Divaina - ජනපති සහ පොම්පියෝ අතර එකගතාවන් වහා රටට හෙළි කළ යුතුයි - අනුර කුමාර දිසානායක

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

anura1ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අතර සිදුකළ සාකච්ඡුාවලදී එළඹුණු එකඟතාවන් කුමක්ද යන්න රජය වහා රටට හෙළිදරව් කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (28 වැනිදා) පැවසීය.

එසේම විදේශ අමාත්‍යවරයා සමග සිදුකළ සාකච්ඡුාවලදී එළඹුණු එකඟතාවන් සහ බැහැර කළ යෝජනා පිළිබඳව ද රජය රටට ප‍්‍රකාශ කළ යුතු බව හෙතෙම පැවසීය.

මෙම සාකච්ඡුා සිදුවෙමින් තිබෙන්නේ අපේ මාතෘභූමියේ අනාගතය පිළිබඳව බැවින් මේ රටේ සෑම පුරවැසියකුටම මේ තොරතුරු දැනගැනීමේ අවශ්‍යතාව සහ අයිතිය ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

එසේ නොමැතිව ජනතාවගේ ඇස් වසා මෙරට ජාත්‍යන්තර යුද උගුලකට හසු කිරීමේ කිසිදු ගිවිසුමකට ඉඩ නොදිය යුතු යැයිද අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

සිරිමන්ත රත්නසේකර

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles