Divaina - රහස් පොලිසිය පොලිෂ් කෙරේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

කීර්ති වර්ණකුලසූරිය

cidබරපතළ ලෙස විෂමාචාර චෝදනා එල්ල වී ඇති රහස් පොලිසිය ශුද්ධ කිරීමට නැවතත් රජය තීරණය කර ඇත. මෙයට හේතු වී ඇත්තේ රහස් පොලිසියේ බලධාරීන් ජනපති, පොලිස්පති සහ නීතිපති අභිබවා ක‍්‍රියා කිරීමයි.

මේ වනවිට රහස් පොලිසියට චෝදනා රැසක් එල්ල වී ඇත. ඇතැම් රහස් පොලිස් නිලධාරීන් බොරු සාක්‍ෂි ගෙතීම, විදේශ තානාපති කාර්යාල සමග සබඳතා පැවැත්වීම, රහස් පොලිසියේ රහස් වාර්තා විදේශයනට ලබාදීම, නඩුවල බී වාර්තා මෙන්ම පරීක්‍ෂණ වාර්තා දේශපාලනඥයන්ට ලබාදීම යන චෝදනා එල්ල වී ඇති බව ඉහළ පෙළේ රජයේ ආරංචි මාර්ග පැවසීය.

රහස් පොලිසියේ හිටපු නිලධාරියකු විසින් නාවික හමුදාවේ නිලධාරියකු වූ ක‍්‍රිශාන්ත වෙලගෙදර ඔස්ටේ‍්‍රලියාවට යැවීමේ සිද්ධියක් ද මේ වනවිට හෙළි වී ඇත. මේ හැර හමුදා බුද්ධි සේවාවේ අතිශයින් රහසිගත තොරතුරු

ලබාගැනීමට ද රහස් පොලිසිය උත්සාහ කර ඇතැයි අනාවරණය වී තිබේ.

මෙයට වසර කිහිපයකට පෙර රහස් පොලිසියේ හතරවැනි තට්ටුවෙන් සැකකරුවන් දෙදෙනකු බිමට දැමීම හා විජය කුමාරතුංග ඝාතන නඩුවේ ප‍්‍රධාන සැකකරු අතුරුදන් කිරීම ගැනත් රහස් පොලිසියට චෝදනා එල්ල වී තිබුණි.

  

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles