විගස පුවත්
- Hits: 29
පවතින කොවිඩ් 19 රෝගය හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට (19දා) සහ අනිද්දා (20දා) පමණක් රැස්වීමට අද (18දා) පෙරවරුවේකථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී තීරණය කර ඇත.
- Hits: 48
මෝදර ධීවර වරාය 2014 බදු දීමේදී රජයට පාඩු සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය අද (18දා) අධි චෝදනා පත්‍ර බාරදී ඔවුන් ඇප මත මුදාහැරීමට නියෝග කළේය.
- Hits: 73
බස්නාහිර' සබරගමුව පළාත්හි සහ ගාල්ල,මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කයන්හි අද(18දා) දිනය තූළ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
- Hits: 67
කොවිඩ් 19 රෝගය පැතිරයාම නිසා තාවකාලිකව අත්හිටවූ දුරගමන් සේවා දුම්රිය කිහිපයක් අද (18දා) උදෑසන කොළඹින් ගමන් ආරම්භ කළ බව දුම්රිය පාලන මැදිරිය සඳහන් කරයි.ඒ අනුව කොළඹ සිට යාපනය දක්වා පෙරවරු 5.45 යාල්දේවි දුම්රිය ගමන් ආරම්භ කළ බව පැවසූ දුම්රිය පාලන මැදිරිය අද දිනය තුළ දුරගමන් සේවා දුම්රිය 10ක් පමණ ධාවනය කරන බවත් සියලු දුරගමන් සේවා මෙම මස 25 වැනිදා සිට සාමාන්‍ය පරිදි ධාවනයට යෙදවිය හැකි බවද සඳහන් කරයි.
- Hits: 64
ශ්‍රී ලංකාව සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති පළමු ටෙස් ක්‍රිකට් තරඟය කඩුළු 07කින් ජය ගැනීමට එංගලන්ත පිළ මීට සුළු මොහොතකට පෙර සමත් විය.
ශ්‍රී ලංකා පිළ පළමු ඉනිම සහ දෙවැනි ඉනිම සියල්ලන් දැවී පිලිවෙලින් ලකුණු 139 සහ 359ක් ලබා ගත්තේය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 421ක් ද දෙවැනි ඉනිමේ ජයග්‍රාහී ඉලක්කය වූ ලකුණු 74 කඩුළු 03ක් දැවී ලබා ගැනීමටද සමත් විය.