Divaina - විගස පුවත්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

dvchanakaඅවශ්‍ය සංශෝධන ගෙන එන්නේ නම් එසේ කරන්නේ ද සෑම දෙනාගේම එකඟත්වයෙන් යැයි ද රාජ්‍ය ඇමැතිවරයා කීවේය. ආණ්ඩුවට ‘විස්ස’ සම්මත කර ගැනීමේ දී තුනෙන් දෙකක් නැතිවේ යැයි විපක්‍ෂය හිතන්නේ නම් එය ඔවුන් දකින තවත් හීනයක් පමණකැයි ද ඞී. වී. චානක මහතා වැඩිදුරටත් පැවසීය.

asok135 ‘විස්ස’ සම්මත කර ගැනීම රජයට සහාය ලබා දීමට විපක්ෂ මන්තී‍්‍රවරු ‘ඞීල්’ සිස්ටම් අනුගමනය කරනු ඇති වූවත් ඔවුන් එසේ කරනුයේ විස්සේ අන්තර්ගතය පිළිබඳව ඇති නොදැනුවත් භාවය නිසාවෙන් යැයිද තුනෙන් දෙක සාදා ගැනීම වෙනුවෙන් ‘දොළපිදේනි’ ප‍්‍රදානයන් යටතේ පමණක් බවත් අබේසිංහ මහතා පැවසීය.

mangala1පසුගිය රජයේ දූෂණ විරෝධී කමිටුව පිහිටුවීමට අදාළව හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් පති‍්‍රකාව සම්බන්ධයෙන් තමාට වගකීමක් ගත නොහැකි බව හිටපු විදේශ ඇමැති සහ මුදල් ඇමැති මංගල සමරවීර මහතා පෙරේදා (19 දා) පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්‍ෂා කිරීමේ කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් ප‍්‍රකාශ කළේය.

මේ කියන දූෂණ විරෝධී කමිටුවේ තමා සාමාජිකයෙක් බව දැන ගත්තේ කැබිනට් පති‍්‍රකාව දුටු අවස්ථාවේදී බවද මංගල සමරවීර මහතා කීවේය.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛi නිහාල් ජයතිලක මහතා විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව හටපු අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම කොමිසම හමුවට කැඳවා තිබුණි.

දූෂණ විරෝධී කමිටුවේ අනුකමිටුවක තමා සභාපතිවරයෙක් ලෙස නම් කර තිබුණත් තමා ඒවාට සහභාගි වූයේ නැති බවද හිටපු අමාත්‍ය සමරවීර මහතා කොමිසම හමුවේ අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේය.

හොරු අල්ලනවට වඩා විදේශ ඇමැති ලෙස රටේ ජාතික ප‍්‍රතිරූපය හදා ගැනීමේ වගකීමක් තමාට තිබූ බවද එවැනි දූෂණ විරෝධී කමිටුවක් තිබූ බව තමා දැනගෙන සිටියේ නැති බවද සාක්‍ෂිකරු කොමිසම හමුවේ කියා සිටියේය.

මහා පරිමාණ වංචාවන්ට එරෙහි කටයුතු කරන්න ජනවරමක් ලැබුණත් එසේ නොකිරීම නිසා ජනතාව යළි වතාවක් දඬුවම් කර තිබෙන බවද මංගල සමරවීර මහතා කොමිසමට කීවේය.

දූෂණ විරෝධී කමිටුවට වියදම් කළ මුදල, මුදල් අවභාවිතාවක් ලෙස තමා නොදකින බවද වසර තුනකට රු. මිලියන 33 ක් යනු මහා පරිමාණ වියදමක් නොවන බවද මංගල සමරවීර මහතා කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් තවදුරටත් කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

p1 3පාස්කු ප‍්‍රහාරයට පසු එය වළක්වා නොගැනීමේ වගකීම භාරගෙන පොලිස්පති ධුරයෙන් ඉවත් වුවහොත් ප‍්‍රහාරය පිළිබඳ සෙවීමට මුල්වරට පත්කෙරුණු මලල්ගොඩ කමිටුවේ වාර්තාවද වෙනස් කොට විදෙස් තානාපති ධුරයක් ලබා දෙන බවට එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන දැනුම් දී තිබූ බවට පාස්කු ජනාධිපති කොමිසමේ දී ආවරණය විය.

කොමිසමේ සාක්ෂි ලබාදුන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා මෙම සිද්ධිය අනාවරණය කරමින් වැඩිදුරටත් සඳහන් කළේ, ප‍්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ විසින් ඒ පිළිබඳව හිටපු ජනාධිපතිවරයාව දැනුවත් කරන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවය. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ තෙවැනි දිනටත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා පසුගිය සිකුරාදා (18දා) සාක්ෂි ලබාදුන්නේය.

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් ප‍්‍රශ්න කළේ, රාජ්‍ය බුද්ධි සේවයෙන් ආරක්ෂක ලේකම් වෙත එවා තිබූ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් වූ බුද්ධි තොරතුරු ඇතුළත් වාර්තා නිසි ලෙස පරිශීලනය කළේ ද යන්නය. ඊට පිළිතුරු දෙමින් හේමසිරි ප‍්‍රනාන්දු මහතා දිගින් දිගටම පැවසුවේ තමන්ට රාජ්‍ය බුද්ධි සේවය ලබාදුන් සෑම වාර්තාවක්ම කිසිදු විශ්ලේෂණයකට භාජන නොකොට හුදු තොරතුරු පමණක් කොළයකට සීමා කර එවා තිබූ බවය. එමඟින් ගත හැකි ක‍්‍රියාමාර්ගයක් නැතැයි පැවසූ හේමසිරි ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේ එවැනි තොරතුරු අවශ්‍ය වන්නේ ක‍්‍රියාත්මක මට්ටමේ සිටින පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත‍්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට නිසා තමන්ට විශ්ලේෂණය කළ තොරතුරු ලබාදීම සිදුවිය යුතුව තිබූ බවය.

එරික් ගාමිණි ජිනප‍්‍රිය
 

p1 10පළාත් සභා අහෝසි කළ යුතු බවට තමන් ප‍්‍රකාශයක් නොකළ බව පළාත් සභා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවැසීය.

කොළඹ පැවැති අන්තර් පළාත් විෂය සම්බන්ධීකරණය සමුළුවට සහභාගිවෙමින් හෙතෙම මේ කරුණු හෙළි කළේය.

පළාත් සභා අහෝසි කිරීමට තවම මා නිර්දේශ ලබාදී නෑ. එය ලබාදීමට පෙර අධ්‍යයනය කිරීමක් සිදුකරනවා. මේකෙන් රටට ජනතාවට සෙතක් වෙනවාද සොයා බලනවා. වසර දෙකකට අධික කාලයක් පළාත් සභා තිබුණේ නෑ. මේ අතර කාලය කෙලෙසද කියා සොයා බැලිය යුතුයි. මේ තත්ත්වය අධ්‍යයනය කර බලා නිර්දේශය ලබාදෙනවා. පළාත් නවය පළාත් තුනකට බෙදන්න මා රජයට යෝජනා කළා කියනවා. නවයකට අකැමැති කෙනා තුනකට කැමති වුණේ කෙලෙස දැයි එහිදී පැනයක් ඉස්මතු වෙනවා. මේක යෝජනාවක් පමණයි. මේවා අපි පරිශීලනය කරනවා මිස තාම රජයට යෝජනා කළේ නෑ.

මෙම අවස්ථාවට සියලූම පළාත්වල ලේකම්වරු දිසාපතිවරු සහ දේශපාලන අධිකාරිය සහභාගි වී සිටියහ.

ඔරුවල - සරත් ද සිල්වා

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles