Divaina - විගස පුවත්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

 
පැහැර ගැනීමකට ලක්වූ බව කියන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල සේවිකාව ගානියා බැරිස්ටර් සිව්වැනි වරටත් ප‍්‍රකාශ ලබාදීම සඳහා අද උදෑසන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙයි.

රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුවට ගමන් කිරීම සඳහා අධිකරණය මඟින් පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියම කර ඇත.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය මඟින් කැරම්බෝඩ් 14000ක් හා සහ දාම් ලෑලි 11000 ක් ආනයනය කර දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදාහැරීම තුළින් රජයට රුපියල් කෝටි 5 කට ආසන්න පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස ආයතනයේ හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද කැදවූ අවස්ථාවේදී එම නියෝගය සිදුකර තිබේ.

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව පෑලියගොඩ, වත්තල - මාබෝල, ජාඇල සහ කටුනායක - සීදුව නගර සභා ප්‍රදේශ, කැලණිය, බියගම, මහර දොම්පෙ, ගණේමුල්ල, රතුපස්වල යන ප්‍රදේශවලට හෙට උදේ 8 සිට පැය 24 ක කාලයක් පුරා ජල සැපයුම අත්හිටුවයි.
මේ අතර වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර, උතුර/දකුණ, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, මග්ගොන, බේරුවල, අලුත්ගම හා බෙන්තොට යන ප්‍රදේශවලට හෙට උදේ 8 සිට පැය 11 1/2 ක කාලයක් ජල සැපයුම අත්හිටුවේ.

පැහැරගැනීමට ලක්වූයේ කියන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැනිස්ටස් අද දහවල් අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවට ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීමට නියමිතය.


ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ධූරය සඳහා අශෝක් පතිරගේ මහතා පත් කර ඇත.මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන අශෝක් පතිරගේ මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද ඒ අනුව පත්ව තිබේ. සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් හි නිර්මාතෘවරයා වන අශෝක් පතිරගේ මහතා එහි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂවරයා ද වෙයි.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles