Divaina - ‘පොඩි ලැසී’ට ඇප

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september



 
 ගාල්ල ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි
 
 latiජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිපදෙනකුට ප‍්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් දෙවැනි චූදිතයා ලෙස නම් කර සිටින අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් ‘පොඩි ලැසී’ නමැත්තා රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප 04ක් මත මුදා හැරීමට ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (16 දා* පස්වරුවේ නියෝග කළේය.
 
 මෙසේ ඇප නියම වූයේ අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් ‘පොඩි ලැසී’ නමැත්තාටය. ඇප නියම නොකිරීමට හේතුවක් මතු නොවන නිසා දැඩි ඇප කොන්දෙසි මත ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා සැකකරුට ඇප ලබා දුන්නේය. දැනට ලබාගෙන ඇති දින 90 රැුඳවුම් නියෝගය ක‍්‍රියාත්මක වන බව සඳහන් කළ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා රැුඳවුම් නියෝගවවලින් පසු මෙකී සැකකරුට සතියකට දිනක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස ද නියෝග කළේය. එමෙන්ම එක් ඇපකරුවකු සෑම නඩු දිනයකම අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතු බව ද ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය. ඇපකරුවන් පදිංචිය සනාථ කළ යුතු බවත් පොලිස් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවත් මහෙස්ත‍්‍රාත්වරයා දැනුම් දුන්නේය.
 
 නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරීස් මහතා ඇප දීමට දැඩි විරෝධය පළ කළේය. මෙම සැකකරු හා තවත් අපරාධකරුවන් 11 දෙනකු එක්වී තම සහචරයන් ද යොදා ගෙන සුවිශේෂී ඝාතන කුමන්ත‍්‍රණයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව ද දිලීප පිරිස් මහතා අධිකරණයේ කරුණු දක්වමින් සඳහන් කළේය. එස්.ටී.එෆ්. ලොක්කා ඇතුළු එස්. ටී. එෆ්. නිලධාරින්ට අත් බෝම්බ ගසා මරාගෙන මැරිය යුතු බවත් එවිට තමන් ඉතිහාසගත වන බවත් මෙම සැකකරු විසින් ප‍්‍රකාශ කර ඇති බව ද නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණය ඉදිරියේ සඳහන් කළේය. පාතාලය සුරතල් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකරන බව ද මෙකී සැකකරුට එරෙහිව මිනීමැරුම් ඇතුළු නඩු ගණනාවක් ගාල්ල හා බලපිටිය, කොළඹ යන අධිකරණවල විභාග වෙමින් පවතින බව ද නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා පැවසීය. ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට මරණීය තර්ජනය කර ඇති බවට පැහැදිලි සාක්ෂි තිබෙන බවත් මෙය සුළුවෙන් සැලකිය යුතු කාරණයක් නොවන බවත් සඳහන් කළ දිලීප පීරිස් මහතා මෙය අතිශය බරපතළ තත්ත්වයක් බවත් ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම් ඉන්නේ අවුරුදු 05ක් බවත් ඉන් පසු බලා ගන්නම් කියා තිබෙන බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණය ඉදිරියේ සඳහන් කළේය. මෙකී නඩුවට ඉතිහාසයක් තිබෙන බවත් මෙකී සැකකරු අධිකරණයට රැුගෙන එන අවස්ථාවේ කඳුළු සැලූ බවත් සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා දැන් සැකකරුට උණගැනී ඇති බව ද පැවසීය. බන්ධනාගාර බස් රථයක් ලොරි රථයක් දමා හරස් කර ‘තනි ඇටයා’ නමැති පාතාලකරු ඝාතනය කිරීම සඳහා මොහු ඇතුළු සහචරයන් සැලසුම් කර ඇති බවට අනාවරණය වී ඇති බව සඳහන් කළ දිලීප පිරිස් මහතා මොහුට ඇප ලබා දීමට විරුද්ධ බව සඳහන් කළේය.
 
 විත්තිකාර ‘පොඩි ලැසී’ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ටිරන්ත වලලියද්ද මහතා සඳහන් කළේ මෙය තර්ජනය කිරීමක් හා රාජකාරිය බාධා කිරීමක් නිසා ඇප ලබාදිය හැකි බවයි. බී වාර්තාවේ කොතනකවත් ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට මරණීය තර්ජනය කළ බවක් සඳහන් නොවන බවත් එබැවින් මෙම නඩුවට අදාළව ඇප ලබා නොදීමට කිසිදු හේතුවක් නොමැති බවත් ජනාධිපති නීතීඥවරයා සඳහන් කළේය. සැකකරුට එරෙහිව මෙම නඩුවේ තිබෙන්නේ චෝදනා 02ක් බව සඳහන් කළ ජනාධිපති නීතීඥවරයා එය තර්ජනයක් හා රාජකාරියට බාධා කිරීමක් බව ද පැවසීය. මොහු දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින බවත් මොහුගේ ජීවිතයට යම් තර්ජනයක් වුවහොත් එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එය භාරගත යුතු බවත් ජනාධිපති නීතිඥ ටිරාන් වලලියද්ද මහතා අධිකරණය ඉදිරියේ සඳහන් කළේය. සැකකරුට 2016 හා 2017 වන වර්ෂවලදී තිබූ මිනීමැරුම් නඩුවලට ඇප ලබාදී ඇති බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. එම නිසා මෙම නඩුවට අදාළව මොහුට ඇප ලබාදෙන ලෙස අධිකරණයෙන් ඔහු ඉල්ලා සිටියේය.
 
 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටියේය.
 
 කරුණු සලකා බැලූ ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් ‘පොඩි ලැසී’ නමැත්තා රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් දශලක්ෂය බැගින් වූ ශරීර ඇප 04ක් මත මුදා හැරීමට නියෝග කළේය.
  

  

 

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles