අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ලබන 13 සහ 14 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සුරාසැල් වසා දැමීමට තීරණය කර තිබේ.
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනුයේ සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් සුරාබදු බලපත්‍ර සහිත හෝටල් බලපත්‍ර හා විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන හැර දිවයින පුරා පිහිටි අනෙකුත් සියලුම සුරාසැල් එම දින දෙක තුළ වසා තැබෙන බවය.
මේ අතර අප්‍රේල් 26 වන දිනට යෙදී ඇති බක් පුර පසළොස්වක පෝය දිනයේ දී ද දිවයිනේ සියලු සුරාසැල් වසා දැමීමට නියෝග කර තිබේ.