Divaina - විගස පුවත්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

සිංහල මව්වරුන් වදභාවයට පත් කළ බවට චෝදනා ලැබ සිටින කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් එරෙහි නඩුව අද උදේ කුරුණෑගල අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.

එක්සත් ජාතික පක්‍ෂයේ අනාගත වැඩපිළිවෙළ සැකසීමට විශේෂ සය පුද්ගල කමිටුවක් පත් කර ඇත.
ඒ අනුව එම කමිටුවට රංජිත් මද්දුමබණ්ඩාර, තලතා අතුකෝරල, මලික් සමරවික්‍රම, ලක්‍ෂ්මන් කිරිඇල්ල, වජිර අබේවර්ධන, මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්ම මහත්මීහු පත් කර තිබේ.

මරණ දඩුවම නියමව ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ ජූඞ් ශ්‍රමන්ත ජයමහ විදේශගතවී ඇති බව ආගමන විගමන පාලක ජෙනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි.
මේ අතර ජූඞ් ශ්‍රමන්ත ජයමහට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පැනවූ විදෙස් ගමන් තහනම ලබන වසරේ ජුනි 01 දා දක්වා දීර්ඝ කිරීමට නියෝග කර තිබිණි.

දිවයිනේ උතුරු කලාපයේ දැනට පවතින තද වැසි තත්ත්වය හෙටින් පසුව තරමක් දුරට අඩුවනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර, ඌව, උතුරු-මැද, මධ්‍යම සහ උතුරු පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් සෙසු ප්‍රදේශවල  සවස 1 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ත්‍රිකුණාමලය, මඩකලපුව, අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිමී 75-100 පමණ තරමක තද වර්ෂාපතනයක් ද, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිගමී 50-75 පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

ඇන්ටාක්ටිකාව බලා පියාසර කරමින් තිබූ චිලී දේශයට අයත් හමුදා භටයන් 38 දෙනකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වී ඇතැයි විදෙස් වාර්තා සදහන් කරයි.
සී-130 හර්කියුලස් වර්ගයේ ප්‍රවාහන ගුවන් යානයක් වන මෙය චිලි රටේ පුන්ටා අරිනාස් වෙතින් ගුවන් ගතවී තිබේ.

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles