Divaina - විගස පුවත්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

ඇමෙරිකානු හමුදාව යේමනයේදි එල්ලකළ ප්‍රහාරයකින් අරාබි අල්කයිඩා නායක කාසීම් අල් රිවි  මියගොස් ඇතැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් තහවුරු කර ඇත.
මීට මාස කිහිපයකට පෙර ෆ්ලොරීඩා ප්‍රාන්තයේ නාවික හමුදා කඳවුරකට එල්ලවූ අල්කයිඩා ප්‍රහාරය පසුපස සිට ඇත්තේ මොහු බව හෙලිවීඇත.

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනුලැබූ ශ්‍රීලංකන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ බිරිඳ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 19දාතෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.


උපාධිධාරීන් පනස්දහසකට රැකියා ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. බාහිර අභ්‍යන්තර බේදයකින් තොරව 2012 සිට 2019. 12. 31 දක්වා කාලයේදී උපාධිය සම්පූර්ණ කළ උපාධිධාරීන්ට මෙහිදී රැකියා ලබාදෙන බව රජයේ සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


ශ්‍රීලංකන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නයෝමාලී විජේනායක මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ බාරවීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ. ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා මිලට ගැනීමේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලස් ලබාගත්තැයි කියන සිද්ධියකට සම්බන්ධ සිදුකරන පරීක්ෂණ සඳහා මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී  ලංකාවට ආනයනික ටෙලි නාට්‍ය සහ චිත්‍රපට සඳහා විද්වත් සමීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමට රජය තීරණය කර ඇත. උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අදාළ සමීක්‍ෂණ මණ්ඩලය පත් කිරීම අද සිදුකර තිබේ. මෙම සමීක්‍ෂණ විද්වත් මණ්ඩලයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන් හා ක්ෂේත්‍රයට සම්බන්ධ ඇතුළු පිරිසක් ඇතුළත් කර ඇත.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles