල අගුලුවල ,ආභරණ වැනි දැ මතද කොරෝනා වෛරසයට දින ගණනක් රැඳී සිටිය හැකි අතර මුදල් නෝට්ටු මත වෛරසයට දින හතරක පමණ කාලයක් පැවැතිය හැකි බව  "බී බී සී ගුවන් විදුලිය හා සිදු කළ සම්මුඛ සාකච්ජාවකදී මහාචාර්යවරයා ප්‍රකාශ කර තිබේ.

   ඒමන්ති මාරඹේ 

 බෙලෝ රුසියාවේ (බෙලරෑස් ) හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 277 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඊයේ (28) දින රාත්‍රී එරට අග නුවර වන මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

බෙලෝ රුසියාවේ (බෙලරෑස් ) හි මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට පැමිණ තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන විශේෂ ගුවන් යානය මගින් මෙම ශ්‍රී ලාංකික ගුවන් මගීන් පිරිස ඊයේ රාත්‍රී 11.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. මෙම ගුවන් යානයෙන් පැමිණ තිබූ ගුවන් මගීන් අතර වැඩි ප්‍රමාණයක් , එරට උසස් අධ්‍යාපනය ලබා ගැනීම සදහා ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් බව වාර්තා වේ.


ඔවුන් ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව , ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් විශබීජ හරණය කිරීමට ලක් කෙරුණි.

පසුව ඔවුන් තුළ කොරෝනා රෝග ලක්ෂණ පවතී ද යන්න සොයා බැලීමක් ද සිදු කෙරුණි. ඉන් අනතුරුව මෙම ගුවන් මගීන් පිරිස ශ්‍රී ලංකා යුධ හමුදාව විසින්,

විශේෂ බස් රථ යොදා ගෙන නීරෝධායන කටයුතු සදහා එම මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබුණි. මේ අතර අද දින උදෑසන 9.00 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන විශේෂ ගුවන් යානය මගින් ගුවන් මගීන් 120 ක් කටුනායක ගුවන් තොටුපළේ සිට එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළ වෙත රැගෙන යෑමට නියමිතය.

කටුනායක ටී.කේ.ජී.කපිල

කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා රටපුරා ක්‍රියාත්මක කර තිබු හදිසි නීතිය ඉකුත් සඳුදා (25දා ) සිට ඉවත් කිරීමට ජපන් රජය විසින් පියවර ගැනීමත් සමගම නිරිතදිග  දිග ජපානයේ කොරෝනා වෛරසය පැතිරීමේ වැඩි වීමක් වාර්තා වී ඇති  බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ අනුව ජපානයේ  පැරණිතම නගරය සේ සැළකෙන "ෆුකුඕකා " නගරයේ  කිටක්යුෂු  ප්‍රදේශයෙන් ඉකුත් සති අන්තයේ සිට  මෙම සතියේ ගත වූ දින හයක කාලය තුළදී  කොරෝනා ආසාදිතයින්  22 දෙනෙකු වාර්තා වී තිබේ. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ජපන් රජය විසින් වෛරසයට ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායමක් අදාළ ප්‍රදේශය වෙත යවා තිබේ.

ජපන් අගමැති ශින්සෝ අබේ විසින් රට පුරා ක්‍රියාත්මක කර තිබු කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීමේ හදිසි නීතිය ඉවත් කිරීමත් සමගම ජපානයේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ට ඉකුත් සඳුදා සිට පනවා තිබු රට අගුලු දැමීමේ සීමාවන් ලිහිල් කිරීමට අවස්ථාව ලැබිණි. කෙසේ වුවද "ෆුකුඕකා "නගරයේ හදිසි නීතිය ඉවත් කෙරුනේ ඉකුත්  මැයි 14 වැනිදාය.

ලොව කොරෝනා වෛරස් ආසාදිතයින් වාර්තා වන රටවල් අතුරින් 40 වැනි ස්ථානයේ පසු වන ජපානයෙන් අද (29දා ) වන විට කොරෝනා ආසාදිතයින් 16,683 දෙනෙකු වාර්තා වී ඇති අතර කොරෝනා මරණ 867 ක් වාර්තා වී තිබේ.

                       ඒමන්ති මාරඹේ

නිවසේදී රෙදිවලින් මසා ගන්නා තට්ටු තුනකින් සමන්විත මුහුණු ආවරණයකින් (මාස්ක්  ) කොරෝනා වෛරස් අංශු  ශරීරගත වීම සියයට 99කින් අවහිර කර එම වෛරසය පැතිරීම වළක්වන  බව කැනේඩියානු පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකින් අනාවරණය කර ගෙන තිබේ.

මුහුණු ආවරණ සම්බන්ධයෙන් ශත වර්ෂයක් මුළුල්ලේ සිදු කරන ලද අධ්‍යයනයන් විශ්ලේෂණය කරමින් සිදු කර ඇති මෙම අධ්‍යයනයට අනුව කපු වැනි රෙදි විශේෂයකින් තට්ටු තුනකින් මසා ගනු ලබන මුහුණු ආවරණයකට එයින් ආවරණය වන මුහුණු ප්‍රදේශයට අප අවට ඇති වාතයේ තිබෙන කොරෝනා වෛරස් අංශු ඇතුළුවීම සියයට 99කින් අවහිර කළ හැකිය , මේ අනුව ආසාදිතයෙකු කිවිසීමේදී හෝ කසින විට,කථා කරන විට මෙන්ම ආහාර ගන්නා විට  වාතයට මුසු වී පැතිරෙන කොරෝනා වෛරස් අංශු හොඳින් මසන ලද රෙදි මුහුණු ආවරණයක් පැළඳි අයෙකුගේ ශරීරගත වීම හොඳින් වළකා  ගත හැකි බව පර්යේෂකයෝ කියා සිටිති.

එමෙන්ම කපු හා ෆ්ලැනල් යන රෙදි විශේෂයන් මිශ්‍ර කර මසා ගනු ලබන මුහුණු ආවරණවලින්ද කොරෝනා වෛරස් අංශු ශරීරගත වීම සියයට 90 කට වඩා වැඩි ප්‍රතිශතයකින් අවහිර කරන බව මෙම අධ්‍යයනයේදී හෙළි වී තිබේ.

කෙසේ වුවද  රෙදි මුහුණු ආවරණ මැසීමේදී තට්ටු විශාල ප්‍රමාණයක් එයට ඇතුළත් කිරීමෙන් එය පළඳින පුද්ගලයාට දිගු වේලාවක්  එම ආවරණය පැළඳ සිටීමේදී හුස්ම ගැනීම අසීරු විය හැකි නිසා එසේ එකතු කර ගන්නා තට්ටු ප්‍රමාණය සීමා කළ යුතු  බව  පර්යේෂකයෝ සඳහන් කර ඇති බව එංගලන්තයේ පළ වන " ද ඩේලි  මේල් " පුවත්පත පවසයි.


          ඒමන්ති මාරඹේ 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles