Divaina - විගස පුවත්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

උත්සව සමය නිමිත්තෙන් අද  සිට කි‍්‍රයාත්මක වන පරිදි දක්ෂිණ අධිවේගි මාර්ගයේ බස් ගාස්තු සංශෝධනය කර ඇත.
ඒ අනුව මාතර සිට මීගමුව දක්වාත් ගාල්ල සිට මීගමුව දක්වාත් ධාවනය වන බස්රථවල ගාස්තු මෙලෙස අඩු කර ඇතැයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.
මීගමුව සිට මාතර දක්වා වූ රුපියල් 720 ගාස්තුව රුපියල් 700 ක් ද, මීගමුව සිට ගාල්ල දක්වා රුපියල් 630 ක් වන බස් ගාස්තුව රුපියල් 600 ක් දක්වා ද අඩු කර තිබේ.

උතුරු පළාතේ සහ පොළොන්නරුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද දිනය තුළ මිලිමීටර් 100 - 150 ත් අතර තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයිග
එසේම මධ්‍යම පළාතේ සහ අම්පාර මඩකලපුව හා අනුරාධපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ත් 100ත් අතර තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමෙන්තුව සඳහන් කරයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ලබන ජනවාරි මස 06 වැනිදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.


එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික සංචාරයක් සදහා හෙට ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය. ඒ මහතා දින කිහිපයක් ඉන්දියාවේ රැදී සිටිනු ඇතැයි වාර්තා වේ.

හිටපු සෞඛ්‍ය ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.
සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වු මාධ්‍ය හමුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලමින් රාජිත සේනාරත්න මන්‍ත්‍රිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අයඳුම්පතක් ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව දෙවන වරට ඉදිරිපත් කළ අපේක්ෂිත අයඳුම්පත සළකා බැලීම අද දිනයේ සිදුකිරීමට නියමිතය.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles