Divaina - වතුකරයත් අවදානම් - වතු අධිකාරිවරු කියති

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p13 1- පැමිණෙන සියලූදෙනා දැඩි පරීක්‍ෂාවකට ලක් කළ යුතුයි

- මත්ස්‍ය වෙළෙඳ පොළේ සේවය කළ බොහෝ පිරිසක් වතුකරයට ඇවිල්ලා

- කොවිඞ් 19 වසංගයත් සමග කොළඹ ඇතුළු විවිධ පිටස්තර ප‍්‍රදේශවල සිට වතුකරයට විශාල පිරිසක් පැමිණීමත් සමග වතුකරයේ ජන ජීවිතයට විශාල තර්ජනයක් එල්ලවීමේ අවදානමක් පවතින බව වතු අධිකාරිවරු පවසති.

මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වන එම වතු අධිකාරිවරුන් පවසනුයේ කොවිඞ් 19 වසංගත තත්වයන් හමුවේ කොළඹ, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළ ඇතුළු විවිධ ස්ථානවල සේවය කරන වතුකරයේ පිරිස් මේ වනවිට විශාල වශයෙන් කිසිදු පරීක්ෂාවකින් තොරව වතුකරයට පැමිණෙන බවත් එම තත්වයන් මත වතුකරයේ ජන ජීවිතයට දැඩි තර්ජනයන් එල්ලවීමේ අවදානමක් ඇති බවය.

මෙම තත්වයන්ගෙන් වතුකරයේ ජනතාව බේරා ගැනීම සඳහා වතුකරයට පැමිණෙන සියලූම දෙනා දැඩි පරීක්ෂාවට ලක් කිරීමට හෝ ඔවුන් පැමිණෙන ස්ථානවල අදාළ පොලිස් ස්ථානවලින් හෝ එම පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ලබාගත් සහතිකයක් පරීක්ෂා කිරීමට හෝ පියවර ගත යුතු බවද එම වතු අධිකාරිවරු පවසති. දැනටද වතුකරයේ වතු දෙක තුනකින් කොවිඞ් 19 ආසාධිතයන් කිහිප දෙනකුම හමුව ඇති බවත් එම තත්වයන් මත වතුකරයට පැමිණෙන සියලූම දෙනා කුමන හෝ පරීක්ෂාවකට ලක් කළ යුතු බවත් එසේ නොවුනහොත් ඉදිරියේදී වතුකරය තුළින් කොවිඞ් 19 ආසාධිතයන් විශාල වශයෙන් පැතිර යෑමේ අවදානමක් පවතින බවද ඔවුහු වැඩිදුරටත් පවසති.

හැටන් - මනුර සුදත් සෙල්ලහේවා

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles