Divaina - විගස පුවත්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

උතුරු - නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප. ව. 2 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී.

පාකිස්තානයේ හිටපු ජනාධිපති ෆර්වේස් මුෂාරෆ්ට මරණ දඩුවම නියම කර ඇත. ඒ රාජ්‍යද්‍රෝහී චෝදනාවකට එරෙහිව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


හෝමාගම අධිකරණය ආසන්නයේදී බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් පලායෑමට උත්සාහ කළ සැකකරුවකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ සමයේ රුපියල් කෝටි 30කට අධික මුදලක් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ජනවාරි මස 20 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබිණි.

තිරිඟු පිටි ආනයනය කර තරඟකාරී මිලට ඒවා බෙදාහැරීමට ඕනෑම අයෙකුට අවසර දීමට රජය ගත්  තීරණය නිසා පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදන ඉදිරියේ දී ඉතා අඩුමිලකට ලබා දිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles