Divaina - විගස පුවත්

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


දිවයින පුරා  සියලු මගී දුම්රිය මෙම මස 14 සහ 15 යන දෙදින ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තුමේන්තුව නිවේදනය කර සිටියි.යළි 16 වැනිදා සිට සුපුරුදු පරිදි ධාවන කටයුතු අරඹන බවද සඳහන් කරයි.


 කොවිඞ් 19 වෛරසය ආසාදනයවීම නිසා මෙරට මියගිය රෝගීන් ගණන 48 දක්වා ඉහළ ගියේය.
අද(12දා) දහවල් රෝගීන් දෙදෙනෙකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය  පවසයි. එසේ මියගොස් ඇත්තේ කොළඹ 12 පදිංචි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හා මීගොඩ පදංචි 45 හැවිරිදි තවත් පිරිමි අයෙකි.

cam22019 වසර උසස් පෙළ කඩඉම් ලකුණු ගැටලු නිසා  විශ්ව විද්‍යාල වරම් අහිමිවූ බව පවසමින්  ශිෂ්‍ය ශිෂ්‍යවන් පිරිසක්  තමුනට සිදුවු අසාධාරණයට වහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා අද(12දා) දහවල් වෝඞ් පෙදෙස පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ. 


කොවිඞ් 19 වෛරස රෝගය පාලනය කරගනිමින් මෙම මස 14 වැනිදාට යෙදෙන හින්දු බැතිමතුන්ගේ දීපවාලි උත්සව සැමරිය යුතු බවත් ඒ අනුව    කෝවිල්වල, ප්‍රජාවන්හි හෝ වතු ආශ්‍රිතව ආගමික උත්සව නොපැවැත්විය යුතුයැයි සෞඛ්‍ය අමාත්‍යංශය එම උත්සවය පැවැත්වීම සඳහා උපදෙස් මාලාවක් නිකුත් කරමින් සඳහන් කරයි.

එසේම අතට අත දීමෙන් සහ වැළැදගැනීමෙන් තොරව “ආයුබෝවන් / වනක්කම්” යැයි කියමින් හෝ වෙනත් ආකාරයකින් ආචාර කිරීම සුදුසුයැයිද එම උපදෙස් මාලාවේ දක්වා ඇත.


 කොවිඞ් 19 වෛරසය ආසාදනයවීම නිසා රෝහල් ගතව සහ නිරෝධායන මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබා සුවවූ  මෙරට පුද්ගලයින් ගණන අද(12දා) දහවල් වන විට දසදහස ඉක්මවීය.(10,650)මේ දක්වා ශ්‍රී ලංකාවෙන් රෝගීන් 15,350ක් වාර්තාවී ඇත.දැනට රෝහල්හි ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 4651ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles