Divaina - විගස පුවත්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 19 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර යවා ඇත. මෙලෙස මාරු කර යැවූ නිලධාරීන් අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් නව දෙනෙකු සහ පොලිස් අධිකාරිවරුන් අට දෙනෙකු සිටින බව පොලිස් මූලස්ථානය පැවසීය.


හඬපට ඇතුළත් සීඩී තැටි රංජන් රාමනායක මහතා විසින් මෙතෙක් පාර්ලිමේන්තුවට ලබාදී නොමැති බව කතානායක කරු ජයසූරිය මහතා අද 24 දා පාර්ලිමේන්තුවේදී පවසයි.


කොරෝනා වෛරසය ආසනය වීමෙන් චීනයේ පුද්ගලයන් 25 දෙනෙක් මියගොස් ඇත. මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් චීනය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.


විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළි කර නැවත පදිංචි කිරීම් සිදු කිරීමට එරෙහිව ගොනු කරන ලද රිට් පෙත්සම ලබන 27 වනදා විවාදයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත. විල්පත්තු රක්‍ෂිතය සහ ඒ අවට කැළෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.


බිබිල කරාඩුගල පිටකුඹුර හතේ කණුව ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇත. පවුල් ආරවුලක් මත සිදුව තිබෙන මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර සදහා බිබිල මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles