Divaina - විගස පුවත්

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


බුරවි සුළි කුණාටුව නිසා මතුව ඇති කාලගුණ වෙනස්වීමෙන් මේවන විට උතුර සහ උතුරුමැද පළාත්වලට දැඩි වැසි ඇද හැලීමට පටන්ගෙන ඇත.ඒ අනුව මුලතිව් ප්‍රදේශයට මිලිමීටර් 224ක්,ඔඞ්ඩුසුඩාන් ප්‍රදේශයට මිලිමීටර්202ක්,පදවි සිරිපුරට මිලිමීටර් 199ක්,වැලිඔයට මිලිමීටර් 186ක් ලෙසින් අධික වර්ෂාවක් වාර්තාවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.


දූෂණ වංචා චෝදනා එල්ලවී ඇති මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා එම ධුරයෙන් ඉවත් කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.


ජනාධිපති ලේකම් කාර්යාලයේ නීති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් හරිගුප්තා රෝහණධීර මහතාගේ බිරිඳ වන කුෂාණි රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් ධුරයට සහ කාර්යමණ්ඩල ප්‍රධානී තනතුරට පත්කළ බව  කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (03දා) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.ඇය මීට පෙර පාර්ලිමේන්තු සහකාර ලේකම් ලෙස කටයුතු කළාය. 


දිවයිනට ඊයේ (02දා) රාත්‍රී ඇතුළුවූ බුරවි සුළිකුණාටුව මේවන විට මන්නාරම මුහුදු තීරයෙන් පිටව යමින් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.ඉන් බලාපොරොත්තුවූ තරම් දැඩි හානි සිදුව නැති අතර උතුරු සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර් 100කට අධික වැසි ඇදහැලෙන බව ද කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.


බුරවී සුළි සුළගට මැදි වූ යාපනයේ වේලනෙයි ප්‍රදේශයේ පුද්ගලයින් තුන් දෙනෙකු අතුරුදහන්ව ඇති අතර තවත් තුන් දෙනෙකු කැඩී ගිය නිවාස වල සුන්බුන් වලට යටවී තුවාල ලැබීම නිසා  අද ( 03දා දා) උදෑසන කයිට්ස් රෝහලට ඇතුළත් කොට තිබේ.

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles