Divaina - විගස පුවත්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදුර්දීන් ගේ සොහොයුරා වන රිෆ්ඛාන් බදුර්දීන් ලබන පෙබරවාරි මස 06 වෙනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද 23 නියෝග කළාය. මන්නාරම ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිෆ්ඛාන් බදුර්දීන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.


බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 28 දෙනකුට වාහම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටුයතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේනා මහතා  පොලිස් මුලස්ථානයට මාරුකර යවා ඇති අතර  ඒ මහතාගෙන් පුරප්පාඩු වූ එම ධුරයට නුගේගොඩ කොට්ඨාසයේ  පොලිස් අධිකාරි ආර්. එම්. පී. එන්. රත්නායක මහතා පත්කර ඇත.


බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අද 23 දා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ. ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස අසාද් සාලි මහතාට දැනුම්දී ඇති බව එම කොමිසම පවසයි.


ගොවීන්ගෙන් වී කිලෝවක් රුපියල් 50 කට මිලදී ගැනීමට රජය තීරණය කර ඇත. 2019/2020 මහ කන්නයේ අතිරික්ත වී තොග මෙසේ මිලදී ගැනීමට නියමිතය.


අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අම්පාර මහාධිකරණ විනිසුරු කණිෂ්ක විජේරත්න මහතා පත්කර ඇත.
ජනාධිපති කාර්යාලය මගින් අදාළ පත්වීම සිදුකර තිබේ.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles