රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය පුරප්පාඩුවී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුවේදි පැවැසීය.
මහ ලේකම්වරයා මේ දැනුම් දීම කර ඇත්තේ නීති උපදෙස් ලබා ගැනීමෙන් පසුව යැයි ද නිවේදන යටතේ කතානායකවරයා කීය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරුවූ රන්ජන් රාමානයක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක සිර දඬුවම් ඉකුත් පෙබරවාරි මස 12 වැනි දා නියම කරනු ලැබීය.
කෙසේවෙතත් රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රී අසුන පුරප්පාඩු වී ඇතැයි දැන්වූ තීරණයට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් දැඩි විරෝධය දැක්වූහ