Divaina - රියාජ්ගේ පෙත්සම විභාගයට නොගෙනම ප‍්‍රතික්‍ෂේප කරන්න... කාදිනල්තුමා වෙනුවෙන් අභියාචනාධි කරණයට අතර මැදි පෙත්සමක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 ඒ. ජේ. ඒ. අබේනායක
 
 නැවත අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතාගේ සොහොයුරු රියාජ් බදුර්දීන් විසින් ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ප‍්‍රතික්‍ෂේප කරන ලෙස ඉල්ලා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත කාදිනල්තුමා වෙනුවෙන් නිශාන්ත ලෝරන්ස් රාමනායක පියතුමා ඊයේ (16 දා* අභියාචනාධිකරණයට අතරමැදි පෙත්සමක් ගොනු කළේය.
 
 මෙම පෙත්සමෙන් ඉල්ලා ඇති පරිදි ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම මෙන්ම එම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමත් ප‍්‍රතික්‍ෂේප කරනා ලෙසත් නීතිඥ එම්. ජේ. එස්. ෆොන්සේකා මහතා විසින් ගොනු කර තිබූ එම අතරමැදි පෙත්සම මගින් සෙත්සරණ ආයතනයේ අධ්‍යක්‍ෂ ලෝරන්ස් රාමනායක පියතුමා අධිකරණයෙන් ඉල්ලා තිබේ.
 
 රියාජ් බදුර්දීන් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය වසරේ අපේ‍්‍රල් 21 වැනිදා දිවයිනේ පිහිටි කතෝලික දේවස්ථාන සහ ආර්ථික මර්මස්ථාන කිහිපයකට එකවර මරාගෙන මැරෙන බෝම්බ එල්ල කළ බෝම්බකරුවන්ට තහනම් අන්තවාදී සංවිධානයක් වන ජාතික තවුහිද් ජමාද් සංවිධානයට ආධාර අනුබලදීමේ චෝදනා සම්බන්ධයෙන් බවත් එකී චෝදනා බොහෝ දුරට සනාථ කළ හැකි සාක්‍ෂි හා තොරතුරු ඇති බවට පොලිස් දෙපාර්තමේන්තුව විසින්ම තහවුරු කළ බවත් පෙත්සම්කරු අධිකරණයට දන්වා තිබිණි. පොලිස් නිලධාරීන් තිදෙනෙකු විදේශීය ජාතිකයන් 45 දෙනෙකු ඇතුළු 259 දෙනකු කුරිරු ලෙස ඝාතනය කරමින් තවත් 500 දෙනකුට ආසන්න පිරිසකට තුවාල සිදු කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට හා අන්තවාදී සංවිධානයකට ආධාර අනුබල දුන් බවට සාක්‍ෂි ඇතැයි මාධ්‍ය හමුවේදීම අනාවරණය කළ පොලිස් දෙපාර්තමේන්තුව විසින්ම ඔහුව අධිකරණය හමුවට හෝ ඉදිරිපත් කිරීමකින් තොරව නිදහස් කිරීම තමන් ඇතුළු බොහෝ රට වැසියන්ගේ සිත් තුළ බලවත් සැකයක් හා කුතුහලයක් මතු කළ කරුණක් වන්නේ යැයිද පෙත්සම්කාර පියතුමා සිය පෙත්සම මගින් පෙන්වා දී තිබිණි.
 
 මෙරට තුළ පමණක් නොව සමස්ත ලෝකවාසීන්ම කම්පාවට පත් කළ මෑත කාලයේ සිදු වූ එකී අමානුෂික ප‍්‍රහාර සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ පොලිසිය එකී ඝාතනවලට විවිධ ආකාරයෙන් දායක වී ඇති සහ ආධාර අනුබල දී ඇති බව අනාවරණය කරගත් සැකකරුවන් 190 දෙනකුට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබූ බවත් ඉන් බහුතරයක් මේ වන විටත් රැුඳවුම් නියෝග මත රඳවා වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පෙත්සම්කරු එමගින් අධිකරණයට දන්වා තිබිණි.
 
 රියාජ් බදුර්දීන් නමැත්තා සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී බෝම්බ පුපුරුවා ගත් ඉන්ෂාන් අහමඞ් නමැත්තා සම`ග අවස්ථා හතකදී දුරකථන සංවාදයේ යෙදී ඇති බව අනාවරණය කරගෙන තිබියදීත් ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු නොකර ඔහු මුදාහැරීම
 
 මගින්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවල දුර්වලතාවයක් පවතින බව අනාවරණය කරගත් නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් යළි විධිමත් ආකාරයෙන් විමර්ශනයක් සිදු කරනා ලෙසට නියෝග කොට ඇතැයි ද පෙත්සම්කරු අධිකරණයට දන්වා තිබිණි. මෙකී කරුණු අනුව මෙකී සිද්ධිය පෞද්ගලිකව සැලකිය නොහැකි ජාතික ආරක්‍ෂාවට බලවත් තර්ජනයක් එල්ල වී ඇති කරුණක් වන හෙයින් රියාජ් බදුර්දීන් විසින් අධිකරණයට ඉදිරිපත් කොට ඇති පෙත්සමට අතරමැදි පාර්ශවකරුවකු ලෙස මැදිහත් වී සිය නීතිඥවරුන්ට කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙසටද හෙතෙම අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
 
 නීතිඥ මනිෂා දිසානායක, නීතිඥ රුක්ෂාන් සේනාධීර ඇතුළු නීතිඥ මඩුල්ලක් සම`ග ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටීමට නියමිතය.

  

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles