රට තුළ අලුතින් ෆාම් ඔයිල් නිෂ්පාදනය සඳහා කටුපොල් වගා කිරීමට මින් ඉදිරියට අවසර නොදෙන බව වෙළෙඳ ඇමැති බනුදුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය.
එහෙත් දැනට වගා කර ඇති ශාක වලින් ෆාම් ඔයිල් ලබා ගන්න බවද කී ඒ මහතා කෙසේවෙතත් බිස්කට් නිෂ්පාදනයට අදාලව පිරිසිඳු ෆාම් ඔයිල් ගෙන්වීමට බලපත්ර ලබා දෙන බව ද හෙතෙම කීය.
ඒ මහතා මේ බව කියා සිටියේ දැනට මෙරට තුළ වගා කර ඇති වගාවන්හි ෆාම් ඔයිල් නිෂ්පාදනය පරිභෝජනය සඳහා අවසර දෙන්නේ දැයි විපක්ෂ මන්ත්රී කුමාර වෙල්ගම මහතා විසින් අසනු ලැබූ ප්රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි
- Hits: 293