Divaina - විගස පුවත්

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික සංචාරයක් සදහා හෙට ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය. ඒ මහතා දින කිහිපයක් ඉන්දියාවේ රැදී සිටිනු ඇතැයි වාර්තා වේ.

හිටපු ඇමැති පාඨලී රණවක මහතා අත්අඩංගුවට ගැනීම පිළිබදව හෙළාදකින බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි. පාර්ලිමේන්තු සම්ප්‍රදායක කඩ කරමින් ඒ මහතාව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවත්, නිසි ක්‍රමවේදයකට එරෙහිව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවත් අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.


ඇල්ල ප්‍රදේශයේ සංචාරක නවාතැන් පළකට අද  අලුයම පස්කන්දක් කඩාවැටීමෙන් සංචාරකකයන් තිදෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.
මෙසේ තුවාල ලබා ඇත්තේ ඕස්ටේලියානු   ජාතිකයන් තිදෙනෙකි.


පවතින අධික වර්ෂාව හේතුවෙන් කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන් දොරටු 10 ක් අද  පෙරවරුවේ විවෘත කළ බව පුත්තලම දිස්ත්‍රික් වාරිමාර්ග කාර්යාලය පවසයි.

රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ අපේක්‍ෂිත ඇප අයැදුම්පත කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.
රහස් පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට පෙර ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත මෙසේ ප්‍රතික්ෂේප කර තිබේ.

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles