විගස පුවත්
- Hits: 140
රට තුළ පවතින කොවිඩ් රෝගය හමුවේ මෙවර මැයි දින රැලි හෝ පෙළපාලි නොපැවැත්වීමට සියලු පක්ෂ නායකයින් එකඟතාවය පල කළ බව යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
- Hits: 187
අන්තර්ජාලය හරහා පතුරුවන අසත්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රකාශවලින් ආරක්ෂාවීම පිණිස අවශ්‍ය නීති පැනවීමට රජය තීරණය කර ඇත.
ඊට අදාල පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස්දීමට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ගෙන ආ ඒකාබද්ධ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
- Hits: 274
පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති බළකායේ හිටපු ස්වේච්ඡා උපදේශක නාමල් කුමාර මහතා අද (20දා) වරකාපොල පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
- Hits: 318
ගැබිණි මවක් ඇතුළු පුද්ගලයින් 06 දෙනකුට තුවාල සිදුකරමින් රිය අනතුරක් සිදුකර පලාගිය පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත නිර්මල රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට වැලිකඩ පොලිසිය විමර්ෂණ ආරම්භකර ඇත.ඊයේ (19දා) රාත්‍රී 11.45ට පමණ රාජගිරියේදී මෙම රිය අනතුර සිදුව තිබේ.
- Hits: 270
රිය අනතුරක් සිදුකර පලාගිය පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත නිර්මල රාජපක්ෂ මහතා පෞද්ගලික රෝහලක ඇතුළත්ව සිටියදී පොලිසිය අද (20දා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.