Divaina - විගස පුවත්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ජම්පටාවීදියේදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය කිලෝ එකක බරින්  යුක්ත බව පොලිසිය පවසයි.

මහනුවර සිට කොළඹට පැමිණෙන රථ වාහන  කැලණි පාලම අසලින් අද දිනයේ සිට එක් මංතිරුවක පමණක් ධාවනය කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මෙම රථ වාහන ධාවන සැලැස්ම අද පෙරවරු 6ග00 සිට පෙරහුරුවක් ලෙස ශ්‍රී ලංකා පොලීසිය සමග එක්ව  සිදුකිරීමට සැලසුම් කර ඇත.
එහි අඩුපාඩු සොයා බැලීමෙන් අනතුරුව ලබන 19 වන දින සිට ජනවාරි 21 වන දින දක්වා  එක් මංතීරුවක පමණක් රථ වාහන ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.

තිරිගු පිටි ආනයනය කිරීමට ඕනෑම පුද්ගලයකුට අවසර ලබාදී ඇත.  ඒ අනුව තරගකාරී මිල ගණන් යටතේ තිරිගු පිටි ආනයනය කර බෙදාහැරීමේ හැකියාව ඇති බව රජය පවසයි.

ආනයනික තිරිගු පිටි සදහා කිලෝ ග්‍රෑමයකට මෙතෙක් පැවති රු. 36 ක ඒකාබද්ධ තීරු බද්ද ඉවත් කිරීමට රජය තීරණය කර ඇත. ඒ වෙනුවට කිලෝ ග්‍රෑමයකට රු. 8 ක විශේෂ වෙළෙද භාණ්ඩ බද්දක්  හදුන්වාදී තිබේ.

පැහැරගැනීමකට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය අද අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත රැගෙන එනු ලැබීය.
ඇයගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මානසික වෛද්‍ය මණ්ඩලයකින් වාර්තාවක් ලබාගැනීම සඳහා මෙලෙස රැගෙන ආ බව වාර්තා වේ.
තමන්ව පැහැරගැනීමකට ලක්වූ බවට චෝදනා කළ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නම් නිලධාරිනියගෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඇය ලිංගික අපයෝජනයකට හෝ පහරදීමකට ලක්ව ඇත්දැයි පරීක්ෂා කර වාර්තාවක් ලබාගැනීම සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිනිය වෙතද ඉදිරිපත් කෙරිණි.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles